ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමේ කොටස් වැඩි මිලට ගැනීම
த பினான்ஸ் கம்பனியின் பங்குகள் கூடிய விலைக்கு கொள்வனவு
PURCHASE OF THE FINANCE COMPANY SHARES AT A HIGHER PRICE BY NSB
ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
(மாண்புமிகு கலாநிதி ஹர்ஷ த சில்வா)
(The Hon. (Dr.) Harsha De Silva)
Thank you, Mr. Deputy Chairman of Committees for giving me this opportunity to move the following Adjournment Motion:
“All deposits and interest earned thereon of the National Savings Bank (NSB) is fully guaranteed by the Government of Sri Lanka as a charge on the Consolidated Fund as expressed explicitly in the statute governing the Bank: NSB Act No. 30 of 1971. It is therefore imperative that the NSB is extra cautious in its investments to ensure that the funds of its Rs. 16.7 million deposit accounts are safeguarded.
Thus, a transaction on 27th April 2012, where NSB had purchased close to Rs. 8 million shares of the loss-making and high risk The Finance Company (TFC) at a price of approximately 65 per cent above the established market price at the Colombo Stock Exchange (CSE) raised immediate alarm bells. The fact that it was later revealed that proper procedure was not followed in the decision to purchase the said shares at such an inflated price and the fact that the sellers, buyers and brokers were all connected in one way or another triggered massive protests from various parties including depositors. With confidence in the NSB falling and depositors beginning to withdraw deposits from the Bank, the unprecedented decision by the NSB to unilaterally cancel the CSE transaction on the directive of the Secretary to the Treasury created a new crisis of confidence in the financial markets. Ironically, the NSB is now attempting to shift public attention from the allegedly corrupt transaction to taking credit for having stopped the same.
Article 148 of the Constitution gives Parliament full control of public finance. Given the unique Act under which the NSB was established the said transaction and the fallout of the same becomes directly relevant to this House. The UNP publicly urged that the Board of Directors of the NSB be removed immediately and the "fit-and-proper" criteria of the entire Board of Directors of TFC re-examined to assess whether they should remain as Directors. We also demanded that all persons found guilty of this transaction be punished by law based on the alleged frauds committed by them individually and collectively.
However we note that none of the above has happened. Therefore, we ask the Minister of Finance the following questions:
1. Why was the transaction wherein the NSB purchased almost Rs. 8 million shares of loss-making TFC on or around 27th April, 2012 stopped?
2. Why has the Board of Directors of the NSB not removed for having committed the allegedly fraudulent transaction? What is the justification for these individuals to remain on the Board given the clear criteria for the assessment of being "fit and proper" to serve on a Board of a financial institution?
3. Will he table the applications filed with the Central Bank and the Central Bank’s assessment of "fit-and-proper" criteria of each Director of TFC and justify on what basis no member of the Board has been removed on reassessment of the said "fit-and-proper" criteria?
4. What action has the Securities and Exchange Commission taken on the various parties involved in this transaction and what action is it proposing to take on those found guilty of the alleged securities fraud in the sale of TFC shares to the NSB at almost a 65 per cent premium.
5. What action is he proposing to rebuild the lost confidence in the nation’s premier savings bank?”
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, ලක්ෂ 167ක් වන ගිණුම්වල සතෙන් සතේ ඉතිරි කරපු මුදලක් තිබෙනවා. පාඩු පිට පාඩු ලබන, ඇත්ත වශයෙන්ම ගනුදෙනු කිරීම තහනම් කළ යුතු කූට දුෂ්ඨ ව්යාපාරිකයන් කිහිප දෙනෙක් මඟින් පාලනය කරන "ද ෆිනෑන්ස්" සමාගමේ කොටස් මිලියන 8ක පමණ ප්රමාණයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලබා ගන්න ගනුදෙනුවක් සම්පූර්ණ කරලා තිබුණු අවස්ථාවක අපගේ හෙළි කිරීම මත තමයි එම ගනුදෙනුව අවලංගු වුණේ. "ද ෆිනෑන්ස්" සමාගම ශ්රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය මත විශාල පහත වැටීමකට, කඩා වැටීමකට ලක් වෙලා තිබෙනවා. අපට පම්පෝරි ගහලා කියනවා, වැටෙන්න ගිය "ද ෆිනෑන්ස්" ආයතනය ශ්රී ලංකා මහ බැංකුව විසින් ගොඩ ගත්තා කියලා. අපි මෙතැනදී ඔප්පු කරලා පෙන්වනවා, ඒක භාර ගත්ත දවසේ ඉඳලා අද වෙන කොට ඉතා විශාල කඩා වැටීමකට ලක් වෙලා තිබෙන්නේ කියලා. මම උදාහරණ 2ක් කියන්නම්. "ද ෆිනෑන්ස්" සමාගම මහ බැංකුව විසින් ලබා ගන්න කොට එහි සමස්ත පාඩුව රුපියල් මිලියන 2,560යි. මහ බැංකුව විසින් "ද ෆිනෑන්ස්"සමාගමේ පරිපාලන කාලය තුළදී ඒ පාඩුව රුපියල් මිලියන 9,400 දක්වා වැඩි වෙලා තිබෙනවා. ශුද්ධ වත්කම අරගෙන බලන්න. රුපියල් මිලියන 1,480 සිට රුපියල් මිලියන ඍණ 3,780 දක්වා ශුද්ධ වටිනාකම මහ බැංකුවේ කළමනාකරණය තුළ විනාශ කරලා තිබෙනවා. එම සමාගමේ කොටස්කරුවන්, අධ්යක්ෂ මණ්ඩලය සහ මහ බැංකුව -මහ බැංකුවේ සමහරු. සමා වෙන්න. මම මෙතැනදී මහ බැංකුව කියලා කියන්නේ මහ බැංකුවේ හැමෝටම නොවෙයි, මහ බැංකුවේ සමහරු- කාලයක් තිස්සේ ඒ විශාල පාඩු කන්දරාව ඇඟේ ගහන්න කවුරු හරි හොයනවා. කවුරු හරි ඕනෑ ඒක ඇඟට තල්ලු කරලා දාන්න.
