මේ අනුව, මාසයකදී ඩොලර් බිලියනයකට වඩා අපනයන ආදායමක් මුල් වරට රැස්කර ගැනීමට ගෙවුණු මාර්තු මාසයේදී ලංකාව සමත්වී තිබෙන අතර ලබාගෙන තිබෙන අපනයන ආදායම ඩොලර් මිලියන 1,057 කි.
එය 2010 මාර්තු මාසය සමග සැසඳීමේදී සියයට 54 ක වර්ධනයක් වන අතර කාර්මික භාණ්ඩ අපනයන ආදායම වැඩිවීම මෙම වර්ධනයට වැඩි දායකත්වයක් දක්වා තිබේ.
මේ අනුව, මෙරට අපනයන කාණ්ඩයක් වන ඇඟලුම් අංශය සියයට 68.3 ක වර්ධනයක් දක්වා තිබෙන අතර උපයාගෙන තිබෙන ආදායම ඩොලර් මිලියන 473 කි.
රබර් නිෂ්පාදන අපනයනය සියයට 75.6 කින්ද, ආහාර පාන හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සියයට 30 කින්ද මේ කාලයේදී වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.
මීට අමතරව, කෘෂි කාර්මික භාණ්ඩ අපනයනය සියයට 40.3 කින් වර්ධනය වෙමින් ඩොලර් මිලියන 219.6 ක ආදායමක් ලබා තිබෙන අතර තේ අපනයනය සියයට 27.5 කින් වැඩිවී ඩොලර් මිලියන 134.6 ක ආදායමක් ලබා තිබේ.
මේ අතර, මාර්තුවේදී ආනයනද සියයට 73 කින් වැඩිවූ බවත් ඇඟලුම් කර්මාන්තය වෙනුවෙන් යොදන රෙදි පිළි ඇතුළු අන්තර් භාණ්ඩ ආනයන මේ කාලයේදී වර්ධනය වී තිබෙන බවත් මහ බැංකු දත්ත වැඩිදුරටත් අනාවරණය කරයි.
මෙරටට ගෙන්වන ප්‍රමුඛතම අන්තර් භාණ්ඩය වන ඛනිජ තෙල් ආනයනය මේ කාලයේදී සියයට 74 කින් වර්ධනය වී තිබෙන අතර ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 298 ක ආනයන වියදමක් සිදුකර තිබේ.
මාර්තුවේදී ආයෝජන භාණ්ඩ ආනයනය සියයට 95 කින්ද, පාරිභෝගික භාණ්ඩ ආනයනය සියයට 60 කින්ද,
වැඩිවී තිබෙන අතර වෙළඳ හිඟය දෙගුණ වෙමින් ඩොලර් මිලියන 632 ක වෙළඳ හිඟයක් වාර්තා කර ඇත.
http://www.vimasuma.com