උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැටලුවෙහි වගකීම විපක්ෂය භාරගත යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රතිඵල වල ගැටලුව සම්බන්ධයෙන් අධිකරණයට යෑමට කටයුතු කළේද විපක්ෂයට සම්බන්ද ඇතැම් වෘත්තීය සමිති විසින් බවයි.
පසුගිය විභාගයේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු එ.ජා.පය හා ජ.වි.පෙට සම්බන්ධ වෘත්තීය සමිති විසින් එකී ප්‍රතිඵලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිසා මෙම අර්බුදය ඇතිවු බව හෙතෙම කියා සිටියි.
ඔවුන් විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ප්‍රතිඵලය ලැබුණු බවත්,එබැවින් සිසුන් විරෝධතා පෙළපාලි යා යුත්තේ විපක්ෂයට එරෙහිව බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
http://sinhala.adaderana.lk/news.php?nid=26160