Sri Lanka Chevron unit September net up 53-pct
Chevron ලිහිසි තෙල් සමාගමේ මෙරට ශාඛාව 2011 සැප්තැම්බර් කාර්තුවේදී සිය ගිණුම් වාර්තා එළි දක්වා තිබේ.
මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ සමාගමේ මෙරට ඒකකයේ ශුද්ධ ලාභය සැප්තැම්බර් කාර්තුවේදී සියයට 53 කින් වැඩිවී රුපියල් මිලියන 603 ක්වී තිබෙන බවත් සිය ලිහිසි තෙල් අලෙවියේ ඇතිවී තිබෙන වර්ධනය මෙයට හේතුවී තිබෙන බවයි.
මේ කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 5.03 ක් දක්වා වැඩිවී තිබෙන අතර එය පැවතුණේ රුපියල් 3.29 ක් ලෙසිනි.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු නැගෙනහිර වෙළඳ පොළවල් විවෘත වීමත් රටේ ආර්ථික වර්ධනය වැඩිවීමත් සමග සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ ලිහිසි තෙල් අලෙවිය සියයට 23 කින් ඉහළ ගොස් අලෙවි ආදායම රුපියල් බිලියන 03 ක් වී තිබේ.
http://vimasuma.lk