තනතුරෙන් ඉවත් කිරීමේ උත්සාහයක් ඇතැයි පසුගියදා රාවයක් පැතිරුණු අයුතු කොටස් ගනුදෙනු වලට එරෙහිව කටයුතු කළ මලික් කාදර් මහතා ඔහු දරණ තනතුරෙන් ඉවත් කිරීමට තමාට උපදෙස් ලැබී නොමැති බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය කියයි.
“මගේ දැනුමේ හැටියට එහෙම දෙයක් නෑ.“
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ 24 වන සංවත්සරය සැමරීමට කොළඹදී පැවති ආයෝජන දිනයේදී වාර්තා කරුවන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළාය.
“මට ඒ පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් කර නෑ. ඔබ දන්නවානේ කටකතා කියන්නෙ කටකතා.“
යනුවෙන්ද ඇය පැවසුවාය.
පසුගිය බ්‍රහස්පතින්දා සිට කොළඹ කොටස් තැරැව්කරුවන් අතර රාවයක් පැතිර ගියේ සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් මහතා අදාළ තනතුරෙන් ඉවත් කර හෝ ඔහු සිය තනතුරෙන් ඉවත් වී ඇති බවයි.
පසුගිය කාලයේදී කොටස් වෙළඳ පොළ වංචා වලට එරෙහිව කටයුතු කළ ඔහුට ප්‍රබල ආයෝජකයින්ගේ විරෝධය එල්ලවී තිබෙන බවද එහිදී කියවුණි.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3384&Itemid=56