Sri Lanka finance firm IPO oversubscribed
අද නිකුත් කෙරුණු Trade Finance and Investments Limited (TIFL) සමාගමේ කොටස් සඳහා අද දිනය තුළදීම අධි ඉල්ලුමක් ඇතිවී තිබේ.
මේ අනුව, මෙම මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් තීරණය කර තිබෙන්නේ අද පස්වරු 4.30 ට කොටස් නිකුතුව අවසන් කිරීමටයි.
Trade Finance and Investments සමාගම එකක් රුපියල් 20 ක් බැගින්වූ සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 06 ක් නිකුත් කළ අතර මෙම කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තු ගත කිරීමට නියමිතය.
මෙම නිකුතුව මගින් සමාගම රැස්කර ගන්නා රුපියල් මිලියන 120 ක් වන මුදල සමාගමේ ප්‍රාග්ධනය ශක්තිමත් කර ගැනීම සඳහා යොදවන බව වැඩිදුරටත් සඳහන්ය.
මීට අමතරව, මෙම මුදල් වලින් නව ශාඛා ආරම්භ කිරීමටද අදහස් කර තිබෙන බව සමාගම කියයි.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3240&Itemid=56