අද කොළඹදි පැවති ප්‍රාග්ධන වෙළෙඳ පොල පිළිබඳ සමුළුව අමතමින් මුදල් ලේකම්වරයා මේ බව පැවසිය.
ඉහළ අපනයන ඉපයුම්,සේවා ඉපයුම් මෙම තත්ත්වයට හේතුව බවද හෙතෙම කීය.
පසුගිය දිනවල දේශිය රුපියලේ අගය ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමානය විමේ ප්‍රවනතා පෙන්නුම් කළද මහ බැංකුව වෙළෙඳ පොලින් සිදු කළ ඩොලර් මිලදි ගැනිම් හමුවේ ඩොලරයේ අගය මේ වන විට ඇමෙරිකාණු ඩොලරයට සාපේක්ෂව රුපියල් 130.35 මට්ටමේ ස්ථාවර වි ඇත.
අපේ අපනයන අභීමුඛ ආර්ථීකය වර්ධනය වුවහොත් රටේ බදු පදනම රැකියා උත්පාදනය සහ ව්‍යාපාර පුළුල් විම හමුවේ වර්ධනය වේවි.ලාභ මත බදු අය කිරිම සදහා සියයට 12/16 ක ආදායම් වර්ධනයක් අවශ්‍යයයි.ඒ සමගින් රැකියා ආදායම්,සමහාර වියදම් මත දළ දේශිය නිෂ්පාදිතය මත වන බදු පදනම සියයට 15 ඉක්මවා යන්නට මෙය ඉවහල් වෙනවා.
මතක තියා ගන්න අපි ප්‍රාග්ධන ලාභ මත බදු අය කරන්නේ නැහැ.ඒ සමපේක්ෂණ ලාභ දිරි ගන්වන්න නොවේ.දිගු කාලින වශයෙන් ව්‍යාපාර දිරි ගන්වන්නයි ඒ සහනය දෙන්නේ.යැයිද ආචාර්ය ජයසුන්දර කීය.