marusira wrote:
එතකොට දේව මොකටද සින්හලගේ පවට කරගැහුවේ?
මේක මේ වෙලාවේ ලියන එක සුදුසු ද නැද්ද කියන ගැටලුව එනවා. මොකද දහස් ගණනකගේ පුද්ගලික ලාබ පාඩු GREG ගේ ඉදිරි හැසිරීම මත තීරණය වෙන නිසා .
මේ පහත දේ මට හිතෙන හැටි පමණයි .
මෙය සම්පුර්ණයෙන් වැරදි හෝ වෙනස් විය හැකිය යන්න මුලින්ම කිව යුතුයි.
දැනට ලබන ලාබ පාඩු කෙසේ වෙතත් GREG යටතේ ඇති ආයතන, ඒ යටතේ ඇති දේපල ගැන අපි දන්නවා . දේවසුරේන්ද්‍ර අවස්ථාව බලල අයිති ලබා ගැනීමේ ක්‍රම වේදය ක්‍රියාත්මක කළා විය හැකියි.
එවිට ඇතිවන ගැටලුව හා අනතුර තමයි ඔවුන් ගත් කොටස් ප්‍රමාණය වගේ 7 ගුණයක් පමණ වන වොරන්ට් ලයන් ළඟ තිබීම .
මට නම් දැනෙන්නේ මේවා අහෝසි වෙන බවයි. ඔවුන් රුපියල් බිලියන් 30ක් ලංකාවට ඉදිරි වසර 1-2 තුල ගෙන එනවා යයි දැනට නම් නොසිතමි. ඒ ගැන තම වැඩි ආරක්ෂාව සඳහා දෙ පාර්ශ්වය අතර ගිවිසුමක් පවා දේවා විසින් ඇති කරගෙන තිබෙන්න පුළුවන් .
එවිට හිමිකාරිත්වය හා කොටස් වටිනාකම දියවී යාමක් සිදු නොවේ.
මෙය මෙසේ සිදු වේ යයි උප කල්පනය කල හොත් ඔහු විසින් ගෙවූ මුදල හා පාලන බලය ලැබූ ආයතන වල අනාගත වටිනාකම ගැන අප බැලිය යුතුයි .
දේශීය ආයෝජකයින් ළඟ ඇති වොරන්ට් වල මිල කෙසේ වෙතත් GREG සඳහා දැනට ඇති මිල මෙන් කිහිප ගුණයක් දක්වා පවා වටිනාකමක් අනාගතයේදී ඇති කර ගන්න ඉඩ තිබේ. ඒ සඳහා වසර 2-3 කාලයක් ගත විය හැකියි.
(ඉහත දැක්වුයේ මා දුටු සිහිනයක් පමණකි )
-----
08.44 a.m.
පසුව ලියමි.
GREG පසුගිය වාර්තාව අනුව
Total Assets 13.06 billion
Total Equity 9.7 billion
කොටසක අගය රු. 24/-
සිදුවී ඇති ගනු දෙනුව අනුව කොටස් 50% ක් අයිති කර ගැනීම සඳහා ගෙවිය යුතු මුදල 16/- බැගින් රු. බිලියන 2.9.
පාලනය සඳහා ලැබුණු වත්කම ( වගකීම් ඉවත් කර ) රු. බිලියන් 9.7 .
නැවත මිල කල විට මෙම අගය බිලියන් 10 - 12 අතර වීමට ඉඩ තිබේ.