පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මහ බැංකුව විසින් වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන සිය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකළ පසුව පිට පිටම තෙවැනි මාසය සඳහාත් සිය ප්‍රතිපත් පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව කටයුතු කරයි.
මේ අනුව, මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ 2013 මාර්තු මාසයේ මහ බැංකු පොලී අනුපාතය නොවෙනස්ව තබා ගැනීමට වන අතර ප්‍රති මිලදී ගැනීමේ පොලී අනුපාතය සියයට 7.50 ක් ලෙසත් ප්‍රති විකුණුම් පොලී අනුපාතය සියයට 9.50 ක් ලෙසත් මෙම මාසයේදීත් පවතිනු ඇති.
මේ වනවිට, උද්ධමනය සියයට 9.8 ක් දක්වා පසුගිය වසර තුන හතරක කාල සීමාවේදී දක්නට ලැබුණු ඉහළම අගයක් දක්වා වර්ධනය වී තිබීම නිසා තවදුරටත් පොලී අනුපාත පහත දැමීම උද්ධමනය වැඩිවීමට හේතුවක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් විසින් අනතුරු හඟවා තිබේ.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග මීට පෙර පැවසුවේ උද්ධමනය වැඩිවී තිබෙන්නේ සැපයුම් සාධක හේතුවෙන් බවත් ඉල්ලුම වැඩිවීම මේ සඳහා හේතුවී නොමැති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මාර්තු මාසයේ සිය මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් දක්වා තිබෙන්නේ මාර්තු මාසයෙන් පසුව උද්ධමනය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පසුගිය මාස 49 ක කාල සීමාව පුරාම මෙරට උද්ධමනය පැවතුණේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක් ලෙස බවයි.
පොලී වැඩිවීමට ඉඩ නෑ
මෙරට පොලී අනුපාත පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග සඳහන් කළේ ඉදිරියේදී පොලී අනුපාත වැඩිවීමට ඉඩක් නොමැති බවයි.
එනම් වැඩි ඉඩකඩ තිබෙන්නේ පොලී අනුපාත අඩුකිරීමට බව හෙතෙම සඳහන් කළේය.
මේ අනුව, උද්ධමනය පාලනය වනවිට ඉදිරියේදී මහ බැංකුව විසින් පොලී අනුපාතය අඩුකිරීමට බොහෝ දුරට හැකියාව තිබේ.
වාණිජ බැංකුවල කල් මැරීම
පසුගිය දෙසැම්බර් මාසයේදී මහ බැංකුව විසින් සිය පොලී අනුපාත අඩුකළ පසුව සුරැකුම් පත් වෙළඳ පොළේ පොලී අනුපාතය සෑම සතියකම පාහේ අඩුවනු දකින්නට ලැබුණු අතර වාණිජ බැංකුවල පොලී අනුපාතය එයට සාපේක්ෂව අඩු නොවුණි.
මේ අනුව, සාමාන්‍ය ජනතාව චෝදනා කරන්නේ මහ බැංකු පොලී අනුපාත වැඩිවූ විගසම තමන්ගේ පොලී අනුපාත වැඩිකිරීමට කටයුතු කරන මෙරට වාණිජ බැංකු පොලී අනුපාත අඩුකළ විට එයට මන්දගාමී ලෙස ප්‍රතිචාර දැක්වීම කණගාටුවට කරුණක් බවයි.
මෙරට ලාභ ලබන පුද්ගලික ආයතන අතර වාණිජ බැංකු ඉදිරියන්ම සිටී.
මහ බැංකුවේ ඉල්ලීම
මේ අනුව, මහ බැංකුව පවසා තිබෙන්නේ වාණිජ බැංකු විසින් දැනට තිෙබන ඔවුන්ගේ පොලී අනුපාත අඩුකළ යුතුව ඇති බවයි.
දෙසැම්බර් මාසයේදී මහ බැංකුව පොලී අනුපාත අඩුකර මාස දෙකක් ගෙවී ගොස් තිබෙන නමුත් වාණිජ බැංකුවල තැන්පතු පොලී අනුපාතය සහ ණය දෙන පොලී අනුපාතය තවමත් ඉහළ බව මහ බැංකුව අවධාරණය කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1462419226