ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය පහත වැටී තිබෙන බව නවතම රජයේ නිළ දත්ත මගින් අනාවරණය වේ.
මේ අනුව, 2013 ජනවාරි මාසයේදී මෙරට විදේශ සංචිතය 2012 දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 22 කින් පහත වැටී ඩොලර් මිලියන 6,855 ක්ව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙම සංචිත ප්‍රමාණය මාස 4.4 ක ආනයන සඳහා ප්‍රමාණවත් වන බවයි.
මේ අතර, 2013 ජනවාරි මාසයේදී මෙරට අපනයන සියයට 21.3 කින් ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව අඩුවී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=263043203