ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සේවා සැපයුම්කරු වන්නේද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි- වසර 160ට වැඩි කාලයක් මෙරට ජනතාවට අවශ්‍ය දුරකථන හා සන්නිවේදන පහසුකම් සැලසුවා
- 5G බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ශ්‍රී ලාංකේය ජනතාව වෙත හඳුන්වා දුන්නා
- “පියෝ ටීවී” මෙරට ජනතාව වෙත හඳුන්වා දෙනු ලැබුවේද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි
[size=48]දකුණු ආසියාවේ සන්නිවේදන සේවා දියුණුව අතින් ඉහළින්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකියි. දුරකථන සහ සන්නිවේදන ජාලාවල වේගය අතිනුත්, ව්‍යාප්තිය අතිනුත් දකුණු ආසියාවේ අනෙක් රටවල් සියල්ලම සිටින්නේ මෙරටට බොහෝ පිටුපසින් වන අතර දශක ගණනාවක් පුරා සන්නිවේදන තාක්ෂණය අතින් දකුණු ආසියා කලාපයේ ඉදිරියෙන්ම සිටින රට ලෙස එම ජයග්‍රහණය තහවුරු කර ගැනීමට කටයුතු කරත්දී ඒ සඳහා දායක වූ ප්‍රධානතම පාර්ශවකරුවෙකු වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන ප්‍රමුඛයා ලෙස පිළිගැනෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි.[/size]
වසර 160ට වැඩි කාලයක් මෙරට ජනතාවට අවශ්‍ය දුරකථන හා සන්නිවේදන පහසුකම් සලසමින් ගෘහස්ථ පාරිභෝගිකයාගේ සිට රාජ්‍ය ආයතන, පෞද්ගලික ව්‍යාපාර හා සමාගම්, රාජ්‍ය නොවන හා සමාජ සුබ සාධන සංවිධාන, බහු ජාතික සමාගම් ඇතුළුව මෙරට සමාජයේ සෑම ක්ෂේත්‍රයකම මෙන්ම සෑම තරාතිරමකම නිවාස, ආයතන, ව්‍යාපාර හා සංවිධාන වෙත නවීන සන්නිවේදන පහසුකම් ලබාදෙමින් මිලියන 1.6කට වැඩි පාරිභෝගික ප්‍රජාවකට විශිෂ්ට හා කාර්යක්ෂම සන්නිවේදන සේවාවක් සැපයීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමත්ව ඇති අතර දශක ගණනාවක් පුරා මෙරට ජන සමාජයේ ස්ථාවර දුරකථන අවශ්‍යතා සපුරාලීමට ඉතා උනන්දුවෙන් මෙන්ම කැපවීමෙන්ද කටයුතු කළ එම සමාගම මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සේවා සැපයුම්කරු බවටද පත්ව ඇත. ඒ අනුව පාරිභෝගික අවශ්‍යතා හඳුනාගත් ඩිජිටල් සේවා සැපයුම්කරුවකු බවට පත් වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විදුලි සන්දේශ සේවා වලින් ඔබ්බට ගොස් ඩිජිටල් ජීවන රටාවකට සරිලන විවිධාකාර සේවාවන් සහ විසඳුම් ලබා දීමට කටයුතු යොදා තිබීම ප්‍රශංසනීය වේ. මේ වන විට සිය ජයග්‍රාහී ගමන් මගේ සුවිශේෂ සංධිස්ථානයක් වෙත ලගා වී ඇති ටෙලිකොම් ආයතනය රැහැන් රහිතව 5G බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් පහසුකම ශ්‍රී ලාංකික ජනතාව වෙත හඳුන්වා දීමටද සමත් වී ඇත.
වේගවත්, සුපැහැදිලි හා අඛණ්ඩ වීඩියෝ සේවා ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයන් පවා උනන්දු වන අතර ඔවුන්ගේ දුරකථන, ලැප්ටොප්, ටැබ්ලට් සහ වෙනත් ස්මාර්ට් උපාංග සඳහා වේගවත් අන්තර්ජාල පහසුකම් ඉතා විශිෂ්ට ලෙස සපුරාලීමට 5G සේවාවත් සමග අවස්ථාව උදා වේ. රැහැන් රහිත 1.7Gbps වේගයකින් සමන්විත අධිවේගී 5G බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සේවාව නිවාසවලට මෙන්ම ව්‍යාපාර වලටද ඉතාමත් ආකර්ෂණීය සේවාවක් වනු ඇත.
