ජාත්‍යන්තර ආයෝජන බැංකු වල (Goldman Sachs සහ McKinsey වැනි) සේවය කර පළපුරුද්ද ඇති මෙරට තරුණ පිරිසකගෙන් සමන්විත York Street Partners ආයෝජන බැංකු සේවා හා උපදේශණ සමාගම ප්‍රමුඛ සන්ධානයක් ඒෂියා කැපිටල් හි කොටස් තැරුවිකාර අංශය වන ශ්‍රී ලංකාවේ වසර 21 ක් පැරණි ඒෂීයා කොටස් තැරුවිකාර සමාගම (Asia Securities) මිළදි ගැනිම සඳහා මේ වන විට ප්‍රමුඛතම ලංසුව තබා ඇතැයි,අදාල ගණු-දෙනුවට සම්බන්ධ සමීපතම ආරංච් මාර්ග රන්දොරට හෙළි කළේය.
රුපියල් මිලියන 150 ක පමණ මිළකට මෙම ගණු-දෙනුව සිදු කිරිමට මේ වන විට අවසන් එකඟතා සිදු වෙමින් පවතින බවත් නව තත්ත්වයන් අනුව ඒෂියා කැපිටල් ආයතනය ඔවුනගේ ජපන් ආයෝජක පිරිසක් හා හවුල්ව සිදු කරන Asia Leisure Pvt Ltd හි හෝටල් ව්‍යාපෘති වෙනුවෙන් මොවුන්ගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු ඉලක්ක ගත වනු ඇති බවද මෙම ආරංචි මාර්ග කීය.
මෙයට පෙර යුනියන් බැංකුව ප්‍රමුඛ සන්ධානයක් හා අක්බාර් බ්‍රදර්ස් ප්‍රමුඛ සන්ධානයක්ද ඒෂීයා කොටස් තැරුවිකාර සමාගම මිළදි ගැනිම සඳහා අර්පණ ඉදිරිපත් කර තිබිණි.
ඒ සමගින් අප කලින් වාර්තා කළ පරිද්දෙන්ම ඒෂියා කැපිටල් සමුහයේ මුදල් සමාගම වන ඒෂියා කැපිටල් හි සියයට 58.8 ක අයිතිය සතු මුදල් සමාගම වන ඒෂියා ඇසෙට් හි තීරණාත්මක අයිතියක් මිළදි ගැනිම සඳහා ඉන්දියාවේ Kochi මුලස්ථානය කර ගත් ඉන්දියාවේ විශාලතම රන් ණය සපයන්නා වන Muthoot Finance ඉදිරිපත් වි ඇති බවද මෙම ආරංච් මාර්ග පවසයි.
මෙය කලින් කොල්ලුපිටිය සෙල්ලමුත්තු පවුලේ සමාගමක්ව පැවතිණි.
Muthoot Finance රුපියල් මිලියන 400 ක් දක්වා මෙහි ආයෝජනය කරනු ඇතැයි විශ්වාශ කරනවා.මුලින් සමාගමේ සියයට 30 කට අඩු කොටස් ප්‍රමාණයක් සදහා ආයෝජනය කරමින් මොවුන් මෙහි ආයෝජනය ආරම්භ කරනු ඇති බවට දැනට අවසන් කතා බහා සිදුව තිබෙනවා.මේ වන විට මෙම ගණු-දෙනුවේ නීතිමය කටයුතු ප්‍රියන්ති පීරිස් මහත්මිය ප්‍රමුඛ පාර්ශ්වයක් කටයුතු කරමින් පවතිනවා යැයි මේ සම්බන්ධයෙන් රන්දොරට කරුණු දැක්වු මෙම ගණු-දෙනුවට සමීප ආරංච් මාර්ග පවසා සිටියේය.
මැලේසියාවේ කූප්‍රකට ගෝල්ඩ් ක්වෙස්ට් ජාලය හිම් විජය ඊස්වරන් පාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ ඒෂියා කැපිටල් හි සියයට 85 ක අයිතියකට මේ වන විට හිමිකම් කියනු ලබයි.
මෙයට පෙර මොහු මොවුනගේ රක්ෂණ අංශය වන ඒෂියන් ඒලායන්ස් රක්ෂණ සමාගම සෝෆ්ලෝජික් හෝල්ඩිංග්ස් වෙත විකුණා දැම්ය.
ඉදිරියේදි Asia Leisure Pvt Ltd හි හෝටල් ව්‍යාපෘති වෙනම ලයිස්තුගත කිරිමටද මොවුනගේ සුදානමක් ඇති බව සදහන්ය.
York Street Partners is a boutique financial advisory and investment banking firm based in Colombo, Sri Lanka. With over 50 years of international experience between the founding partners, York Street Partners strives to provide creative and transformative solutions to clients’ needs.