පසුගිය අගෝස්තු මාසයේදී සියයට 9.5 ක්වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය මේ සැප්තැම්බර් මාසයේදී සියයට 9.1 ක් දක්වා අඩුවී ඇතැයි නවතම දත්ත වලින් අනාවරණය වේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් මේ බව හෙළිවන අතර ආහාර පාන අංශයේ උද්ධමනය මෙහිදී ඒකක 0.3 කින් අඩුවන විට ආහාර නොවන අංශයේ උද්ධමනය සියයට 0.1 කින් වැඩිවී තිබේ.
මහා පරිමාණයෙන් මුදල් අච්චු ගැසීම හමුවේ ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදය නිසා පසුගිය කාලයේදී මෙරට උද්ධමනය වැඩිවූ අතර පසුව ගත් ප්‍රතිපත්තිමය තීරණ හමුවේ ණය වර්ධනය අඩුවී නිසා උද්ධමනය යළිත් පාලනය විය.
මීට ඉහත ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසුවද මෙවර මෙන්ම උද්ධමනය පහළ ගිය අතර එයට හේතුව බැංකු ක්‍රමයෙන් ගලාගිය ණය අඩුවීමයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=847742339