අවම වශයෙන් රුපියල් බිලියන 6-7 ක ප්‍රමානයක්වත් මේ හරහා සමුහයේ ප්‍රාග්ධනයට දායක කර ගැනිමට මේ අනුව සැලසුම් කරමින් පවතින බවත් ඒ අනුව අදාල සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදු වෙමින් පවතින බවද මෙම වාර්තා කියයි.
මෙම private equity නැතිනම් පුද්ගලික හිමිකම් අරමුදල් හරහා අරමුදල් රැස් කිරිමේ වාසිය වන්නේ ඒවා ණය ක්‍රමවේදයන් මෙන් කිසිදු පොලි හෝ ගාස්තුවකින් තොරව හුදෙක් හිමිකමේ අයිතියකට අරමුදල් රැස් කර ගැනිමට ඇති හැකියාවයි. සුළු හෝ ආයතනගත ආයෝජක මුලාශ්‍ර හෝ සමාගම් හරහා සාමාන්‍ය යෙන් මෙම Private equity රැස් කිරිම සිදු කරන අතර අදාල අරමුදල් නව තාක්ෂණය,කාරක ප්‍රාග්ධන අවශ්‍යතා හා ව්‍යාපාර අත්පත් කර ගැනිම් හා ශ්‍රේෂ පත්‍ර ශක්තිමත් කිරිමට යොදා ගත හැකිය.
මොවුන් දිගු කාලින පදනමින් මෙම ආයෝජනයන්හි යෙදෙන අතර අදාල නිශ්චිත කාලයකට පසු ස්වකිය ආයෝජනයේ ලාභ පියවමින් එහි අයිතිය වෙන කෙනෙකුට පවරා නික්ම යාම සිදු කරයි.
කොළඹ යුනියන් බැංකුව මේ ආකාරයේ පුද්ගලික හිමිකම් අරමුදල ක් වු TPG Capital හරහා පසුගියදා ඩොලර් මිලියන 113 ක දිවයිනේ දැවැන්තම මේ ආකාරයේ සාර්ථක ආයෝජනයක් සිදු කළ අතර එම ප්‍රවනතාවය හමුවේ දැන් දැන් මෙරට ව්‍යාපාරිකයින්ද මෙම පුද්ගලික හිමිකම් අරමුදල් හරහා ස්වකිය ව්‍යාපාර අරමුදල් තර කර ගැනිමේ උත්සායන්ද දියත් කරමින් පවතින බවද වාර්තා වැඩ්දුරටත් පවසයි.
ජාත්‍යන්තර Fitch Ratings අනුබද්ධිත Fitch Ratings Lanka Limited විසින් Softlogic Holdings හි ජාතික දිගු කාලින ණය ශ්‍රේණිය හා ණයකර ශ්‍රේණිගත කිරිම 'BBB+(lka)' සිට 'BBB-(lka)' දක්වා පසුගියදා පහත දැමුවේ ODEL හි සිදු කළ අත්පත් කර ගැනිමත් සමගය.
සුවසේවා (ආසිරි රෝහල්),තොරතුරු තාක්ෂණ,සිල්ලර,මුල්‍ය සේවා,මෝටර් වාහාන හා හෝටල් අංශයේ ව්‍යාපාර කටයුතු වල නියුතු සමාගම් වල ලාභාංශ මත මෙම Softlogic Holdings ඉරණම තීන්දු වි ඇත.
මෙසේ ෆිච් රේටිං විසින් ස්වකිය ණය ශ්‍රේණිගත කිරිමේ නිර්ණායක අගයන් දෙකක් පහලින් මෙහි ණය ශ්‍රේණිය පහළ දැම්ම මගින් සමුහයේ ප්‍රවේගකාරි ආයෝජන සහ ප්‍රාග්ධන ව්‍යුහය සහ ද්‍රවශිලතා ව්‍යුහයේ දුබලතා හා මුල්‍යමය ප්‍රමිතින් 'BBB+(lka)' තත්ත්වයන් හා නොගැලපෙන බව අඟවන බව සදහන් කරයි.
තවදුරටත් මෙහි 'BBB-(lka)' ණය ශ්‍රේණිගත කිරිම පවත්වාගෙන යාම සමුහයේ ප්‍රමානවත් ද්‍රවශිලතාවයන්, ප්‍රාග්ධන ව්‍යුහය හා මුල්‍යමය නම්‍යතාවය මත රදා පවතින බවත් මෙය Rating Watch (Negative) මගින් පරික්ෂාවට බදුන් කරන බවත් ෆීච් ස්වකිය අවසන් වාර්තාවෙන් කියා සිටියේ අදාල ණය ශ්‍රේණිගත කිරිමෙන් ඉවත්ව යාමද පසුව සිදු වු තත්ත්වයකදිය.