චීනය ලබාගත් අනපේක්ෂිත අඩු ආර්ථික වර්ධනයත් සමග අඟහාරුවාදා දිනයේදී ආසියානු කොටස් වෙළඳ පොළවල් කඩා වැටී තිබෙන අතර ප්‍රංශයේ ණය වර්ගීකරණය පහළ දැමීමට සිදුවනු ඇතැයි මූඩීස් ආයතනය අනතුරු හඟවා ඇතැයි වාර්තා වේ.
මේ අනුව, ටොකියෝ කොටස් වෙළඳ පොළ සියයට 1.55 කින්ද, සිඩ්නි කොටස් වෙළඳ පොළ සියයට 2.07 කින්ද, සෝල් කොටස් වෙළඳ පොළ සියයට 1.41 කින්ද, කඩා වැටුණු බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
මීට අමතරව, හොංකොං කොටස් වෙළඳ පොළේ Hang Seng දර්ශකය සියයට 4.23 කින් පහළ ගොස් තිබෙන අතර ෂැන්ග්හයි කොටස් වෙළඳ පොළ සියයට 2.33 කින් කඩා වැටී තිබේ.
චීනය නිවේදනය කර තිබෙන්නේ තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 9.1 ක් දක්වා අඩුවී තිබෙන බවත් කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු සුළු වශයෙන් අඩුවී තිබෙන බවයි.
චීනයේ ආර්ථික වර්ධනය මීට වඩා වැඩිවනු ඇති බවට මීට පෙර ආර්ථික විශ්ලේෂකයින් පුරෝකතනය කර තිබුණි.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3357&Itemid=56