කිසි කෙනෙක් පොල්ලකින්වත් අල්ලන්න ලැහැස්ති වුණේ නැහැ. ඉංග්රීසියෙන් කියනවා "no one was willing to touch it with a bargepole" කියා. පොල්ලකින්වත් අල්ලන්න මේ ගඳ ගහන, පාඩු ලබන ආයතනය ළඟටවත් එන්න ලැහැස්ති වුණේ නැහැ. ලංකාවේ විතරක් නොවෙයි, ලංකාවෙන් පිටතත් එහෙමයි. අපි දන්නවා සමහර පුද්ගලයෝ පිටරටවලට ගිහිල්ලා මේ ලංකාවේ සමහර ආයතනවලටත් කථා කරලා කිව්වා මේ "ද පිනෑන්ස් ආයතනය කොටස් ගන්න කියලා. නමුත් හදිසියෙන්ම ඉල්ලමක් පෑදුණා. නිකම් නොවෙයි, ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි. මේ ඉල්ලම පෑදුණේකොළඹ කොටස් වෙළෙඳපොළේ එවකට "ද ෆිනෑන්ස්" ආයතනයේ විකුණුම් වෙච්ච මිලට වඩා සියයට 67ක මිලකට මිලදී ගන්න මේ NSB ආයතනය එකඟ වුණා. එකඟ වුණා විතරක් නොවෙයි, දූෂිත වූ මේ ආයතනයේ කොටස් මිලියන 8ක පමණ ප්රමාණයක් වික්කා. NSB එක මේ කොටස් ගත්තා. කොටස් හිමිකම් මාරු වුණා. අපි කවුරුත් දන්නවා, ඒ තැරැව්කාර සමාගම ඒ විකුණපු පුද්ගලයන්ට මුදල් ගෙව්ව බව. මෙහෙම වෙලා තිබෙන අවස්ථාවේ තමයි අපි දවස් දෙකක් ඇතුළත මේ කාරණය ජනතාවට හෙළි කළේ. ඇත්ත වශයෙන්ම නීතියේ තිබෙන්නේ ගනුදෙනුව ඉවර වෙලා එක වැඩ කරන දවසක් ඇතුළත ගනුදෙනුව අවලංගු කරන්න පුළුවන් කියලා. 27 වැනි සිකුරාදා තමයි මේ ගනුදෙනුව කළේ. 30 වැනි සඳුදා මේ ගනුදෙනුව අවලංගු කරන්න ඉඩ තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ අපි විපක්ෂය හැටියට ඒ වගකීම ඉෂ්ට කරමින් 30 වැනිදා ජනතාවටත්, රටටත්, ජනාධිපතිවරයාටත් හැමෝටම පෙන්වා දුන්නා "මෙන්න මෙහෙම දූෂණයක් වෙන්න යනවා, මේක වෙන්න දෙන්න එපා, නවත්වන්න" කියලා. 30 වැනිදා ඕනෑම පත්රයක බැලුවොත් අපේ ඒ නිවේදනය තිබෙනවා. නමුත් ශත පහකට ගණන් ගත්තේ නැහැ, ඒ ගනුදෙනුව සිදු වෙන්න ඉඩ හැරියා. ඊට පස්සේ කවදාවත් නොවුණ විධියට පස්සේ මේ ගනුදෙනුව අවලංගු කරලා තිබෙනවා. අපි මේ දේ කළේ ඇයි? ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් ලක්ෂ 167ක් තිබෙනවා. ලංකාවේ ඉන්නේ ජනතාව ලක්ෂ 200යි. නමුත් ගිණුම් තිබෙනවා ලක්ෂ 167ක්. ඔවුන් වෙනුවෙන් තමයි අපි මේ දේ කළේ. මේ දවස්වල දිගටම අපට ඔවුන්ගෙන් ලැබුණ ප්රණාම අපි ඉතාමත්ම නිහතමානීව පිළිගන්නවා. අපි සතුටු වනවා, විපක්ෂය හැටියට අපේ කාර්ය භාරය ඉෂ්ට කරන්න ලැබීම සම්බන්ධයෙන්.
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, 1971 අගෝස්තු මාසයේ 12 වැනිදා හැන්සාඩ් වාර්තාවෙන් කොටසක් මම කියවන්න කැමැතියි. මේක කියලා තිබෙන්නේ අපරභාග 2.46ටයි. කවුද කථා කරන්නේ. ගරු ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්මයා. "That the Bill be now read a Second time” කියා ........... පටන් අර ගෙන එතුමා මෙන්න මෙහෙම දෙයක් කියනවා, I quote:
“………I have pointed out that the savings in Ceylon are awfully inadequate for development purposes. At the present moment we do not save anything more than 12 to 14 per cent at best of the gross domestic product.”
Sir, this is what he further said, presenting the National Savings Bank Bill on the 12th of August, 1971.
“No country can progress on that basis. It is vital that we increase the quantum of our savings. I am therefore working towards the target of getting 20 to 25 per cent of the gross domestic product by way of savings.”
එතකොට අපි දන්නවා අපි කවුරුත් ගරු කරන මුදල් ඇමතිවරයකු වන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් මේ පනත ගෙනාවේ ඇයි කියලා. ලංකාවේ සංවර්ධනයට අවශ්ය ඉතිරි කිරීම් වැඩි කරන්නට. එතුමා කියනවා " සියයට 12ක් ඉතිරි කරලා රට සංවර්ධනය කරන්න බැහැ, සියයට 20ත් 25ත් අතර ඉතිරි කරන්න" කියලා. එතුමා එදා බලාපොරොත්තු වෙච්ච දෙයින් වැඩි කොටසක් අද වෙන කොට සිදු වෙලා තිබෙනවා. ඒ දේ වෙන්න ප්රධානතම හේතුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව පිහිටුවීමය කියලා අපි පිළිගන්න ඕනෑ. එතැනදී එක්සත් ජාතික පක්ෂයේ අපි පිළිතුරු කථාව කරමින් කියපු දේ හොඳට අහගන්න, ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි.
කවුද මේ කථාව කරන්නේ? අකුරණ, ඒ.සී.එස්. හමීඩ් මයා. එතුමා මෙසේ කියනවා.
“We welcome this Bill. In fact over the last fifteen or sixteen years the amalgamation of these three institutions had been contemplated, namely, the Ceylon Savings Bank, the National Savings Movement, and the Post Office Savings Bank.”
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, මෙතැන කිසිම දේශපාලනයක් නැහැ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ස්ථාපනය කරන්න ඕනෑ කියලා ආචාර්ය ගරු එන්.එම්. පෙරේරා ඇමතිතුමා ඉදිරිපත් කරපු ඒ යෝජනාවට විපක්ෂයෙන් ගරු ඒ.සී.එස්. හමීඩ් මැතිතුමා එක හෙළාම සහයෝගය දීලා තිබෙනවා. මොකද එය රටේ අනාගතයට අවශ්ය වැඩ කටයුත්තක් නිසා. අද වෙන කොට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට වෙලා තිබෙන්නේ මොකක්ද? ඇත්ත වශයෙන්ම මේ බැංකුව ඉතාමත්ම ශෝචනීය තත්ත්වයකට වැටිලා තිබෙනවා. කට ඇරියොත් මිනිස්සු කියනවා ඇහෙන්නේ, "අනේ දැන් මොකද NSB එකට වෙන්නේ? අයියෝ අපේ ඉතිරි කිරීම්වලට මොකද වෙන්නේ?" කියලායි. හැම තැනම එහෙමයි. මිනිස්සු පෝලිමේ ඇවිල්ලා NSB එකේ තැන්පත් කළ මුදල් withdraw කරන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේදී තමයි සියලුම වෘත්තීය සමිති trade unions එකතු වෙලා පක්ෂ භේදයකින් තොරව කිව්වේ මේ කීර්තිනාමය කෙලසන්න එපා, මේකේ තිබෙන මුදල් ගන්න එපා, වහාම මේ කූට දූෂිත ගනුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ව අයින් කරන්න කියලා. ඒ සඳහා picketing කළා. අන්තිමට අපට ආරංචි වුණු විධියට ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා ඊයේ පෙරේදා ජනාධිපතිතුමාට ලියුමක් යවා තිබෙනවා ලු, එතුමා ඒ තනතුරෙන් අස් වෙන්න ඕනෑ කියලා.
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, මෙතැන වෙලා තිබෙන්නේ මොකක්ද කියලා දැන් අපි මේක ගැන පොඩ්ඩක් ගැඹුරුව කල්පනා කරලා බලන්න ඕනෑ. මොකද හැමෝම කියන්නේ මේ රුපියල් 30ට තිබුණු කොටස රුපියල් 50ට ගත්තා කියලා. අද වෙන කොට ඒක රුපියල් 24ට බැහැලා. ඇත්ත වශයෙන්ම බැලූ බැල්මට රුපියල් 30ට තිබෙන කොටසක් රුපියල් 50ට අරගෙන රුපියල් 24ට බැහැපු නිසා එතැන යම් කිසි වංචාවක්, දූෂණයක් වෙලා තිබෙනවා කියලායි පෙනෙන්නේ. එහෙම නොවෙයි, ඒක පොඩි දෙයක්. මේකට සම්බන්ධව කොටස් වෙළඳපොළේ මොකක්ද වෙලා තිබෙන්නේ කියලා මුල ඉඳන් බලන්න ඕනෑ.
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, "ද ෆිනෑන්ස් ආයතනය" කරදරයට වැටුණේ 2008දී. 2008 අග වෙන කොට තැන්පත්කරුවන් පොර කමින් සිටියා, මේ "ද ෆිනෑන්ස් ආයතනයේ" ඉතිරි කිරීම් නැවත ලබා ගන්න. මහ බැංකුව එතකොට කාටද ආරාධනා කළේ? "ලංකාපුත්ර සංවර්ධන බැංකුව"ට "කළමනාකාර ඒජන්ත" Management Agent එහෙමත් නැත්නම් "කළමනාකාර නියෝජිත" හැටියට මේ "ද ෆිනෑන්ස් ආයතනය" බේරා ගන්න එන්න කියලා ආරාධනා කළා. දැන් අපි කවුරුත් මේ "ලංකාපුත්ර සංවර්ධන බැංකුව" ගැන අහලා තිබෙනවා. මම ඒක ගැන තව විනාඩියකින් කියන්නම්. 2009 මාර්තු මාසයේ "ලංකාපුත්ර සංවර්ධන බැංකුව" නිවේදනයක් නිකුත් කරලා කිව්වා,"ඔව් අපි ද ෆිනෑන්ස් ආයතනය භාර ගන්නවා. මාස තුනකින් අපි මේක ගොඩ ගන්නවා" කියලා. ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, එතකොට "ද ෆිනෑන්ස් ආයතනයේ" තිබුණු වත්කම්වල ශුද්ධ වටිනාකම තමයි රුපියල් මිලියන 2,700. -රුපියල් කෝටි 270ක්- හැබැයි පොඩ්ඩකට කල්පනා කරලා බලන්න, මේ "ලංකාපුත්ර සංවර්ධන බැංකුව" ගැන. අද වෙන කොට මේ "ලංකාපුත්ර සංවර්ධන බැංකුවේ" බොල් ණය ප්රමාණය සියයට 42යි. බොල් ණය සියයට 42ක් තිබෙන බැංකුවකට තවත් බැංකුවක් පාලනය කරන්න පුළුවන් කියලා අපි කාටවත් හිතන්න පුළුවන්ද? අමතක කරන්නත් එපා, ඊට ටික කාලයකට කලින් දේශපාළුවන්ට ණය දෙන කාලයේ මෙහි ප්රධාන විධායක නිලධාරි හැටියට හිටියේ ශිරෝමි වික්රමසිංහ කියන තැනැත්තියයි. කවුද මේ ශිරෝමි වික්රමසිංහ කියන්නේ? ශිරෝමි වික්රමසිංහ කියන්නේ, මහ බැංකුවේ මහතැන වන අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහෝදරියයි. මේවා ඔක්කොම මතක තබා ගන්න. මොකද මම මේ තර්කය ගොඩ නඟන කොට මේ නම් නැවතත් කියන්න සිද්ධ වෙයි. කෙසේ වෙතත් මාස තුනක් යන්න කලින් ආන්දෝලනාත්මක වෙනසක් වුණා. මොකක්ද වුණේ? 2009 ජුනි මාසයේ 17 වෙනිදා මහ බැංකුව නිවේදනයක් නිකුත් කළා, "ද ෆිනෑන්ස් ආයතනය" වෙනුවෙන්. මොකක්ද කිව්වේ? Merchant Bank of Sri Lanka ආයතනය "කළමනාකාර ඒජන්ත" හැටියට මැයි මාසයේ 22වැනිදා පත් කළා කියලා. සියලුම කටයුතු අධීක්ෂණය කරන්න විශේෂ කමිටුවකුත් පත් කළා කියලා කිව්වා. දැන් මම කියන්න ඕනෑ, මේ කමිටුවේ ඉන්න නළු පිරිස කවුද කියලා. මොවුන් තමයි මේ නාට්යයේ සිටින නළුවෝ. ඉස්සෙල්ලාම act -1 නිශාන් ප්රනාන්දු කියලා පුද්ගලයෙක් පත් කළා. මේ කවුද? අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගජ මිත්රයා, Institute of Chartered Accountants of Sri Lanka එකේ සභාපති President. දෙවැනියට පත් කළේ කවුද? අරිත වික්රමනායක කියලා වැදගත් පුද්ගලයෙක්, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල්.
තුන් වැනි පුද්ගලයා කවුද? ඒ තමයි එච්.එම්. හෙන්නායක බණ්ඩාර කියන පුද්ගලයා. එතුමා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ එවකට හිටපු නියෝජ්ය සාමාන්යාධිකාරිවරයා. මා හිතන විධියට එතුමාත් මේ වැඩේ කරන්න ගොඩක් මහන්සි වෙලා නියැළී සිටියා. හතර වැනි පුද්ගලයා තමයි ඉතාම ආන්දෝලනයට හේතු වන පුද්ගලයා. එතුමාගේ නම තමයි අජිත් දේවසුරේන්ද්ර. අජිත් දේවසුරේන්ද්ර කියන පුද්ගලයා කබ්රාල්ගේ ගජ මිතුරෙක්. ඔහු බ්රවුන්ස් ආයතනයේ නියෝජ්ය සභාපති. The Finance ආයතනයේ රුපියල් 30ට තිබුණු කොටසක් NSB එක රුපියල් 50ට ගත්ත වෙලාවේ, ඒ දූෂිත ගනු දෙනුව කළ තැරැව්කාර සමාගම තමයි තැප්රොබේන් සමාගම. ඒ සමාගමේ සභාපතිවරයා තමයි ඔය අජිත් දේවසුරේන්ද්ර කියන පුද්ගලයා. එතුමා තමයි හතර වැනියා.
දැන් මේ කොමිසම පත් කරලා Merchant Bank of Sri Lanka කියන ආයතනයට භාර දුන්නා, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ The Finance ආයතනය කළමනාකරණය කරන්න කියලා. මේක වුණේ 2009 ජුනි මාසයේ. 2009 ඔක්තෝබර් 02 වැනිදා The Finance ආයතනය පුදුම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මොකක්ද ඒ නිවේදනය? The Finance ආයතනයේ ප්රධානම කොටස් හිමි වෙලා තිබුණේ Ceylinco Investments කියන ආයතනයට. ඒ ආයතනයට තිබුණා කොටස් සියයට 37ක්. මේක හොඳට අහගන්න. අහගත්තොත් තමයි මොකද වෙලා තිබෙන්නේ කියලා හොඳට තේරෙන්නේ. මේක සූක්ෂ්ම හොරකමක්. ඉතින් අපට මේ ගනුදෙනුවේ ඇතුළටම යන්න වෙනවා, මොකක්ද වුණේ, කොහොමද වුණේ, කවුද මේක පිටුපස ඉන්නේ කියන එක දැන ගන්න. මේක ජාතික අපරාධයක්. සාමාන්ය ජනතාව සතෙන් සතේ ඉතිරි කරලා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දමාපු මුදල් හොරකම් කරන්න ගිය එක තමයි අපි මේ නවත්වාගෙන තියෙන්නේ. ඒ නිසා මේ ටික අහගන්න.
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, Ceylinco Investments එකේ කොටස්වල අයිතිය හදිසියේම වෙනස් වුණා කියලා නිවේදනය කළා. ඒ වෙනස් වෙලා තිබෙන්නේ කොහොමද? Merchant Bank of Sri Lanka කියන ආයතනය සියයට 46ක කොටස් අරගෙන තිබෙන නිසා. ජනක රත්නායක කියලා පුද්ගලයෙක් ඉන්නවා. එතුමා තමයි Merchant Bank of Sri Lanka එකේ සභාපතිවරයා. එතුමා පෞද්ගලිකව කොටස් සියයට 46ක් අරගෙන තිබෙනවා. පෞද්ගලිකව! ඊට පස්සේ අනෙකුත් සියලුම දෙනා කොටස් සියයට 08ක් අරගෙන තිබෙනවා. ඉතින් මොකක්ද මේ ගනු දෙනුව? කීය ගණනේද Merchant Bank of Sri Lanka එකට සහ ජනක රත්නායක කියන පුද්ගලයාට කොතලාවල මහත්තයා කොටස් වික්කේ? ඇයි එහෙම වික්කේ? කල්පනා කරලා බලන්න. ලොකු කලබැගෑනියක් තිබුණා, The Finance ආයතනය සම්බන්ධයෙන්. ඒක කඩා වැටෙමින් පැවතුණා. ඒක අධීක්ෂණය කරන්න මහ බැංකුවෙන් කට්ටියක් පත් කළා. ඒ පත් කරපු කට්ටියට පෞද්ගලිකව සියයට 46ක කොටස් Ceylinco Investments එකෙන් දෙනවා! කොහොමද මේක වෙන්නේ? කෝ, මෙතැන සදාචාරය? සදාචාරයට වඩා කෝ, මෙතැන නීතිය?
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, ඊට පස්සේ මොකද වෙන්නේ? ශ්රේෂ්ඨාධිකරණයට ගියා depositorsලා. ඒ අනුව ශ්රේෂ්ඨාධිකරණයෙන් දීපු නියෝගයක් තිබෙනවා, "ශ්රේෂ්ඨාධිකරණය තුළින් හැර, Ceylinco ආයතනයේ කොටස් වෙන අයට දෙන්න බැහැ" කියලා. එහෙනම් ශ්රේෂ්ඨාධිකරණය තුළින් හැර, The Finance එකේ කොටස් කොහොමද මහ බැංකුවෙන් පත් කරපු වෙනත් පුද්ගලයකුට දුන්නේ? එතැන ලොකු ගැටලුවක් මතු වෙනවා. එතැනදී ශ්රේෂ්ඨාධිකරණයෙන් හරි තීන්දුව දීලා ඒ ගනු දෙනුව අවලංගු කළා. නමුත් අද වන කොටත් කිසිම විධියකින් මේ පිළිබඳව සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් - Securities and Exchange Commission - හොයා බලා නැහැ. වැරදිකාරයන්ට කිසිම දඬුවමක් දීලාත් නැහැ. නමුත් අපි දන්නවා මේවාට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ දැන් ලොකු ලොකු තනතුරුවල ඉන්න බව.
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, මහ බැංකුව The Finance ආයතනයේ කළමනාකරණය භාර ගෙන අවුරුදු එකහමාරක් ගත වුණා. ඒ අය 2010 සැප්තැම්බර් 30 වැනිදා කාර්තු වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාර්තු වාර්තාව ඉදිරිපත් කරලා, ඒ කාර්තුවේ මුළු ආදායම -සැප්තැම්බර් මාසයෙන් ඉවර වෙන කාර්තුවේ- රුපියල් මිලියන 526යි කියලා පෙන්වනවා. නමුත් පාඩුව රුපියල් මිලියන 737යි. දැන් මා අහන්නේ මේකයි. අපට මහ බැංකුව කිව්වා, "අපි මේක ඉතාම හොඳට කළමනාකරණය කළා. වැටෙන්න ගිය වළෙන් අපි The Finance ආයතනය බේරා ගත්තා" කියලා. නමුත්, බේරා ගෙන නැහැ. අවුරුදු එක හමාරක් ගිහිල්ලාත් ඒ කාර්තුවේ ආදායමට වඩා ලොකුයි පාඩුව. එතකොට ශුද්ධ වටිනාකමට මොකද වුණේ? මහ බැංකුව භාර ගන්න කොට The Finance ආයතනයේ ශුද්ධ වටිනාකම රුපියල් මිලියන 2,700යි.
නමුත් 2010 සැප්තැම්බර් 30 වන දා වන කොට ශුද්ධ වටිනාකම සෘණ රුපියල් මිලියන 4,085යි. ඒ කියන්නේ මොකක්ද වෙලා තිබෙන්නේ? කාබාසිනියා වෙලා තිබෙනවා, රුපියල් මිලියන 6,000ක් විතර -රුපියල් බිලියන 6ක් විතර, රුපියල් කෝටි 600ක් විතර- මේ මහ බැංකුව පාලනය කරන අවස්ථාවේදී.
කොටසක ශුද්ධ වටිනාකම මේ අවස්ථාවේදී සෘණ රුපියල් 200යි. හරිද? සෘණ රුපියල් 200යි! එය එසේ තිබියදී 2011 ජනවාරි මාසයේ මහජන කොටස් නිකුතුවක් මේ The Finance ආයතනයෙන් කරනවා. කරලා, රුපියල් මිලියන 1,600ක් සහ තැන්පත්කරුවන්ගේ තැන්පත්වලින් සියයට 10ක්, තවත් රුපියල් මිලියන 2,000ක් ඡන්දය නැති කොටස්වලට පවරනවා. දැන් මෙතැනදී මම යමක් කියන්න ඕනෑ. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා තිබෙන ලියවිල්ලේ තිබෙන්නේ, "On the direction of the Monetary Board that the Directors of The Finance Company has decided to issue these new shares" කියලා. එතකොට මේක ඉතාමත්ම පැහැදිලියි. මේ කළමනාකරණය කරලා තිබෙන්නේ මුදල් මණ්ඩලය. මුදල් මණ්ඩලය කියන්නේ මහ බැංකුව පාලනය කරන, නිවාඩ් කබ්රාල්ලා ඉන්න මුදල් මණ්ඩලය. ඒ මුදල් මණ්ඩලයේ අණ පරිදි තමයි මේ වැඩ කටයුතු සියලුම දේ සිද්ධ වෙලා තිබෙන්නේ. එතකොට මතක තියා ගන්න ඕනෑ මෙන්න මේකයි: The Finance ආයතනයේ සියලුම කටයුතු වෙන්නේ මුදල් මණ්ඩලයේ අනුදැනුම ඇතිව සහ ඔවුන්ගේ අධීක්ෂණය සහ ඔවුන්ගේ නියෝග අනුව කියන එක. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනෑ, The Finance Company එකේ තීරණ ගන්නේ එතැන ඉන්න ප්රීති ජයවර්ධනවත් එහෙමත් නැත්නම් කමල් යටවරවත් නොවෙයි, මහ බැංකුවේ මුදල් මණ්ඩලය මඟින් බව. ඒක තමයි මෙතැනින් කියැවෙන්නේ. එහෙම නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ 2011 මාර්තු 31 වන දා කාර්තුවේ වාර්තාවේ මෙන්න මෙහෙම සඳහන් වනවා. දැන් මම කිව්වානේ මහජන කොටස් නිකුතුවක් කළා කියලා. ඒකේ අලුත් කොටස්කරුවෝ නම් කරනවා. ඔවුන් අතර ඉන්නවා, Dr. Senthilverl කියලා පුද්ගලයෙක්. ඔහුට කොටස් මිලියන 13.4යි. ඊට පස්සේ තියෙන්නේ කාගේ නමද? සේවක අර්ථසාධක අරමුදල, කොටස් මිලියන 4.5යි. මහජන බැංකුව, කොටස් මිලියන 2.5 යි. ලංකා බැංකුව, කොටස් මිලියන 1.5යි.
මම ඊළඟ point එකට යන්න කලින් තව ප්රශ්නයක් අහනවා. කිසි විටකත් මේ මහජන කොටස් නිකුතුවෙන් කොටස් ලබා ගත්ත ලැයිස්තුවක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ මහජන නිකුතුවෙන් කවුද මේ කොටස් ලබා ගත්තේ? ඔවුන්ගේ ලැයිස්තුව කෝ? මම කියනවා, පුළුවන් නම් ඒ ලැයිස්තුවත් සභාගත කරන්න කියලා. එතකොට අපි දන්නවා, ඇත්ත වශයෙන්ම කොටස් ගත්තේ කවුද කියලා. ඇත්ත වශයෙන්ම කොටස් ගත්ත කට්ටිය මේ සෙන්තිල්වල්ලාට, EPF එකට, මේවා භාර දීලා තිබෙනවා, යම් කිසි කටයුත්තක් සඳහා. මගේ ඉදිරි කථාවේදී ඒක තේරෙයි. කොටසක ශුද්ධ වටිනාකම සෘණ රුපියල් 200ක් වෙද්දී මොන පදනම යටතේද සේවක අර්ථසාධක අරමුදල මේ ආයෝජනය කළේ? සේවක අර්ථසාධක අරමුදල් පනතට අනුව ආයෝජන ප්රතිපත්තියක් තිබෙනවා. ඒ ආයෝජන ප්රතිපත්තියේ ඉතාමත්ම පැහැදිලිව කියලා තිබෙනවා, අර්ථසාධක අරමුදලේ තිබෙන වැඩ කරන ජනතාව මහන්සියෙන් හම්බ කරන සල්ලි ආයෝජනය කළ හැක්කේ blue chip companies එහෙමත් නැත්නම් උසස්ම වර්ගයේ ආයතනවල පමණයි කියලා. එතකොට මම අහනවා, මුදල් ඇමතිතුමා වෙනුවෙන් මෙතැන ඉදිරිපත් වෙලා ඉන්න ඕනෑම කෙනෙක් උත්තර දෙන වෙලාවේදී උත්තර දෙන්න. මට කියන්න, කොහොමද, ශුද්ධ වටිනාකම සෘණ 200ක් තිබෙන ආයතනයක් blue chip එකක් වුණේ? How can you justify the investment in a company when its negative network per share is Rs. 200? It is very clearly stated in the investment guidelines of the EPF that you can only invest in shares that are blue chips. So clearly, there has been a violation of the investment guidelines. Forget about good governance and all that.
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ පාප කර්මයට අත ගහන්න කලින් - ඊයේ පෙරේදා තමයි ඒ ගොල්ලෝ මේකට අත ගැහුවේ- අර්ථසාධක අරමුදලත්, මහජන බැංකුවත්, ලංකා බැංකුවත් සමස්ත ජනතාවගේ මුදල් අයුතු ලෙස පාවිච්චි කරලා තිබෙනවා කියලා මේ සොයා බැලීමෙන්, මේ මතු කරපු කාරණාවලින් අපට පෙනෙනවා. ආණ්ඩුවට පුළුවන් නම් කියන්න, "මේ කඩා වැටෙන ආයතනයේ ලංකා බැංකුවේ සල්ලි, මහජන බැංකුවේ සල්ලි අප මෙහෙම ආයෝජනය කළේ නැහැ" කියලා. අප මේ ගැන දැනගෙන හිටියේ නැහැ. හොයන කොට තමයි මේවා දැන ගත්තේ.
