චීනයේ ජිව විද්‍යාත්මක අවි සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදී සිටි ඊශ්‍රායලයේ මොසෑඩ් බුද්ධි ඒකකයේ විශ්‍රාමික විශ්ලේෂක නිලධාරියෙක් සඳහන් කර සිටියේ චීනය විසින් ක්‍රියාත්මක කළ රහසිගත ජිව විද්‍යාත්මක අත්හදා බැලීමකදී මෙම වෛරසය විද්‍යාගාරයෙන් පිටතට සම්ප්‍රේෂණය වන්නට ඇති බවයි.
නව කොරෝනා වෛරසය පැතිරී යාම ආරම්භ වූ වුහාන් නගරයේම චීන රජයේ "ජාතික ජෛව සුරක්‍ෂිතතා විද්‍යාගාරය" පිහිටා ඇති අතර එහි මාරාන්තික වෛරස් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන බවයි එම බුද්ධි අංශ විශ්ලේෂකයා පෙන්වා දෙන්නේ. මෙම විද්‍යාගාරය තුල චීන රජය විසින් ජීව විද්‍යාත්මක වෛරස් සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදුකරනු ලබන බවට තොරතුරු වාර්තා වුයේ බොහෝ කලක සිටයි.
නව කොරෝනා වෛරසය පැතිරීයාම වුහාන් හි පිහිටි මත්ස්‍ය අලෙවි සැලකින් ආරම්භවූ බවයි පළමුව චීනයේ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ. ඒ වුහාන් නගරයේ පිහිටි වන සතුන්ගේ මස් අලෙවි කිරීමට තබා තිබු මත්ස්‍ය අලෙවි සැලකින් බවයි.
නමුත් මෙම වෛරසයට ගොදුරුවූ බවට වාර්තාවූ පළමු රෝගියා සහ එම වෙළදසැල සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නැති බවට හෙළිවී තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සඟරාවකට ලිපියක් පළකරමින් චීනයේ විශේෂඥයින් පිරිසක් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
"පළමු වරට කොරෝනා වෛරසය වැළදුණු බවට සැක කෙරෙන රෝගියා හමුවුයේ දෙසැම්බර් මස 01 වෙනිදායි. ඔහුගේ සහ වුහාන් නගරයේ පිහිටි මත්ස්‍ය අලෙවි සැල සමග කිසිදු සම්බන්ධතාවයක් තිබී නැති බවට අපට තහවුරු වුනා" එම චීන විද්‍යාඥයින් The Lancet නම් සෞඛ්‍ය සඟරාවට ලිපියක් පළකරමින් ප්‍රකාශ කර ඇත.
"පළමු රෝගියාගේ සිට 13 වන රෝගියා දක්වා සිදුකළ විමර්ශන වලදී හෙලිවුයේ එම පිරිස් මෙම වන සතුන් අලෙවි කරනු ලබන වුහාන් හි පිහිටි මත්ස්‍ය අලෙවි සැල සමග කිසිදු සම්බන්ධකමක් පවත්වා නැති බව තහවුරුවී තිබෙනවා" එම විද්‍යාඥයින් පිරිස තමන් සිදුකළ විමර්ශනවලදී හෙළිවූ කරුණු සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව පළමු රෝගීන් 13 දෙනා හරහා මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිරී ගොස් ඇති බවත් ඔවුන්ට එම වෛරසය වැළදී ඇත්තේ කුමනාකාරයෙන් ද යන්න මේ දක්වා පැහැදිලිවී නැහැ.
මෙම වෛරසය සම්බන්ධයෙන් සත්‍ය කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් මේ වන විට චීනයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ රජයට රට වැසියන්ගෙන්ම දැඩි දෝෂාරෝපණයක් එල්ල වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.