Tuesday, 20 December 2011 13:03
Sri Lanka revises liquid stock index
කොළඹ කොටස් වෙළඳ පොළ සිය මිලංක මිල දර්ශකයට ඇතුළත් වන සමාගම්වල වෙනසක් සිදුකර තිබෙන අතර මෙහිදී සමාගම් හතක් අළුතින් එකතු කර ගනිමින් ඩයලොග් සමාගම ඇතුළු සමාගම් හතක් දර්ශකයෙන් ඉවත් කර තිබේ.
මෙහිදී, Central Finance, DFCC බැංකුව, Union බැංකුව, Lanka Orix Leasing සමාගම, Free Lanka Capital, Colombo Land සහ Vallibel One යන සමාගම් 2012 මුල් අර්ධය වෙනුවෙන් මිලංක මිල දර්ශකයට ඇතුළත් කර තිබේ.
Dialog Axiata, Hemas Holdings, Janashakthi Insurance, John Keells Hotels, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව, Nawaloka Hospitals සහ Pan Asia බැංකුව මෙම දර්ශකයෙන් ඉවත් කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ කටයුතු කර ඇත.
මීට අමතරව, මිලංක මිල දර්ශකයට ඇතුළත් වන අනිකුත් සමාගම් වන්නේ Commercial බැංකුව, HNB, LB Finance, NTB, Sampath බැංකුව, Aitken Spence, John Keells Holdings, Richard Pieris, Softlogic Holdings, Ceylon Grain Elevators, Piramal Glass, Royal Ceramics, Laugfs Gas, Lanka Hospitals, Browns and Environmental Resource Holdings යන සමාගම්ය.