සුප්‍රසිද්ධ ඇමරිකානු අවහන්හල් ජාලයක ශ්‍රී ලංකා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කාර්ගීල්ස් සමාගම ගිවිසුමකට එළඹෙයි.
මේ අනුව, කාර්ගීල්ස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ අමරිකාව පදනම් කරගත් TGI Fridays Restaurant Inc නැවති අවන්හල් ජාලයේ නමින් මෙරට ශාඛා ආරම්භ කිරීමට මෙම ගිවිසුම මගින් ඉඩ ලැබෙන බවත් මේ මුදල් වසරේ අවසන් කාර්තුවේදී මුල්ම අවන්හල ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
මේ වනවිටත්, KFC නමින් මෙරට අවන්හල් පවත්වාගෙන යාමේ අවස්ථාව හිමිවී තිබෙන්නේ කාර්ගීල්ස් සමාගමටයි.
මේ වනවිට, ලෝකයේ රටවල් 60 කට වැඩි ප්‍රමාණයක TGI Fridays අවන්හල් 900 කට වඩා පිහිටා තිබෙන බව සඳහන්ය.
මෙම අවන්හල් ජාලය ඇමරිකාව පදනම් කරගත් Carlson සමාගම් සමූහයට අයත් අතර එය හෝටල් 1,300 කට වැඩි ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු කරයි. මේවා අතර Radisson Blu, Radisson, සහ Park Plaza යන ප්‍රසිද්ධ හෝටල්ද තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1318801504