(07/05/13 )- කොළඹ කොටස් වෙළෙඳ පොළ අද යළි සුපරුදු ජවයෙන් ඉදිරියට ඇදුන අතර එහිදි ගිවිසගත් ගනුදෙනු 04 ක් සමගින් දිනයේ පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවා අඛන්ඩව යනු දක්නට විය.
මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසන් කරන විට සියළු කොටස් මිළ දර්ශකය ඒකක 26.47 කින් ඉහළ යම්න් ඒකක 6,252.60 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 9.83 කින් ඉහළ යමින් ඒකක 3,433.95 ක් විය.
ලංකා දුම්කොළ , John Keells Hotels PLC (KHL.N0000:CSE) ,බුකිත් ධාරා සහ ජෝන් කීල්ස් මෙම නැගුමට මුල් වු සමාගම් විය.
දිනයේ පිරිවැටුමට ඉහළම දායකත්වය ලෙස රුපියල් මිලියන 153.5 ක් රෝයල් සෙරමික් ලබා දිණි. ගිවිසගත් ගනුදෙනුවක් මගින් මෙහි කොටස් ලක්ෂ 02 ක් කොටසක් රුපියල් 106 බැගින් හුවමාරු වෙද්දි , සාමාන්‍ය පුවරුවේද රුපියල් මිලියන 132.3 ක ඉහළම දායකත්වයක් මෙම කොටස් ලබා දි තිබිණි.
අනිකුත් ගිවිසගත් ගනුදෙනු අතරේ ජෝන් කීල්ස් කොටස් 404,781 ක් කොටසක් රුපියල් 235 බැගින්ද,සෙලාන් බැංකු කොටස් මිලියන 1.9 ක් කොටසක් රුපියල් 67 බැගින්ද,සෝෆ්ටිලෝජික් කොටස් ලක්ෂ 02 ක් කොටසක් රුපියල් 12 බැගින්ද විය.
සාමාන්‍ය පුවරුවේ ජෝන් කිල්ස් රුපියල් මිලියන 79 කද සෝෆ්ටිලෝජික් රුපියල් මිලියන 53.9 ක ද කොටස් හුවමාරු විය.
රයිගම් වයඔ සෝල්ට්,ෆී ලංකා,බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හා පෑන් ඒෂියාද අද මිලියනය ඉක්මවා කොටස් ගනු-දෙනු වු සමාගම් විය.
http://www.randora.lk/index.php/lead-article/item/2706-wednesday-markets