(දෙවන සංස්කරණය)- මෙරට ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්‍ෂිණ අධිවේගී මර්ගයේ විවේක ස්ථාන සංවර්ධනය කර නඩත්තු කිරීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පැවරීමට රජය තීන්දු කර ඇත.
මෙම මාර්ගයේ දෙපස හඳුනාගත් ස්ථානවල විවේක ගැනීමේ ස්ථානයන් සංවර්ධනය කර නඩත්තු කිරීමේ වගකීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත පැවරීමට වරාය හා මහා මාර්ග අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
අවන්හල් හා කඩ සාප්පු ඉදිකිරීම ඇතුළු අනෙකුත් පොදු පහසුකම් ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් අත්පත් කරගෙන ඇති ඉඩම් 99 අවුරුදු බදු පදනම මත ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත බදු කුලී ගිවිසුමක් යටතේ නිදහස් කරන බව රජය කියයි.
මේ අනුව,වැලිපැන්න පිවිසුම අසල මාර්ගයේ දෙපස මෙවැනි විවේක ස්ථානයක් ගොඩ නගන බවත් එහි අවන්හල්,සාප්පු, සේම ජලය,දුරකතන,වැසිකිලි,හා වාහන නැවැත්වීමේ පහසුකම් ගොඩනගන බවත් රජය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා කිලෝ මීටර් 90 ක් පමණ වන කොටස ලබන ජූලි අවසානයේදී විවෘත කිරීමට රජය සූදානම් වන අතර එහි වැඩ කටයුතු වලින් බොහෝමයක් මේ වනවිට අවසන් කර තිබේ.
කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා මෙම මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර තිබුණත් නිසි වේලාවට අරමුදල් සම්පාදනය කර ගැනීමට නොහැකිවීම නිසා ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටස ලබන ජූලි අවසානයේදී විවෘත කිරීමට නොහැකිය.
අදාළ කොටසේ වැඩ කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබේ.
http://www.vimasuma.com