ස්ථාවර හා ජංගම දුරකථන සේවා, බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් , දත්ත (Data)සේවා, PEO TV, Cloud සේවා සහ විවිධාකාර පාරිභෝගිකයින්ට ජාලකරණ විසඳුම් ආවරණය වන තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් රාශියක් සිය ගනුදෙනුකරුවන් වෙත විධිමත්ව හා අඛණ්ඩව සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන උපායමාර්ගික අරමුණු වලින් එකක් වන්නේ බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් පාදක කරගත් පාරිභෝගික හා ව්‍යවසාය සේවාවන් ඊළඟ පරම්පරාවේ ජාලය (එන්ජීඑන්) සහ ජාතික පසුබිම් ජාලය (එන්බීඑන්) හරහා පුළුල් කිරීමයි. මෙම ප්‍රයත්නයන් සඳහා ඔප්ටිකල් ෆයිබර්, ADSL 2 +, VDSL 2, වාහක-ශ්‍රේණියේ වයි-ෆයි සහ ස්ථාවර හා ජංගම 4G, LTE තාක්ෂණයන් ඇතුළු තාක්ෂණයන් රාශියක් ඇතුළත් වේ. අති නවීන ගෝලීය සේවාවන් සැපයීම සඳහා සමාගම සිය අන්තර්ජාතික සබ්මැරීන් කේබල් ජාල භාවිතා කරමින් ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රධාන ගෝලීය ක්‍රීඩකයකු ලෙසද සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත්කම් දක්වා තිබීමද විශේෂයෙන් ඇගයිය යුතුම කාරණාවකි.
එපමණක් නොව සාම්ප්‍රදායික රූපවාහිනී අත්දැකීම විප්ලවීය වෙනසකට බඳුන් කරමින් ඩිජිටල් තත්ත්වයේ රූප, Time Shifted TV, Rewind TV to play, pause live TV සහ Video on Demand වැනි පහසුකම් රැසකින් පොහොසත් ‘පියෝ ටීවී” මෙරට ජනතාව වෙත හඳුන්වා දෙනු ලැබුවේද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වන අතර මේ වන විට ඉතා ජනප්‍රිය එකී පියෝ ටීවී සේවාව මඟින් දෙස්, විදෙස් රූපවාහිනී සේවාවන් රැසක් සම්බන්ධ කර ගනිමින් ජනප්‍රිය, නිර්මාණාත්මක මෙන්ම හොඳම රූපවාහිනී වැඩසටහන් රැසක්ම මෙරට ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ. රූපවාහිනී නාලිකා 20 ක් විකාශය කරමින් 2008 වසරේදී ආරම්භ වූ මෙම පියෝ ටීවී සේවාවට මේ වනවිට නාලිකා 200කටත් වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටියි.මීට අමතරව SLT Services,SLT Campus, digitel Services යනුවෙන් තවත් සමාගම් කීපයක්ම ටෙලිකොම් සමාගමට අනුබද්ධව කටයුතු කරන අතර මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පූර්ණ අනුබද්ධ SLT Campus වෙත හැකියාව ලැබී ඇත.
ස්ථාවර දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් කටයුතු කරත්දී ජංගම දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේද විප්ලවීය වෙනසක් සිදු කිරීමට එහි අනුබද්ධ මොබිටෙල් ආයතනයටද හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මොබිටෙල් (පුද්) සමාගම ජංගම දුරකථන සේවා, අධිවේගී බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් සහ අගය එකතු කළ සේවා රැසකින් පොහොසත් ජංගම දුරකථන සන්නිවේදන සමාගමක් ලෙස එම ජංගම දුරකථන සේවා පහසුකම් අත්විඳින ජනතාවගේ ආදරය හා ගෞරවයද හිමි කර ගෙන තිබේ.
මොබිටෙල් ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලයයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් 2002දී මොබිටෙල් හී පරිපාලන කටයුතු බාර ගැනීමත් සමඟම ශීඝ්‍රයෙන් වර්ධනය වූ මොබිටෙල් මේ වන විට ශ්‍රී ලංකාෙව් සන්නිවේදන ඉතිහාසය තුළ විප්ලවීය වෙනසක් සිදු කරනු ලැබ තිබේ. එමෙන්ම දකුණු ආසියානු කලාපය තුල ප්‍රථම වරට 3.5G HSPA තාක්ෂණය එළිදැක්වීමේ ගෞරවය හිමි වන්නේ ද මොබිටෙල් ජාලයටයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති එකම 4.5G / 4G + ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් 300 Mbps දක්වා වේගවත් වේගයක් ලබා දෙන අසමසම බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් ජාල අත්දැකීමක් ලබා දෙන අතර එය ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා ස්පීඩ්ටෙස්ට් සම්මාන මගින් පිළිගෙන තිබීමද ඔවුන් ලබා ගත් සුවිශේෂ ඇගයුමක් ලෙස සදහන් කර සිටීම වටී.
මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රොහාන් ප්‍රනාන්දු යි. විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස ලලිත් සෙනෙවිරත්නත්, සෙසු අධ්‍යක්ෂවරුන් ලෙස ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්, ඉංජිනේරු රංජිත් රූබසිංහ, මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් ආනන්ද සෙනෙවිරත්න යන අයත්, වැඩිම කොටස් අයිතිය හිමි මැලේසියානු මැක්සීස් ටෙලිකොම් සමාගම නියෝජනය කරමින් අධ්‍යක්ෂවරු තිදෙනෙකුත් ටෙලිකොම් ආයතනය නව දිසාවකට ගෙන යෑම සඳහා ඇප කැප වෙමින් ඒ සදහා යෝධ ශක්තියක් හා ධෙර්යයක් ලබා දෙමින් කටයුතු කරන බවද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිරතුරුවම වර්ධනය වන ආයතනයක් බව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු සඳහන් කළේය අවුරුදු 168 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ආරම්භ වී ඇත්තේ මුලින්ම පටන් ගත්තෙ තැපැල් හා විදුලි සන්දේශ දෙපාර්තමේන්තුව හැටියටයි. කාලයාගේ ඇවෑමෙන් 1990 දශකයේ අග භාගය වන විට එහි 40% ක කොටස් ජපන් නිපොන් ටෙලිකොම් ආයතනය විසින් මිලදී අර ගෙන ශ්‍රී ලංකා ටෙලිකොම් නව යුගය ආරම්භ වුණා. මේ වන විට 40% කොටස් මැලේසියාවේ මැක්සීස් ටෙලිකොම් ආයතනය විසින් මිලදී ගෙන තිබෙනවා. තවත් 5% පමණ කොටස් කොළඹ කොටස් වෙළඳපොළ සතුව පවතිනවා.
ලෝකයේ වෙනස්වීම් සමඟ වෙනස් රටක් ලෙස අප ඉදිරියට යා යුතුයි. ලෝකයේ සිදු වන වෙනස් වීම් වලට පරිවර්තනය වන විදියට අපි අනුගත වුණේ නැතිනම් අපිට රටක් ලෙස මෙන්ම ජාතියක් හැටියටත් එක තැන පල් වීමට සිදු වෙනවා. ඒ නිසා සෑම විටම නව වෙනස් කම් වලින් හැඩවී අති නවීන තාක්ෂණය නිරතුරුවම සිය මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගත් ආයතනයක් ලෙස අප අපේ රට හා ජාතිය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් සිදු කර ඇති බව ඉතාම ආඩම්බරයෙන් යුතුව සදහන් කළ හැකියි.
දුරකථන සේවා සඳහා අවශ්‍ය රැහැන් සදහා අතීතයේදී තඹ කම්බි භාවිත කළත් මේ වන විට ෆයිබර් ඔප්ටික් තාක්ෂණය හරහා කටයුතු කරන්නට ටෙලිකොම් ආයතනය පියවර ගෙන තිබෙනවා. රුපියල් බිලියන 30ක පමණ අති විශාල මුදලක් එම කටයුත්ත වෙනුවෙන් ටෙලිකොම් ආයතනය මේ වන විටත් නිර්ලෝභීව ආයෝජනය කර හමාරයි.
ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නිරතුරුවම වර්ධනය වන ආයතනයක්. මේ වන විට දිවයින පුරාම මිලියන 1.5 SLT ග්‍රාහකයින් පිරිසක් ටෙලිකොම් සමඟ එක්ව සිටින අතර බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් ග්‍රාහකයින් හාරලක්ෂ අනූ දහසක් වෙනවා. මොබිටෙල් ජංගම දුරකථන සන්නිවේදන පහසුකම් අත් විදින ග්‍රාහකයන් පිරිස මිලියන 7.5 ක්. මීට අමතරව SLT Services, SLT Campus, digitel Services යනුවෙන් තවත් සමාගම් කීපයක්ම ටෙලිකොම් සමාගමට අනුබද්ධව කටයුතු කරන අතර මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට SLT Campus වෙත හැකියාව ලැබෙනු ඇති