වාණිජ බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය මහ බැංකුව විසින් පසුගියදා සියයට 02 කින් අඩුකිරීමෙන් පසුව ගෙවුණු ජූලි මාසයේදී පුද්ගලික අංශය වාණිජ බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය මාස දහයකට පසුව වාර්තා වූ ඉහළම අගයට පැමිණෙයි.
රජයේ නවතම නිළ දත්ත මගින් අනාවරණය වන්නේ වාණිජ බැංකු වලින් රජය සහ රාජ්‍ය ව්‍යවසායන් ලබාගත් ණය ප්‍රමාණයද ඉහළ ගොස් තිබෙන බවයි.
මේ අනුව, ජූලි මාසයේදී වාණිජ බැංකු වලින් පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 28.4 කින් රුපියල් බිලියන 2461 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මෙය 2012 ඔක්තෝම්බර් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම ප්‍රමාණයයි.
මෙහිදී, මධ්‍යම ආණ්ඩුව විසින් ලබාගත් රුපියල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 60.1 කින් රුපියල් බිලියන 943.4 ක් දක්වා ඉහළ යද්දී ඩොලර් ණය ප්‍රමාණය රුපියල් බිලියන 17.3 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 159.9 ක්වී තිබේ.
මේ අතර, රාජ්‍ය ව්‍යවසායන් විසින්ද තවත් රුපියල් බිලියන 29.3 ක ණය බැංකු ක්‍රමයෙන් ලබාගෙන ඇත.
මහ බැංකුව විසින් වාණිජ බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය අඩුකළ පසුව බැංකු වලට එම මුදල් මගින්ද ණය ලබාදීමට හැකිවිය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1499902015