As per the allegations, To "show" higher allocation for education ( they promised 6% ) they have shown the expenditure done by previous government in last few years as allocation for 2016 budget.
As per the info, Hon Ranil Wickramasinghe PM had no involvement in this blunder and he was not aware of it until opposition MP Mr. B. Gunawardena explained everything to him personally yesterday.
මහින්ද ගෙ කාලෙ හදපු මහින්දෝදය විද්‍යාගාර වලට වැය කළ මුදල් ද ලබන වසරේ වැයකිරීමට ඇති ඒවා ලෙස ගණනය කර ඒ සඳහා මේ අයවැයෙන් නාමික මුදල් වෙන්කිරීමක් කරලාලු.
(quoted ) මගේ කලිසම හොඳ හැටි ඇඳගෙන උගේ වගේ යනවා වගේ වැඩක් මේක. (quote ends)
මෙලෙස බිලියන් ගානක් බොරු ඇලොකේශන් වෙන් කිරීම මගින් අද්‍යාපනයට ඔන්න අපි මහින්දට වඩා වෙන් කළා කියා ජනතාව රැවැට්ටීමට කටයුතු කර ඇති බව චෝදනාවකි.
ඒ ගැන උපුටා ගැනීමකි:
2016 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අයවැය සම්බන්ධයෙන් වන විවාදයේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
එජාප විපක්ෂයේ සිටින සමයේ දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න යැයි සරසවි ප්‍රජාව සමග උද්ඝෝෂණය කළා. අයවැය එනවිට තක්කු මුක්කු. බොරුව හෙලි වෙන්න ළගයි. වෙන් කරන්න පුළුවන් උපරිමේ රු බිලියන 64.6යි. 2016 ආර්ථික වර්ධනය 7% පමණ බලාපොරොත්තු වෙන නිසා 2016 දදේනි % ලෙස අධ්‍යාපන වියදම 2015 වගේම 2014ටත් වඩා අඩුයි.
දැන් මොකද කරන්නේ?
ඩිස්රයෙලිගේ ප්‍රකාශය මතක් වුණා. පට්ටපල් බොරු වලටත් වඩා ලොකු බොරු සංඛ්‍යා ලේඛණ වලින් කරන්න පුළුවන් කියලා මතක් වුණා. 1938 නිදහස් අධ්‍යාපන ආරම්භ කරපු දවසේ සිට රජයේ පාසල් වලට විවිධ ඉඩම් අත්පත් කර ගත්තා. ඒ ඉඩම් වල විවිධ ගොඩනැගිලි ඉදි කළා. 2015 වන විට පාසල් පද්ධතියේ රුපියල් ට්‍රිලියන ගණනක් වටිනා දේපල. ( ඔන්න දැන් අපේ නව මුදල් ඇමති තුමා) මේ සියල්ල කුලියට ගන්න වුණා නම් කීයක් වැය වේද කියලා වාර්ෂික කුලිය ඇස්තමේන්තු කළා. ඒක රු බිලියන 121.4ක්. මේක එකතු කළා අධ්‍යාපන වියදමට. ඔන්න දැන් අධ්‍යාපන වියදම බිලියන 186. !
(සත්‍ය වියදම 64.6 බොරු වියදම 121.4 Total = 64.6 + 121.4 = 186 )
රචනාවක් ලියා ගන්න බැරි කොළු පැටියා දන්නේ මැක්කා ගැන විතරලු.
මාළුවා ගැන රචනාවක් ලියන්න කිව්වාම, බැරි වෙලාවත් මාළුවෙකුගේ ඇඟේ මැක්කෙක් හිටියා නම් කියලා මැක්කා කළුයි මැක්කා පොඩියි මැක්කාට කකුල් හයයි කියලා ලිව්වාලු.
මේ අයවැයත් ඒ පොඩි එකාගේ රචනේ වගේ. මේ ඉඩම් සහ ගොඩනැගිලි බද්දට ගන්න වුණා නම් කියලා ඒ බදු කුලිය අධ්‍යාපන වියදමට එකතු කරලා !
ලෝකයේ සෑම රටකම අයවැය සකස් කරන්නේ මුදල් පදනමට මිස උපචිත පදනමට නොවේ. කිසිම රටක් අයවැයේ අතීත වියදම් දාන්නේ නෑ.
කරන්න බැරි හේතුව: ජාතික ආදායම් ගිණුම්කරණයේ එන ද්විත්ව ගණනය දෝෂය double counting error සිදු වෙනවා. මේ පාසල් ඉඩම් ගන්න සල්ලි වැය කලේ අතීත ආණ්ඩුවල අයවැයෙන්. පාසල් ගොඩනැගිලි ඉදි කරන්න මුදල් වැය කලේ අතීත ආණ්ඩුවල අයවැයෙන්. පසුගිය වසර පහේ දී අයවැයෙන් මහින්දෝදය විද්‍යාගාර සඳහා කළ වියදම තිබෙනවා. සෑම පාසලකටම වැසිකිලි පහසුකම් දෙන්න කළ වියදම තිබෙනවා. නවෝද්‍යා ඉසුරු වැනි ව්‍යාපෘති යටතේ කළ වියදම.
මේ වියදම් අතීත අයවැයෙත් තිබෙනවා. දැන් මේ අයවැයෙත් දාල තිබෙනවා. !
එවිට ද්විත්ව ගණන දෝෂය වෙනවා.
මේවා මුදල් ඇමතිතුමා දන්නේ නෑ කියමු. අඩුම ගණනේ මේවා තේරෙන කබීර් හසීම් හර්ෂ සිල්වා එරාන් වික්‍රමරත්න වැනි ඇමතිතුමන්ලා මේවා කියලා දෙන්නේ නැත්තේ ඇයි?
අපි බොහොම මහන්සියෙන් මුදල් සොයා ගෙන පාසල් තුල කළ ඉදි කිරීම් වල පිරිවැය මේ ආණ්ඩුවේ ගිණුමට දාගෙන 6% හදන නිර්ලැජ්ජිත උත්සාහයක්.
මගේ කලිසම හොඳ හැටි ඇඳගෙන උගේ වගේ යනවා වගේ වැඩක් මේක.
Disraeli:
Former British Prime Minister Benjamin Disraeli was the Leader of Opposition in 1880. In the budget debate, he said that there are three kinds of lies. Lies, damned lies and statistics.