Sri Lanka Odel plans new stores as first half profits rise
පසුගිය කාලයේදී මෙරට ඇඟලුම් ඇතුළු විලාසිතා භාණ්ඩ අලෙවි ශාඛා රැසක් ආරම්භ කළ මෙරට ප්‍රකට විලාසිතාගාරයක් වන ඔඩෙල් සමාගම් සමූහයේ නවතම ගිණුම් වාර්තා ගැන තොරතුරු හෙළිවෙයි.
මේ අනුව, සමාගම් සමූහය පවසා තිබෙන්නේ 2011 සැප්තැම්බර් 30 අවසන් වන මාස 06 තුළදී සමාගමේ ශුද්ධ ලාභය සියයට 21 කින් වැඩිවී රුපියල් මිලියන 122 ක් වූ බවයි.
පැරණි ශාඛාවල හා නව ශාඛාවල අලෙවිය වැඩිවීම මෙසේ ලාභය වැඩිවීමට හේතුව බව මෙරට ප්‍රකට ව්‍යාපාරිකාවක වන ඔටාරා ගුණවර්ධන මහත්මියට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ඔඩෙල් සමාගම් සමූහය සඳහන් කර ඇත.
ඔඩෙල්හි සමාරම්භකයා හා එහි වත්මන් ප්‍රධාන විධායක ධූරය දරන්නේ ඇයයි.
මේ වසරේ පළමු අර්ධයේදී සමාගමේ අලෙවිය සියයට 13 කින් වැඩිවී අලෙවි ආදායම රුපියල් බිලියන 1.7 ක්වී තිබෙන අතර කොටසකට අදාළ ලාභය ශත 74 ක සිට ශත 84 ක් දක්වා වැඩිවී ඇත.
මේ වසරේ මුල් අර්ධයේ ගිණුම් වාර්තා වලින් හෙළිවන්නේ මේ කාලයේදී සමාගමේ මූල්‍ය හා බෙදාහැරීමේ වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වන අතර මූල්‍ය වියදම් සියයට 53 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 45 ක්ද බෙදාහැරීමේ වියදම් සියයට 30 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 106 ක්ද වී තිබේ.
මේ වනවිට, සමාගම සතුව අලෙවි සැල් 16 ක් තිබෙන අතර තවත් අලෙවි සැල් තුනක් පමණ අළුතින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව කියයි.
http://vimasuma.lk