උතුරු නැගෙනහිර ඇතුළුව ශී‍්‍ර ලංකාවේ සියලූ පළාත් ආවරණයවන ලෙසින් ටයර් අලෙවි නියෝජිතයන් 1500කට අධික පිරිසක් අතුරෙන් තෝරාගත් විශිෂ්ට අලෙවි නියෝජිතයන් 60ක් සිය පවුලේ සාමාජිකයන් සමගින් වාර්ෂිකව එක්රැස්වන මෙම රිචඞ් පීරිස් ටයර් සමාගමේ අලෙවි නියෝජිත සම්මාන උළෙල මෙරට ටයර් අලෙවි නියෝජිතයන් අතර ප‍්‍රකටව ඇත්තේ,"ටයර් අලෙවි නියෝජිතයන්ගේ පවුල්වල වසරේ සුහද හමුවක්" ලෙසිනි.
රිචඞ් පීරිස් ටයර් සමාගමේ වාර්ෂික අලෙවි නියෝජිත සම්මාන ප‍්‍රදානෝත්සවය මෙම වසරේදී සියුම් වෙනස්කම්වලට ලක් කරමින් නැවත පිරවූ ටයර් (Retreading)හා අලෙවිකරණය (Trading) යන දෙඅංශය වෙනුවෙන් සහතිකපත්, මුදල් ත්‍යාග හා විදෙස් සංචාර පිරි නැමුණි. එම සුවිශේෂී සම්මානයන්ට අමතරව, මෙවර සම්මාන උළෙලේදී,"කලාපීය සුවිශේෂත්වය"(Provincial Winner)හා වෙළඳනාම විශිෂ්ටත්වය, (Brand Excellance) යන සුවිශේෂීත්වයන් වෙනුවෙන් ද සම්මාන පිරි නැමුණි.
මෙහිදී ටයර් නැවත පිරවූ අංශයේ (Retreading) ප‍්‍රථම ස්ථානය, මීගමුවේ ආසිරි ටයර් ටේ‍්‍රඩර්ස් අධිපති, එච්.එම්. වසන්ත කුමාර මහතා දිනාගත් අතර, එම අංශයේ දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙලින් දික්වැල්ල ශාන්ති ටයර් මාර්ට් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, එම්. එච්. ටී. ජේ. ශාන්තිරත්න මහත්මිය හා රඹුක්කන සිසිර ටයර් හවුස් අධිපති, ඩබ්. ඒ. ඩබ්. ඩබ්. සිසිර කුමාර මහතා දිනා ගත් හ. අලෙවිකරණ (Trading) අංශයේ ප‍්‍රථම ස්ථානය මීගමුවේ ආසිරි ටයර් ටේ‍්‍රඩර්ස් අධිපති, එච්.එම්. වසන්ත කුමාර මහතා දිනාගත් අතර, ඔහුට හිමි සම්මාන ප‍්‍රදානය සිදු කෙරුණේ, විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙසින් සම්මාන උළෙලට සහභාගී වූ ඉන්දියාවේ බිර්ලා ටයර් සමාගමේ උප සභාපති, බයිජු රාධකි‍්‍රෂ්ණන් මහතා විසිනි.
එම අංශයේ දෙවන හා තෙවන ස්ථානයන් පිළිවෙලින් අනුරාධපුරයේ ඔටෝ ටයර් වේස් (පුද්)සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, පී. ඒ. සුනිල් පේ‍්‍රමරත්න මහතා හා පන්නල හිරුණි ටයර් හවුස් අධිපති, අයි. ඒ. කරුණාතිලක මහතා දිනා ගත් හ.මෙවර පැවති Success Trail – Top Dealer Awards -2012 සම්මාන උළෙල ට නාවින්න, කුරුණෑගල, මහනුවර හා වැලිගම පිහිටි රිචඞ් පීරිස් කර්මාන්තශාලාවල නිපඳවන ආපිඩැග්, ආපිකෝ හා ආර්පි රේඩියල් යන නැවත පිරවූ ටයර් අලෙවි කළ විශිෂ්ටතම අලෙවි නියෝජිතයන් 50ක් හා බිර්ලා ඉන්දියා(Birla - india),අල්ටිමා (Altima) ඔටෝමෝටිව් බැටරි හා "ආර්පි තී‍්‍ර සුපර්ස්ටාර්"තී‍්‍රවිලර් ටයර් යන ආනයනික ටයර් හා ටියුබ් අලෙවි කරන විශිෂ්ටතම අලෙවි නියෝජිතයන් 10ක් ආරාධනා ලැබූහ.
Success Trail – Top Dealer Awards -2012 අලෙවි නියෝජිත සම්මාන උළෙල අමතමින් රිචඞ් පීරිස් ටයර් සමාගමේ සාමාන්‍යාධීකාරී, ප‍්‍රදීප් සමරතුංග මහතා පැවසුවේ, "රිචඞ් පීරිස් ටයර් සමාගමේ නිෂ්පාදනවල ප‍්‍රමිතිය දිනෙන් දින ම වැඩිදියුණු කිරීමත්, කලට වෙලාවට එම නිෂ්පාදන ඔබ අතට පත්කිරීමත්, ආපිඩැග් ටයරය ධාවන කිලෝමීටරයකට අඩුම වියදමක් ඇති ටයරය ලෙස තවදුරටත් පවත්වා ගනිමින් වැඩිදියුණුකිරීමත් අපේ ඒකායන බලාපොරොත්තුවයි. ඉදිරියේදී අපේ ටේ‍්‍රඩින් අංශය තවදුරටත් ව්‍යාප්තකිරීමක් ලෙසින් සැහැල්ලූ වාහන සඳහා (PCR) ප‍්‍රමිතියෙන් වඩාත් උසස් රේඩියල් ටයරයක් ළඟදීම වෙළඳපොලට නිකුත්කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම මෝටර් සයිකල් හා තී‍්‍රවීලර් සඳහා වූ"බිර්ලා"ටයර් දැනටමත් අප වෙළඳපොලට එක් කර තිබෙනවා."යන්නය.
1932 දී ඇරඹූ රිචඞ් පීරිස් ටයර් සමාගමේ ටයර් නැවත පිරවීම, 1942 දී ආරම්භ කෙරුණි. එය ශී‍්‍ර ලංකාවේ පුරෝගාමී ටයර් නැවත පිරවීමේ කර්මාන්තශාලාව වූ අතර, එතැන් සිට සීඝ‍්‍ර වර්ධනයක් ඔස්සේ ගමන් කරමින් 1991 දී ඇමෙරිකාවේ බැග්ඩැග් සමාගම සමඟ එක්ව,"ආපිඩැග්"වෙළඳනාමයෙන් පෙරසවි නැවත පිරවූ ටයර් මෙරට වෙළඳපොලට එක් කළේ, මෙරට ටයර් නැවත පිරවීමේ කර්මාන්ත ට විප්ලවීය වෙනසක් ද එක් කරමිනි. පෙරසවි හා පාරම්පරික ක‍්‍රමයට නැවත පිර වූ ටයර් 50,000කට අධික ප‍්‍රමාණයක් මසකට වෙළඳපොළට නිකුත් කරන ශී‍්‍ර ලංකාවේ විශාලතම ටයර් නැවත පිරවීමේ සමාගමවන්නේ රිචඞ් පීරිස් ටයර් සමාගම ය.
http://sinhala.adaderana.lk/news.php?nid=25626