ශ්‍රී ලංකාවේ ධීවරයන් ජාත්‍යන්තර ධීවර නීති උල්ලංඝනය කරමින් සිදු කළ මසුන් මැරීම නතර කිරීමට බලධාරීන් අපොහොසත්වීම වීම හේතුවෙන් 2014 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවෙන් අපනයන කරන මත්ස්‍ය නිෂ්පාදන සඳහා තහනමක් පැනවිණි.
පසුගිය මාසයේ ධීවර අමාත්‍යංශයේ ලේකම්වරිය ප්‍රධාන ශ්‍රී ලංකා රජයේ නියෝජිත මණ්ඩලයක් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වුණු සාකච්ඡා වලින් අනතුරුවයි ඉහත කී මුලික අනුමැතිය ප්‍රකාශයට පත්කරනු ලැබුණේ.
යුරෝපා සංගමයේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණ වර්තමාන තත්වය අධීක්ෂණයෙන් පසු සිදුකෙරෙන අවසාන සාකච්ඡාවේ දී තහනම සහමුලින්ම ඉවත්කිරීමට පියවර ගනු ඇතැයි ද අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.
ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම් සිදු නොවීම පිණිස ධීවරයන් දැනුවත් කිරීම සඳහා යම් ආකාරයක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ දැයි සංදේශය විමසූ විට ඇමතිවරයා පැවසුවේ එවැනි වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳව යුරෝපා සංගමය සෑහීමකට පත් වන බැවින් මෙවැනි මූලික අනුමැතියක් ලබා ගැනීමට හැකියාව ලැබුණු බවයි.
යුරෝපා සංගමය පැනවූ මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් විශාල ආර්ථිකමය පාඩුවක් සිදුවූ අතර නැවතත් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට අපනයනය කරන්නට ලැබෙන අවස්ථාව තුළින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දිය හැකි වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.