කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත පොදු සමාගමක වාර්ෂික වාර්ථාව නියමිත දිනට වඩා මාස 3ක් ප්‍රමාද වුවහොත් එම සමාගමේ කොටස් අලවිය තාවකාලිකව තහනම් කෙරෙනා බව රෙගුලාසි වල කියැවේ. එහෙත් කොටස් වෙළඳ පොල නියාමනය කරන සුරැකුම්පත් හා කොමිසම් සභාව නියමිත දින පසුවී වසරකට පසුවීත් 2017 එහි 2017 වාර්ෂික වාර්ථාව පලකිරීමට අසමත් වී ඇත. මෙම මැයි මස අවසන්වන විට 2018 වාර්ෂික වාර්ථාවද පලකල යුතු අතර මේ තත්වය යටතේ එයද සිදුවීම අවිනිශ්චිතය. අසාර්ථක ආන්ඩුවේ දේශපාලනඥයින්ට පමනක් නොව නිලධාරීනටද වැඩ බැරි බවට මෙය හොඳම උදාහරණයකි. මෙවැනි තත්වයක් යටතේ ලංකාවේ ආයෝජනය කරන්නේ කුමන විදේශිය ආයෝජකයාද ? 2014 ආසියාවේ තිරසාරම කොටස් වෙලඳපොල ලෙස සම්මාන ලැබු කොළඹ කොටස් වෙලඳපොල යහපාලන ආන්ඩුවේ වැඩ බැරි නිලධාරීන් යටතේ මේ වන විට ආසියාවේ දුර්වලම කොටස් වෙළඳපොල බවට පත්ව තිබීම පුදුමයක්ද ?
Nalaka Godahewa
Former Chairman of SEC
https://www.facebook.com/698406985/posts/10155906504106986?s=1009655110&sfns=mo