Sri Lanka stocks end up 0.3-pct
පිට පිටම දින තුනක් පහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අද ඉහළ ගිය අතර අද දිනයේදීත් කොටස්වල නියම වටිනාකම නොසලකා සූදුවට මෙන් කොටස් මිලදී ගන්නන් සක්‍රීයව ගනුදෙනු කර තිබේ.
මේ අනුව, අද සමස්ත මිල දර්ශකය සියයට 0.31 කින් ඉහළ ගොස් ඒකක 6,698.83 ක්වූ අතර මිලංක මිල දර්ශකය සියයට 0.67 කින් ඉහළ ගොස් ඒකක 5,978.14 ක් විය.
දිනයේ වෙළඳ පොළ පිරිවැටුම දැක්වුණේ රුපියල් බිලියන 2.3 ක් ලෙසිනි.
Regnis (Lanka) කොටසක මිල අද එක් අවස්ථාවක රුපියල් 508 ක නව වාර්තාගත මිලකට වැඩිවූ අතර දිනයේ ගනුදෙනු අවසානයේදී රුපියල් 28.70 කින් ඉහළ ගොස් රුපියල් 506.20 ක් ලෙස සටහන් වුණි.
Laugfs Gas ඡන්ද රහිත කොටසක මිලද අද රුපියල් 3.50 කින් වැඩිවූ අතර එහි මිල රුපියල් 29.50 ක් ලෙස දැක්වුණි.
මීට අමතරව, Blue Diamonds Jewellery Worldwide ඡන්ද රහිත කොටසක මිල ශත හතලිහකින් වැඩිවී රුපියල් පහක්ද, ඡන්ද සහිත කොටසක් ශත 70 කින් වැඩිවී රුපියල් 10.10 ක්ද විය
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3296&catid=50:puwatharthika&Itemid=56