ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 15 ක මූල්‍යනයක් මගින් උතුරු නැගෙනහිර හා 2004 දී දකුණේ සුනාමියට ගොදුරු වූ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් නිවාස ණය යෝජනා ක්‍රමයක් ඇරඹීමට ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව සූදානම් වේ.
ආසියානු සංවර්ධන බැංකුව පවසා තිබෙන්නේ යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් නිවාස ණය සඳහා ලැබී තිබෙන ඉල්ලුම වර්ධනය වී තිබෙන බවයි.
ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව මධ්‍යම ප්‍රමාණයේ බැංකුවක් බවත් මෙරට බැංකු ක්‍රමය මගින් ලබාදී තිබෙන ණය වලින් සියයට 1.3 කට පමණ දායකවී තිබෙන බවත් ආසියානු සංවර්ධන බැංකුව කියයි.
බැංකුව සිය ව්‍යාපාර කටයුතු උතුරු-නැගෙනහිර ව්‍යාප්ත කරමින් සිටින අතර එහි උකස් ණය මෙහෙයුම් වර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් තාක්ෂණික සහාය ලැබී ඇත.
ආසියානු සංවර්ධන බැංකුව පවසා තිබෙන්නේ මෙම නිවාස ණය යෝජනා ක්‍රමයෙන් සියයට 5.0 ක් පමණ යුද්ධයෙන් ස්වාමියා අහිමි වූ කාන්තාවන් ඇතුළු කාන්තාවන් සඳහා ලබාදීමට සැලසුම් කර තිබෙන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1995490923