ආචාර්ය තිලක් කරුණාරත්න
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමකට ලක්වී නැතැයි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අවධාරණය කරයි.
දෙසැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම කොටස් වෙළෙඳ පොළක ආයෝජනයන් පහත වැටීමක් සිදුවිය හැකි බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය තිලක් කරුණාරත්න මහතා පවසයි.
වසර අවසානයේ නිවාඩු කාලය උදාවීමත් සමඟ කොටස් වෙළෙඳ පොළ ආයෝජනයන් තවදුරටත් පහත වැටිය හැකි බව පෙන්වා දෙන සභාපතිවරයා මෙලෙස ආයෝජනයන් පහත වැටුණ ද කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමක් සිදුවී නැතැයි සඳහන් කරයි.
මේ තත්ත්වය සමස්ත ලෝකයටම පොදු ප්‍රවණතාවයක් බවත් සුළු පරිමාණ ආයෝජකයන් පවා තම පරිභෝජන කටයුතු වෙනුවෙන් මුදල් ලබා ගැනීමට පෙලෙඹෙන බවත් හෙතෙම කියා සිටී. මෙහිදී ආචාර්ය තිලක් කරුණාරත්න මහතා සඳහන් කළේ වසර අවසානයේ නිවාඩු සමය උදාවීමත් සමඟ කොටස් වෙළෙද පොළේ යම් පහත වැටීමක් තිබෙන බවත් එය සමස්ත ලෝකයේම දක්නට ලැබෙන බවත්ය.
http://www.dinamina.lk/2011/12/12/_art.asp?fn=n1112121
.