මුදල් සමාගම් ලැයිස්තුගත කිරිම අනිවාර්ය කරමින් පැන වු නීති රීති හමුවේ බොහෝ මුදල් සමාගම් ලැයිස්තුගත කිරිමි සිදු කළ ද ඒවායේ මුල්‍යමය ශඛ්‍යතාවයන් මේ වන විට දැඩි මත භේදයකට ලක්ව ඇත්තේ මුළික කොටස් නිකුතුවක් සිදු කර වසර 02 ක් යාමට මත්තෙන් CIFL මුදල් සමාගම කඩා වැටිම හමුවේ මතුව ඇති වාතාවරණයන් හමුවේ බව විශ්ලේෂකයෝ පවසති.
මේ බොහෝමයක් මුදල් සමාගම් වල ප්‍රධාන මුල්‍ය නිළධාරින් හා විගණකයින් සැබැ ලෙසම ඒවායේ අභ්‍යන්තර තොරතුරු පිළිබඳව හෙළි දරවි කිරිමි සිදු කළේද යන්න මේ වන විට ප්‍රශ්ණාර්ථයක් වි ඇත්තේ CIFL මුදල් සමාගම පුර්ණ සුදුසුකම් ලද වරලත් ගණකාධිකාරිවරු කිහිපදෙනෙකුගේම අධීක්ෂණය යටතේ සිට කඩා වැටිම හමුවේ උද්ගතව ඇති තත්ත්වය හමුවේය.මේ අනුව වෙළෙඳ පොල විශ්ලේෂකයින් කිහිපදෙනෙකුම deletedට පෙන්වා දුන්නේ මෙම වරලත් ගණකාධිකාරිවරුන්ගේ වෘත්තිය නොසැලකිලිමත් බව සම්බන්ධයෙන් වරලත් ගණකාධිකාරි ආයතනය මැදිහත්ව යම් පියවරක් ගත යුතු බවයි.
අද දිනයේ වෙළෙඳ පොල සියළු කොටස් මිල දර්ශකය ඒකක 14.35 කින් බිද වැටි ඒකක 5,672.64 ක් වු අතරේ ඒ සදහා Ceylon Tobacco Company (-3.79%) සහ John Keells Holdings (-0.57%) . S&P SL20 දර්ශකය ඒකක 0.95 කින් බිද වැටි ඒකක 3,177.17ක් විය.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 239 දක්වා පහත වැටිණි.
පිරිවැටුමට රුපියල් මිලියන 125 ක ඉහළම දායකත්වය එනම් හරි අඩකට ආසන්න දායකත්වය ජොන් කීල්ස් ලබා දුන්නේ ගිවිසගත් ගනුදෙනුවක් ද මගිනි.ඒ එහි කොටස් 440,000 ක් රුපියල් 210 ක් බැගින් ගනුදෙනු වෙමිණි.
ජොන් කිල්ස් හිමිකම් නිකුතුවට අදාල තොරතුරු අද හෙළි දරවි වු අතර ඒ පහත පරිදිය.
JOHN KEELLS HOLDINGS - RIGHTS ISSUE DATES JOHN KEELLS HOLDINGS PLC
Company ID: - JKH
Date of Initial Announcement: - 28.Aug.2013
Proportion: - Two (02) new ordinary shares for every thirteen (13) existing ordinary voting shares
Issue Price: - Rs. 175.00
Qty Offered: - 131,987,983
General Meeting / Provisional Allotment: - 02.Oct.2013
Date EX: - 03.Oct.2013
Dispatch of Provisional Letter of Allotment: - 09.Oct.2013
Rights Trading Commences on: - 15.Oct.2013
Renunciation: - 24.Oct.2013
Last Date of Acceptance & Payment: - 25.Oct.2013
Share Transfer Book Open
SMB ලීසිං හා අර්බුදයට පත් CIFL අද වැඩියෙන් කොටස් හුවමාරු වු සමාගම් විය.