මෙය කලින් කළමනාකරණය කරනු ලැබුවේ ධම්මික පෙරේරා මහතාට අයත් Amaya Leisure විසිනි.
පෑන් ඒෂියා බැංකුවේ සියයට 14 ක (කොටස් මිලියන 44.2 ක් ) දෙවන විශාලතම කොටස් හිමිකමට හිමිකම් කියන ජපානයේ Bansei සමුහයට අයත් හික්කඩුවේ Bansei Royal Resorts Hikkaduwa Limited, හි කොටස් මිලියන 53.7 ක් හදුන්වාදිමේ නිකුතුවක් මගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ දිරි සවි පුවරුවේ මෙය ලයිස්තුගත කළේ මේ වසරේදිය.
කාමර 34 කින් යුත් මෙම හෝටලයේ සියයට 39 ක හිමිකම ටෝකියෝ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත Bansei සතු වේ.
No. 36/31, Edmonton Road, Kirulapana, Colombo 06, යන ලිපිනයේ පිහිටි මෙම සමාගම Bansei Securities Finance Ltd, හි අනුබද්ධ සමාගමක් ලෙස ක්‍රියා කරයි. Bansei සමුහයේ සභාපතිත්වය Murakami Toyohiko දරණ අතරේ ප්‍රමුඛ කොටස් කරු වන්නේ ජපානයේ Banseishouken Ltd. ය.
මොවුන්ගේ ලංකා ගමනය සිදු වුයේ NWS Holdings කොටස් තැරුවිකාර සමාගම හරහාය.