රන් දොර ඩොට් එල් කේ
ඊයේ රන් දොර ස්වකීය දවසේ වෙළෙඳ පොල විවරණයෙන් සදහන් කල පරිදිම මේ වන විට කොළඹ කොටස් වෙළෙඳ පොළ සියළු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 5000 සීමාව පසු කරමින් තීරනාත්මක 4700 යේ මිළඟ සහායක අදියර දක්වා ගමන් කරමින් තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොල විශ්ලේෂකයෝ පවසති .
රන් දොර ඩොට් එල් කේ
අද දවස තුල කොළඹ කොටස් වෙළෙඳ පොළ සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 4968.89 දක්වා සියයට 4.44 ක් හෙවත් ඒකක 231 කින්ද පහළ ගොස් ඇත.
බාට්ලිටි කොටස් තැරුවිකාර සමාගම කලින් පවසා තිබුනේ මෙම දර්ශක අගය 5000 ක මට්ටමකට ඇදි යන බවත් එම සිමාවද පසු කල හොත් කොටස් වෙළෙඳ පොල තාක්ෂන විශ්ලේෂනය අනුව ඊළඟ මිල ඉහළ යන Fibonacci අදියර ඒකක 4700 බවයි.
මිලංක මිල දර්ශකයද 4800 යේ තිරණාත්මක සිමා පසු කරමින් මේ වන විට 4400 සහායක අදියර දක්වා ගමන් කරමින් තිබෙන බවද එම වාර්තාව කියයි.
රන් දොර ඩොට් එල් කේ
ඉහළ යන පොලි අනුපාත තත්ත්වයන් තුල රටේ ඇතිව ඇති උද්ධමන භීතිය හා රුපියල මත දැඩිව මේ දිනවල කරන බලපැමද හා ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ තැති ගැන් වුන ආයෝජකයින් මෙලෙස කොටස් වෙළෙඳ පොලින් ඉවත් ව යන බවත් ඒ අතරේ විශාල වශයෙන් ආන්තික ණය මත යැපුන ආයෝජකයින් මත සිදු කරන බලහත්කාර විකුණුම් දැඩ්ව දර්ශක අගය පහළ යාමට රුකුල් දි ඇති බවයි.
රන් දොර ඩොට් එල් කේ
දැඩි නියාමන රේගුලාසි සිදු කිරිමේ වරදට කොළඹ කොටස් නියාමන ප්‍රධානින්ව සිටි මලික් කාදර් හා ඉන්ද්‍රනි සුගතදාසට ස්වකිය තනතුරු අහිමි වු බව මේ වන විට කොළඹ කොටස් පිළිබඳ සාමාන්‍ය උනන්දුවක් ඇති සියළු දෙනාම පාහේ දන්නා ප්‍රසිද්ධ රහසක් වන අතර ඊට අමතරව තැරුවිකරුවන් ඉල්ලු ඉල්ලිම් බොහෝමයක්ද මේ වන විට රජය මගින් ඉටු කර ඇත.
රන් දොර ඩොට් එල් කේ
එවැනි වටා පිටාවක දිගින් දිගටම කොටස් වෙළෙඳ පොළ පහළ යාමට රටේ මේ දිනවල ඇතිව තිබෙන ආර්ථීක අවිනිශ්ච්ත තත්ත්වයනට වඩා තැරුවිකරුවන් සිදු කරන බලහත්කාර විකුණුමි ප්‍රධාන වන බව විශ්ලේෂකයෝ පවසති. lbt dot lk