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, මේ නව කොටස්කරුවන් සමඟම නව අධ්යක්ෂ මණ්ඩලයක් පිහිටුවලා තිබෙනවා. ඔන්න හොඳ කථාව දැන් තමයි එන්නේ. ඔබතුමන්ලා හොඳට අහගන්න. අලුත් අධ්යක්ෂ මණ්ඩලයක් පිහිටුවනවා. මේවා වාර්තා වෙනවා, This board of directors were handpicked by the Governor of the Central Bank. ඒ කියන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා මහ බැංකුවේ අධිපති වශයෙන් පරිස්සමෙන් තෝරා ගන්නා ලද අධ්යක්ෂ මණ්ඩලයක් තමයි පත් කර තිබෙන්නේ. කවුද මේකේ ඉන්නේ? ප්රීති ජයවර්ධන කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා තමයි කබ්රාල් රැක ගැනීමේ ව්යාපාරයේ ප්රධානියා; මහ බැංකුවේ මූල්ය උපදේශක මණ්ඩලයේ සාමාජිකයා; කබ්රාල් වෙනුවෙන් පත්තරවලට ලියුම් ලියන පුද්ගලයා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා අප ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයාට අභියෝග කළා. අප අභියෝග කළාම කවුද මේකට උත්තර දුන්නේ? මේකට උත්තර දුන්නේ ප්රීති ජයවර්ධන. ප්රීති ජයවර්ධන කියන්නේ The Finance ආයතනයේ සභාපතිතුමා. මේකේ පදනම මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ප්රදීප් කාරියවසම් මහත්මයාට අප අභියෝග කළාම, ප්රීති ජයවර්ධන කියන පුද්ගලයා ඒකට පැනලා උත්තරයක් දුන්නා. එතුමා තමයි නිවාඩ් කබ්රාල් කියන මහ බැංකුවේ අධිපතිවරයා handpick කරලා, පරිස්සමෙන් තෝරලා ද ෆිනෑන්ස් ආයතනයේ සභාපති හැටියට පත් කරලා තිබෙන්නේ. ඊළඟට ඒ අධ්යක්ෂ මණ්ඩලයේ තව කවුද ඉන්නේ? ඔබතුමන්ලාට මතක නේ, මම ඉස්සර වෙලා නමක් කිව්වා දේවසුරේන්ද්ර කියලා. අන්න විශේෂඥ මණ්ඩලයේ හිටපු සාමාජිකයා. අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගජ මිතුරා. තැප්රෝබන් ආයතනයේ, ඒ කියන්නේ මේ දූෂිත ගනුදෙනුවට මූලිකවම ඉන්න ආයතනයේ සභාපතිවරයා. මෙන්න පත් කරලා ඉන්න කට්ටිය. ඊට පස්සේ ඉන්නවා ඊටත් වඩා කීර්ති නාමයක් තිබෙන පුද්ගලයෙක්. එතුමාගේ නම තමයි නිර්මල අනුර ප්රනාන්දු. කවුද මේ? නිර්මල අනුර ප්රනාන්දු කියන්නේ Suntex, Rhythm Collection, Capital Reach Leasing, Ferntea යන සියලු කටයුතුත් එක්ක GoldQuest pyramid වංචාවට පැටලුණු පුද්ගලයා. මා හිතන්නේ කාට කාටත් මතක ඇති 2006-2007 කාලයේ සිදු වුණු GoldQuest pyramid වංචාව. ඒකට පැටලිච්ච පුද්ගලයා තමයි නිර්මල අනුර ප්රනාන්දු කියන්නේ. එතුමාව handpick කරලා ද ෆිනෑන්ස් ආයතනයේ අධ්යක්ෂ කෙනෙක් හැටියට මහ බැංකුවේ අධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. There are fit and proper conditions that you have to meet before you are appointed a director to any finance company. We have asked for the applications filed by Nirmala Anura Fernando to be declared fit and proper to serve on the Board of the Finance Company. We have asked this question from the Hon. Minister of Finance. We expect the Deputy Minister to table all those documents this evening.
නමුත් මොකද වුණේ? මේ GoldQuest වංචාවේ පරීක්ෂණය අවසන් වෙන්න කලින් කබ්රාල් අධිපතිවරයා මහ බැංකුවේ මූල්ය විමර්ශන ඒකකය විසුරුවා හැරියා. මා හිතන්නේ ඔබතුමන්ලා කාටත් අමතක වෙච්ච දෙයක් නොවෙයි ඒක. ඔහු කබ්රාල්ගේ පවුලට අයිති Capital Reach Leasing කියන ආයතනයේ හිටපු අධ්යක්ෂ.
ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)
අන්න! පවුලේ යාළුවෝ.
ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
(மாண்புமிகு கலாநிதி ஹர்ஷ த சில்வா)
(The Hon. (Dr.) Harsha De Silva)
මේක හිතා ගන්න පුළුවන් දෙයක් නොවෙයි. මේ අනුර ප්රනාන්දු කියන්නේ මහ බැංකුවේ අධිපතිවරයාගේ Capital Reach Leasing කියන ආයතනයේ අධ්යක්ෂ. එතුමා තමයි රුපියල් මිලියන 880ක් වියදම් කරලා St. Kitts ගියේ. මතකද, අනර්කලී dance එහෙම දාපු එක! 2018 පවත්වන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ ඒ නාඩගමට 120 දෙනෙක් ගියා නේ, ඒ කණ්ඩායමේ ගිය ප්රධානම පුද්ගලයා තමයි මේ නිර්මල අනුර ප්රනාන්දු කියන පුද්ගලයා. දැන් පේනවා නේ, මේ actorsලා කවුද කියලා.
ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි, ඔය අතරතුරේ 2011 කාර්තුවට දෙසැම්බර් 31වැනි දා වාර්තාව ඉදිරිපත් කළා. ඒකෙන් මොකක්ද වුණේ? ඒකෙන් අපට දැන ගන්න ලැබුණා පාඩු පිට පාඩු ලබන, ශුද්ධ වටිනාකම දිනෙන් දින පහළට යන ආයතනයේ රුපියල් මිලියන 4ක කොටස් තිබිච්ච සේවක අර්ථසාධක අරමුදල රුපියල් මිලියන 5 දක්වා කොටස් වැඩි කරගෙන තිබෙන බව. මොකක්ද මේකට තිබෙන පදනම? මේවා සම්පූර්ණයෙන්ම වැරැදි ආයෝජන. මේවා ජනතාවගේ සල්ලි නාස්ති කරන, කාබාසිනියා කරන ආයෝජන. මහජන කොටස් නිකුතුවෙන් ලැබුණු රුපියල් මිලියන 1,600ක්, තැන්පත් කොටස්වලට හැරවීමෙන් ලැබෙන රුපියල් මිලියන 2,000ත් නිසා අමතර රුපියල් මිලියන 570ක ශුද්ධ ආදායමක් අභිභවා යමින්, දිගින් දිගටම පාඩු ලබමින් මේ ආයතනය තිබුණේ.
