එමිරේට්ස් මෙම නව ගිමන්හල වර්ග අඩි 5778ක වපසරියක ඉදිකොට තිබේ. එමිරේට්ස් පළමු සහ ව්‍යාපාර පන්තියේ මගීන්ට සහ ගුවන් සේවයේ නිතර පියාසර කරන්නන් සඳහා වන “ස්කයිවර්ඩ්” ප්‍රවර්ධන වැඩසටහනේ රන් සාමාජිකයින්ද අයත් කාණ්ඩයෙන් ගුවන් මගීන් 118 දෙදෙනකුට ගමන් විඩාව සංසිඳුවා ගැනීමේ පහසුකම් එහි සලසා ඇත. සුවපහසු ආසන 58ක්, 54 දෙනෙකුට ආහාරගත හැකි ස්ථානයක්, ව්‍යාපාරික මධ්‍ය-ස්ථානයක් සහ ගුවන් පථය හොඳින් දර්ශනය වන පරිදි පිටතින් පනවා ඇති ආසනයන්ගෙන්ද මෙම ගිමන්හල සමන්විත වේ. විදෙස් රූපවාහිනී නාලිකා නැරඹීමේ ස්ථානයක්, යාඥා-කාමරයක්, මධුපැන් හලක්, ස්නාන පහසුකම් හා කාන්තා පිරිමි හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වෙන්කළ වැසිකිළි පහසුකම්වලින්ද මෙම නව ගිමන්හල සමන්විත වේ. යුද වාතාවරණය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ශීඝ්‍ර සංවර්ධනය පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවකින් යුතුව, එමිරේට්ස් සමාගම මෙම සුපිරි ගිමන්හල සඳහා ආයෝජනය කළ බව නව ගිමන්හල විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති ටිම් ක්ලාක් මහතා සඳහන් කළේය. මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු ලංකාව තුළ වඩාත් පවතින මෙහෙයුම් සිදුකරන ජාත්‍යන්තර ගුවන් සේවාවක් ලෙස එමිරේට්ස් ගුවන් සමාගමට වඩාත් වැදගත් වන බවත්, සම්මානනීය ගුවන් සමාගමක් ලෙස විසිහය වසරක් ශ්‍රී ලංකාව සමගින් කටයුතු කළ සමාගම ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.
එමිරේට්ස් ගුවන්සේවය සිය මූල්‍යස්ථානය වන ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සුපිරි ගිමන්හල් තුනක් පවත්වාගෙන යන අතර, එමිරේට්ස් ජාලය ක්‍රියාත්මක වන ප්‍රධාන නගර ආවරණය කෙරෙන පරිදි සුපිරි ගිමන්හල් 27ක් මේ වන විට ස්ථාපිතකොට තිබේ.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4709:uuejjjde&catid=37:getaways&Itemid=396