Thursday, 06 October 2011 17:23
Sri Lanka stocks end down 0.4-pct
අඩු මිලට මිලදී ගැනීමට හැකි කොටස් වලට ආයෝජකයින් වැඩි උනන්දුවක් දැක්වූ අද දිනයේදීද පිට පිටම තෙවන වතාවටත් කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පහළ ගියේය.
මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 0.43 කින් පහළ ගොස් ඒකක 6,677.84 ක් ලෙසින් සටහන් වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.47 කින් පහළ ගොස් ඒකක 5,938.60 ක් ලෙස දැක්වුණි.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.19 ක් විය.
අද දිනයේදී eChannelling කොටස් සක්‍රීය ලෙස ගනුදෙනු වූ අතර කොටසක් ශත 20 කින් පහළ ගොස් රුපියල් 9.60 ක් ලෙසත් Panasian Power කොටසක් ශත 20 කින් ඉහළ ගොස් රුපියල් පහක් ලෙසත් සටහන් විය.
මේ අතර, Ceylon & Foreign Trades කොටස්ද සක්‍රීයව අද ගනුදෙනු වූ අතර කොටසක් ශත 40 කින් පහළ ගොස් රුපියල් 11 ක් වුණි.
පසුගිය දින කිහිපය මුළුල්ලේම මිල වැඩිවී පසුව මිල අඩුවූ Regnis (Lanka) කොටසක මිල අද රුපියල් 42.80 කින් ඉහළ ගිය අතර එම කොටසක් ගනුදෙනු අවසානයේදී රුපියල් 477.50 ක් දක්වාත් Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 3.10 කින් වැඩිවී රුපියල් 354.60 ක් දක්වාත් Capital Alliance Holdings කොටසක් රුපියලකින් වැඩිවී රුපියල් 39.10 ක් දක්වාත් ඉහළ ගියේය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=category&layout=blog&id=50&Itemid=56