නියෝජ්ය කාරක සභාපතිතුමා
(குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)
(Mr. Deputy Chairman of Committees)
Order, please! Hon. Member, you have only one more minute.
ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
(மாண்புமிகு கலாநிதி ஹர்ஷ த சில்வா)
(The Hon. (Dr.) Harsha De Silva)
Sir, can I get some more time? I need about seven more minutes. ඇත්තවශයෙන්ම The Finance ආයතනය 2011 දෙසැම්බර් 11 වන දා-
නියෝජ්ය කාරක සභාපතිතුමා
(குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)
(Mr. Deputy Chairman of Committees)
Then the seven minutes will be from the time allocated to Hon. Tissa Attanayake.
ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
(மாண்புமிகு கலாநிதி ஹர்ஷ த சில்வா)
(The Hon. (Dr.) Harsha De Silva)
හරි. දැන් මේ විධියට ශුද්ධවත්කම් අඩු වෙනකොට පාඩුපිට පාඩු ලබනකොට, කොටසේ අගය ඍණ වෙනකොට තමයි හදිසියේම ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉදිරිපත් වන්නේ මේ පාප කර්මයට අත ගහන්න. හරි. දැන් ශුද්ධ වටිනාකම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නට ඕනෑ. තැන්පත් වගකීම්වලින් සියයට 10ක් තිබෙන්නට ඕකෑ, ශුද්ධ වටිනාකම. ඒක තමයි නීතිය. Finance Companies (Capital Funds) Direction No. 1 of 2003. ඒ කියන්නේ, තැන්පත් 20,000ක් තිබුණා නම්, රුපියල් මිලියන 2,000 තිබෙන්නට ඕනෑ, ශුද්ධ වත්කම්. නමුත් ඇත්තවශයෙන්ම මොක ද වෙලා තිබෙන්නේ? රුපියල් මිලියන 2,000 ක් තබා බිංදුවක්වත් නැහැ. ශතයක්වත් නැහැ. ශතයක්වත් නැහැ විතරක් නොවෙයි. ඍණ රුපියල් මිලියන 3800ක් බවට මේක පරිවර්තනය වෙලා තිබෙනවා. එහෙම නම්, මේ ගඳ ගහන ගනුදෙනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ගෙනාවේ කවුද? ගෙනාවේ, ප්රීති ජයවර්ධන කියන මම අර ඉස්සෙල්ලා කිව්ව පුද්ගලයා. කාරිවසම් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළ පුද්ගලයා. තැරැව්කාරයෝ තමයි තැප්රොබේන් සමාගම.නිල වශයෙන් මේ යෝජනාව ගේන්නේ.
මේ අජිත් දේවසුරේන්ද්ර කියන පුද්ගලයා ගැන මම කළින් කිව්වා. The Finance ආයතනයේ අධ්යක්ෂ. කබ්රාල්ගේ ගජ මිතුරු. ඊළඟට The Finance ආයතනයේ විශේෂඥ උපදේශක. හම්බන්තොට, 2018 පොදු රාජ්ය ක්රීඩා උළෙලට මුදල් පොරොන්දු වෙච්ච පුද්ගලයෙක්. මේක bid document එකේ තිබෙනවා. Download කළා නම් ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්.
ඒත් එක්කම මේ ආයතනයේ ප්රධාන විධායක නිලධාරියා හැටියට ක්රියා කළේ ඩිනාල් විජේමාන්න කියන තැරැව්කාර සමාගමේ විධායක අධ්යක්ෂතුමා. මේ සියලු කාරණා අතරේ විශ්වාස කරන්නට බැරි තවත් දෙයක් සිද්ධ වෙනවා. මේ අහගන්කෝ ගරු මන්ත්රීතුමා. මොකක් ද සිද්ධ වෙන්නේ?
මහ බැංකුවේ ජාතික අර්ථසාධක අරමුදලේ ආයෝජන කමිටුවක් තිබෙනවා. ඔය කමිටුවේ සභාපති කෙනෙක් ඉන්නවා. එතුමා තමයි කබ්රාල් අධිපතිවරයාගේ නොම්මර දෙක හැටියට වැඩ කරන්නේ. එතුමාගේ නම ප්රියන්ත ප්රනාන්දු. ප්රියන්ත ප්රනාන්දු කියන්නේ නියෝජ්ය අධිපතිවරයා. තනතුරෙන් අස්වෙලා, ඒ කියන්නේ, ආයෝජන කමිටුවේ සභාපති සහ නියෝජ්ය අධිපති තනතුරෙන් අස්වෙලා මාස 6ක් යන්නටත් කළින් Taprobane Holdings Ltd. එකේ අධ්යක්ෂ හැටියටත් අජිත් දේවසුරේන්ද්ර මෙතුමාව බඳවා ගන්නවා. මේවාට පුළුවන් නම් උත්තර දෙන්න.
ගරු මන්ත්රීවරයෙක්
(மாண்புமிகு உறுப்பினர் ஒருவர்)
(An Hon. Member)
ඔන්න හොරු. හොරුන්ගෙත් හොරු.
ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
(மாண்புமிகு கலாநிதி ஹர்ஷ த சில்வா)
(The Hon. (Dr.) Harsha De Silva)
මොකක් ද මේක? This is revolving your policy. You have to have a cooling out period. How can you hire the Chairman of the Investment Committee of the EPF as the Director of the Taprobane Holdings Ltd. within six months of his leaving office? Where is good governance?
