Thursday, 27 October 2011 10:18
Ex-Goldman director Gupta charged with fraud
රාජ් රාජරත්නම් සමග වංචා සහගත කොටස් ගනුදෙනු කිරීමේ චෝදනාවට ලක්වූ Goldman Sachs සමාගමේ හිටපු අධ්‍යක්ෂ රාජට් ගුප්ටා හට ඇප ලබාදීමට මත්තෙන් ඔහු තමාව වරදකරුවෙකු නොකරන ලෙස අධිකරණයෙන් ඇයද සිටි බව වාර්තා වේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ සමාගම්වල අභ්‍යන්තර තොරතුරු යොදා ගනිමින් වංචා සහගත ලෙස කොටස් ගනුදෙනු කිරීමට අදාළව තවමත් විභාග වන ශ්‍රී ලංකාවේ උපන් ගැලියන් අරමුදලේ ප්‍රධානී රාජ් රාජරත්නම්ට එරෙහි නඩුවේ චූදිතයෙකු වූ රාජට් ගුප්ටා හට ඩොලර් මිලියන 10 ක ඇපයක් ලැබී තිබෙන බවයි.
2009 වසරේ සිට මේ දක්වා වංචා සහගත අයුරින් කොටස් ගනුදෙනු කිරීමේ වරදට 50 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඇමරිකාව කොටුකර ගෙන තිබෙන අතර ඉන්දියාවේ ඉපදුණු ගුප්ටා ඉදිරිපත් කර තිබෙන්නේ Manhattan හි පිහිටි අධිකරණයක් වෙතයි.
Goldman සමාගමේ කොටස් මිලදී ගනිමින් අයුතු ලෙස ලාභ ලැබුවයි රාජ් රාජරත්නම්ට චෝදනා එල්ල වී තිබේ.
ගුප්ටා වෙත චෝදනා පහක් ඉදිරිපත් වූ බවත් ඔහුට ඇප ලබාදීමට පෙර විනිසුරුවරයා ඔහුගේ ගුවන් බලපත්‍රය අධිකරණයට ලබාගත් බවත් වැඩිදුරටත් සඳහන්ය.
ඇමරිකාව තුළදී කොටස් වංචාවන්ට අදාළව ලොකුම දඬුවම පසුගියදා හිමිවූ රාජ් රාජරත්නම් හා ගුප්ටා අතර සිදුවී තිබෙන දුරකතන සංවාද කිහිපයක්ද අධිකරණය විසින් නඩු විභාගයේදී විකාශය කර තිබේ.
මූල්‍ය අර්බුදය පැවති සමයේදී වොරන් බෆට් විසින් Goldman Sachs සමාගමේ ඩොලර් බිලියන 05 ක් ආයෝජනය කිරීමට යනබව ගුප්ටා විසින් රාජරත්නම්ට කලින්ම ඔත්තුවක් දී දැනුම් දී ඇතැයි සඳහන්ය.
මීට අමතරව, මෙම සමාගමේ තවත් තොරතුරු රැසක් නීති විරෝධී අයුරින් ගුප්ටා විසින් රාජරත්නම්ට ලබාදී තිබෙන බවට චෝදනා එල්ලවී ඇත.
http://www.vimasuma.com