සුළු පරිමාණ ආයෝජකයන් 500 දෙනකු සපුරාලීම හේතුවෙන් සෑම මූලික මහජන කොටස් නිකුතුවකින්ම 10% ක කොටස් ලබාගැනීමේ සුදුසුකම සිලෝන් ෂඡධ අරමුදල දිනා ගත්තේය. මෙම අරමුදල අධිදායකත්වයක් ඇති විය හැකි ෂඡධ වල ආයෝජන කරනු ලබයි. එසේ අත්වූ කොටස් විකිණීමට හැර, කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙනත් කොටස්‌වල ආයෝජනය නොකරනු ලැබේ. අමතර අරමුදල් ආරක්‌ෂාකාරී පොලී උපයන ස්‌ථිර ආදායම් මාර්ගයන්හි ආයෝජනය කරන අතර ආයෝජකයන්ට ආදායම් බදු වලින් නිදහස් ප්‍රතිලාභයක්‌ද හිමි කර ගත හැක.
ශීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයක් සමගම ප්‍රාග්ධන සෙවීම පිණිස කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසෙන සමාගම් නොකඩවා මූලික මහජන නිකුතු ෂඡධ සිදු කරනු ඇතැයි සිලෝන් ඇසට් මැනේඡ්මන්ට් ආයතනය විශ්වාසය කරයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්තමාන මිල ඉපයුම් අනුපාතය (P/E ratio) 17 ගුණයක් වේ. මෙම ඉහළ වටිනාකම නිසා මූලික මහජන නිකුතු (IPO) සඳහා ඉතා සුqදුසු වාතාවරණයක් ශ්‍රී ලංකාවේ උදාවී ඇත.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සුළු පරිමාණ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළේ ආයෝජන දිරිමත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් දියත් කර ඇත. මේ යටතේ ආයෝජකයන් 500 දෙනකු පමණ සහභාගි වූ ප්‍රචාරණ ව්‍යාපාරයක් මීගමුවේදී පවත්වන ලදී. මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේදී ආයෝජකයන් 57 දෙනකු සිලෝන් ෂඡධ අරමුදලේ ආයෝජනය කළ අතර ඔවුන් සඳහා කුසපත් ඇදීමක් සිදු කරන ලදී. එම දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා වූයේ රද්දොළුගම පදිංචි ඩී. එම්. එස්. චන්ද්‍රසිරි මහතාය. ඒ මහතා රු. 10,000 ක් වටිනා සිලෝන් ෂඡධ අරමුදල් සහතිකයක වාසනාවන්ත හිsමිකරු විය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂ ජනරාල් මලික් කාදර් මහතා විසින් මීගමුවේදී සිදු කළ කුසපත් ඇදීමෙන් ජයග්‍රහණය කළ ඩී. එම්. එස්. චන්ද්‍රසිරි මහතාට රු. 10,000 ක් වටිනා සිලෝන් ෂඡධ අරමුදල් සහතිකපත් පිරිනමන ලදී. මෙම අවස්‌ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‌ෂ නාමල් කමල්ගොඩ මහතාද සිලෝන් ඇසට් මැනේඡ්මන්ට් ආයතනයේ ජයනි වික්‍රමනායක, ප්‍රවීන් ප්‍රනාන්දු සහ ශෂිනි ස්‌ටෙම්බෝද සහභාගි විය.
දිවයින - 12/10/11