පසුගිය ජුලි මාසයේදීද වෙළෙඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩුවීමක් දක්නට ලැබුණු බවද ඒ සමඟම වාණිජ බැංකු විසින් අලූතින් ණය දීම සඳහා අයකරන පොලී අනුපාත සාමාන්‍යයෙන් තනි අගයක් දක්වා අඩුවී ඇතැයිද මහ බැංකුව කියයි.
මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ අගෝස්තු මස මූල්‍ය ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේ මේ බව සඳහන් වේ.
මෙසේ වෙළෙඳපොළ පොලී අනුපාතික මෑත කාලයේදී සැලකිය යුතු ලෙස පහළ යාම තුළින් මහබැංකුව විසින් සිදුකරන ලද මුදල් ප‍්‍රතිපත්ති ලිහිල් කිරීමේ කි‍්‍රයාමාර්ගවල බලපෑම පිළිබිඹු වන බවද එම වාර්තාවේ සඳහන්ය.
මෙසේ සමස්ත වෙළෙඳපොළ පොලී අනුපාතිකවල පහළ යෑම සතුටුදායක වුවත්, විශේෂයෙන් ආන්තික ණය ගැනුම්කරුවන්ට ඉතා අවාසිදායක අන්දමින් වෙළෙඳපොළ ණය අනුපාත තවමත් ඉහළ අගයක පවතින බවද මහ බැංකුව පෙන්වා දෙයි.
ඉදිරි කාලයේදී ආර්ථික කි‍්‍රයාකාරකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට අත්‍යවශ්‍ය වන ණය ලබාගැනීමේ හැකියාව ඉහළ නංවමින්, මෑතකදී කි‍්‍රයාත්මක කරන ලද මුදල් ප‍්‍රතිපත්ති ලිහිල් කිරීමේ කි‍්‍රයාමාර්ගවලට අනුකූලව සමස්ත වෙළෙඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයිද මහ බැංකුව අපේක්‍ෂා කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත