ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු වාණිජ අමාත්‍යවරයා සමග පැවති ද්වි පාර්ශවික සාකච්ඡා වලදී මෙරට වසා දමා තිබෙන රෙදි කර්මාන්ත ශාලා කිහිපයක් නවීකරණය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වූ බව හෙළිවේ.
මේ පිළිබඳව “ ද හින්දු“ පුවත් පත වාර්තා කර තිබෙන අතර ලංකාව ඉන්දියාවෙන් නූල් හා රෙදි ආනයනය කරමින් පවත්වාගෙන යන සමීප සම්බන්ධතාවය නිසා රටවල් දෙක අතින්ම ගත්විට රෙදිපිළි කර්මාන්තය දියුණු කිරීම වැදගත් බව මෙහිදී ඉන්දීය වාණිජ අමාත්‍ය ආනන්ද් ශර්මා පවසා තිබේ.
ශර්මා පසුගිය බ්‍රහස්පතින්දා කොළඹට පැමිණියේ තෙදිනක් පුරා කොළඹ පැවැත්වෙන India Show වෙළඳ ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා වන අතර අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග පැවති සාකච්ඡා වලදී මෙරට වැසී ගොස් තිබෙන රෙදි කර්මාන්ත ශාලා කිහිපයක් නවීකරණය කිරීමේ යෝජනාව ඉදිරිපත් කළබව සඳහන්ය.
මීට අමතරව, ඉන්දියාව විසින් ඇඟලුම් හා රෙදි නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලා මෙරට ගොඩනැගීම සඳහාද මෙහිදී පොරොන්දුවී තිබෙන බව වාර්තාවේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=529980648