මේවාට උත්තර දෙන්න මේ කට්ටියට බැහැ. අනෙක් නියෝජ්ය අධිපති ධර්ම වීරසිංහ කියන පුද්ගලයා. Taprobane Holdings Ltd. එකේ කොටස් විකුණන්නට ඉදිරිපත් වුණු තැරැව්කාර සමාගමේ අධ්යක්ෂ, ඩිනාල් විජේමාන්නගේ ළඟ ඥාතියෙක් හිටියා. එතුමා වැදගත් පුද්ගලයෙක්. දැන් ජීවතුන් අතර නැහැ. මැලරි විජේසිංහ එතුමාගේ නම. කොටස වෙළඳපොළේ ආරම්භක සභාපති. බාට්ලීට් ෆිනෑන්ස් සමාගමේ සභාපති හැටියට වීරසිංහ කියන පුද්ගලයා පත් කරනවා. ඒක එතැනින් ඉවර වන්නේ නැහැ. වීරසිංහ කියන පුද්ගලයාගේ බිරිඳ සේවක අර්ථසාධක අරමුදලේ Superintendent . බිරිඳ තමයි EPF එකේ Superintendent . මේක විශ්වාස කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. මේ සියලුම දේවල් සත්ය කරුණු ගරු ඇමතිතුමා මම කියන්නේ. මටත් කියන්න මොකක් ද වාගෙයි. මටත් ලජ්ජයි. නමුත් කියන්නට සිද්ධ වෙනවා.[බාධා කිරීමක්] හිරිකිතයි. ඔවුන් එකතු වෙනවා, රේනර් සිල්වා සහ, Cabraal’s "Capital Reach Leasing Ltd" එකේ අධ්යක්ෂ අර මම කලින් කියපු Gold Quest Pyramid ගනුදෙනුවේ චෝදනා ලැබූ අනුර ප්රනාන්දුත් එක්ක. රුපියල් තිහේ කොටස සියයට 67කට වැඩි මිලකට- රුපියල් 50ට - ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශතයෙන් සතය මිනිස්සු ලක්ෂ 167 දෙනෙක් ඉතිරි කළ මුදල් වියදම් කරලා මේ ගනදෙනුව කරනවා. කල්පනා කර බලන්න.
මේ සියලු දෙනා කබ්රාලගේ orbit එකේ ඉන්න කට්ටිය. එක පැත්තකින් ඉන්නවා, දේව සුරේන්ද්ර, අනුර ප්රනාන්දු, ප්රීති ජයවර්ධන , ඩිනාල් විජේමාන්න, ප්රියන්ත ප්රනාන්දු, වීරසිංහ. දැන් අවශ්ය වන්නේ, අනෙක් පැත්ත. අනෙක් පැත්තෙන් කවුද ඉන්නේ? අප දන්නේ නැහැ, මොකද වුණේ කියා. ආරංචි විධියට අධ්යක්ෂ මණ්ඩලය දැනගෙන හිටියේ නැහැයිලු. සුමනසිරි අබේගුණවර්ධන මහත්මයා කියනවා, මේක දූෂිතයි කියා.
ඔහු නිවේදනයක් ඉදිරිපත් කරලා කියනවා, "මෙහි කිසිම විනිවිදභාවයක් නැහැ, සභාපතිතුමා මේ වැඩේ කළා" කියලා. අපි දන්නේ නැහැ, සභාපතිතුමා විසින් ජනාධිපතිතුමාට ලිව්වා ලු, තමන්ගේ පැත්ත ගැන. නමුත් අපි ඒක දැකලා නැහැ. නමුත් අපි දන්නා එක දෙයක් තිබෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා බ්රවුන්ස් ආයතනයේ කලින් වැඩ කරපු පුද්ගලයෙක්. එතකොට බ්රවුන්ස් ආයතනයේ අයිතිකරු කවුද? බ්රවුන්ස් ආයතනයේ අයිතිකරු තමයි මෙහි නියෝජ්ය සභාපතිවරයා වන අජිත් දේවසුරේන්ද්ර. ඔබතුමන්ලාටත් පුදුමයි, මටත් පුදුමයි. තක්බීර් වෙලා ඉන්නේ, මේ මුළු House එකම. තව දෙයක් තිබෙනවා. ජාතික ඉතිරි කිරිමේ බැංකුව බ්රවුන්ස් ආයතනයෙන් කොටස් මිලියනයක් රුපියල් 318කට මිලදී ගන්නවා. කවුද? ජාතික ඉතිරි කිරිමේ බැංකුව. අද ඒ කොටසේ මිල කීයද? රුපියල් 130යි. ජනතාවගේ පාඩුව කීයද? රුපියල් මිලියන 188යි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් බ්රවුන්ස් ඉන්වෙස්මන්ට් ආයතනයේ කොටස් මිලදී ගැනීම නිසා. මේවා අපි කලින් දැනගෙන සිටියා නම් මිනිස්සු අපිට කියයි, "ඇයි දෙයියනේ! ඔබතුමා මේක කලින් දැක්කේ නැත්තේ" කියලා. "ඇයි දෙයියනේ! මේ දේ වෙන්න ඉඩ දුන්නේ" කියලා කියයි. කමක් නැහැ, අපි පසුව හරි මේ දේ අල්ලා ගත්තා නේ. කවුද මේ ගනුදෙනුවේ තැරැව්කරු? හරි උත්තරයට තෑගි නැහැ, ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි.
නියෝජ්ය කාරක සභාපතිතුමා
(குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)
(Mr. Deputy Chairman of Committees)
Hon. Member, you have taken five extra minutes.
ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
(மாண்புமிகு கலாநிதி ஹர்ஷ த சில்வா)
(The Hon. (Dr.) Harsha De Silva)
I am winding up, Sir. හරි උත්තරයට තෑගි නැහැ, ගරු නියෝජ්ය කාරක සභාපතිතුමනි.
ගරු ජෝන් අමරතුංග මහතා
(மாண்புமிகு ஜோன் அமரதுங்க)
(The Hon. John Amaratunga)
Sir, I rise to a point of Order.We have a saving of 22 minutes from the previous Debate. So, we are entitled to divide that time twelve minutes each and then -
නියෝජ්ය කාරක සභාපතිතුමා
(குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)
(Mr. Deputy Chairman of Committees)
You cannot include that into this time.You have to compromise it with the Hon. Chief Government Whip.
ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
(மாண்புமிகு கலாநிதி ஹர்ஷ த சில்வா)
(The Hon. (Dr.) Harsha De Silva)
Let me finish. This is an important topic.
ගරු ජෝන් අමරතුංග මහතා
(மாண்புமிகு ஜோன் அமரதுங்க)
(The Hon. John Amaratunga)
We have 22 minutes remaining from the previous Debate.
නියෝජ්ය කාරක සභාපතිතුමා
(குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)
(Mr. Deputy Chairman of Committees)
You cannot take that time.
ගරු ජෝන් අමරතුංග මහතා
(மாண்புமிகு ஜோன் அமரதுங்க)
(The Hon. John Amaratunga)
House will adjourn only at 7 o’ clock. Therefore, he is entitled to -
නියෝජ්ය කාරක සභාපතිතුමා
(குழுக்களின் பிரதித் தவிசாளர் அவர்கள்)
(Mr. Deputy Chairman of Committees)
Hon. (Dr.) Harsha de Silva, you carry on, we will settle that matter.
ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
(மாண்புமிகு கலாந