අඩුකිරීමටත් රාජ්‍ය ආයෝජන වැඩිකිරීමටත් ඵලදායීතාවය වැඩිකිරීමටත් ඉලක්ක කර
තිබෙන බව අනාවරණය වේ.
රජය විසින් මීට පෙර සඳහන් කර තිබෙන පරිදි 2012 අයවැය මගින් අයවැය හිඟය
සියයට 6.2 ක් දක්වා අඩුකිරීමට සැලසුම් කර තිබෙන අතර 2011 අයවැය හිඟය දළ
දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.8 ක් දක්වා අඩුකිරීමට සැලසුම් කර තිබුණි.
2012 වසරේදී රාජ්‍ය ආයෝජන සියයට 6.0 ක මට්ටමක පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.
මෙම ඉලක්ක සපුරා ගැනීමට හැකිවුවහොත් රජයේ ආදායම් හිඟය දළ දේශීය
නිෂ්පාදිතයෙන් සියයට 0.2 ක් දක්වා අඩුවන අතර අයවැයේ ජංගම ගිණුම බොහෝදුරට
තුලිතභාවයට පත්වේ.
මේ අනුව, එදිනෙදා වියදම් සඳහා රජයේ බදු ආදායම් වලින් ලැබෙන ආදායම් ප්‍රමාණවත් විය හැකිය.
එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් රජය ලබාගන්නා ණය රාජ්‍ය ආයෝජන වෙනුවෙන් යෙදවිය හැකිය.
මීටඅමතරව, අයවැය හිඟය අඩුකර ගැනීම තුළින් පොලී අනුපාත වලට ඇතිවිය හැකි
පීඩනය අඩුකර ගත හැකි අතර රජයේ වියදම් පියවා ගැනීම සඳහා මහ බැංකුවට මුදල්
අච්චු ගැසීමට අවශ්‍ය වන්නේ නැත.
එවිට උද්ධමනය අඩු මට්ටමක පවත්වා ගැනීමටත් ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමටත් අවස්ථාව ලැබේ.
source:
http://www.vimasuma.com