කලක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටි ප්‍රවාහන අමාත්‍යංශයේ වත්මන් ලේකම් මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් “වැලිබල් වන්“ සමාගම කොටස් නිකුතුවකට සූදානම් වේ.
මේ අනුව, සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොළට දැනුම් දී තිබෙන්නේ එකක් රුපියල් 25 ක් බැගින් වන කොටස් මිලියන 21 ක් අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 532 ක් රැස්කර ගැනීමට සමාගම සූදානම් බවයි.
මෙම කොටස් නිකුතුව ජුනි 21 වනදා මහජනතාව සඳහා විවෘත වේ.
“වැලිබල් වන්“ සමාගම සතුව රෝයල් සෙරමික්ස්, එල්.බී. ෆිනෑන්ස් හා සම්පත් බැංකුවේ කොටස් තිබෙන අතර මේ වනවිට සංචාරක කර්මාන්තයට අදාළ දේපොළ සංවර්ධනයේද යෙදී සිටී.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2632&Itemid=37