FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Richard Pieris Exports PLC (REXP.N0000) future looks bleak!
by God Father Yesterday at 10:08 pm

» Sri Lanka key Economic Indicators and Future Outlook for 2024
by God Father Yesterday at 6:06 pm

» Colombo Stock Market: Over Valued against USD!
by God Father Yesterday at 5:59 pm

» HSENID BUSINESS SOLUTIONS PLC (HBS.N0000)
by God Father Yesterday at 5:49 pm

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by glad Yesterday at 9:27 am

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by D.G.Dayaratne Sun May 19, 2024 7:28 am

» CBSL Pension Fund vs EPF
by God Father Thu May 16, 2024 9:13 am

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ෆිච්,සම්පත් බැංකුවේ ඉදිරි දැක්ම ස්ථාවර කරයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ෆිච් රේටින්ග්ස් ලංකා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් සම්පත් බැංකුවේ ධනාත්මක වූ ඉදිරි දැක්ම ස්ථාවර ඉදිරි දැක්මක් දක්වා සංශෝධනය කර තිබෙන අතර එහි ජාතික දිගුකාලීන AA-(lka) ණය ශ්‍රේණිය සහතික කර තිබේ. මීට අමතරව බැංකුවේ පහළ මට්ටමේ ශ්‍රේණිගත කර තිබෙන ණයකර වෙනුවෙන් (subordinated debentures) A+(lka) ණය ශ්‍රේණිය සහතික කර ඇත.

ඉදිරි දැක්ම වෙනස් කිරීම තුළින් පිළිඹිබු වන්නේ සම්පත් බැංකුවට වඩා ඉහළ ණය ශ්‍රේණියක් සහිත අනෙකුත් බැංකු වලට සාපේක්ෂව සම්පත් බැංකුවේ මූලික ප්‍රාග්ධනීකරණය ගොඩනැගීම බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වීමත්, බැංකුවේ අරමුදල් සම්පාදන ව්‍යුහය හා මෙහෙයුම් පරිමාණය දියුණු කරගනිමින් බැංකුවේ අඛණ්ඩ ලාභදායීතාවය තිරසාරව වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාවයයි. ණය ශ්‍රේණිය මගින් පිළිඹිබු වන්නේ සම්පත් බැංකුවේ 2009 වසරේදී ක්‍රියාත්මක කළ ව්‍යුහාත්මක වැඩිදියුණු කිරීම් තුළින් සහයෝගයක් ලැබුණු වත්කම් වල ගුණාත්මක භාවයේ ශක්තිමත් බව හා දේශීය වශයෙන් ගත්කළ එහි ඇති අක්‍රීය ණය සඳහා වූ ඉහළ සංචිත මෙන්ම බැංකු අංශයේ වත්කම්, ණය හා තැන්පතුවල වෙළඳ පොළ කොටස යන අංශ මගින් සිදු වූ ව්‍යාපාරික කටයුතු වල වර්ධනය වීමයි.

සම්පත් බැංකුවට වඩා ඉහළ ණය ශ්‍රේණියක් ඇති අනෙකුත් බැංකු හා සමානුපාතිකව සම්පත් බැංකුව සිය මූලික ප්‍රාග්ධනීකරණ මට්ටම තිරසාරව පවත්වා ගනිමින් අඛණ්ඩ ලාභදායීතාවය වැඩි කිරීම සහ වත්කම් වල ගුණාත්මක භාවයේ ශක්තිමත් බව පවත්වා ගනිමින් ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් සිදු වීම, ණය ශ්‍රේණිය ඉහළ දැමීමට හේතුවිය හැකිය. අනිත් අතට, බැංකුවේ අවදානම් සඳහා වූ රුචිය වැඩිවීම නිසා බැංකුවේ වත්කම්වල ගුණාත්මක භාවයට හා ප්‍රාග්ධන ස්වභාවයට පීඩනයක් ඇති වීම සම්පත් බැංකුවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට හේතුවිය හැකිය.

ෆිච් ආයතනය බලාපොරොත්තු වන්නේ සම්පත් බැංකුවේ මූලික ප්‍රාග්ධනීකරණය නියාමන අවමයට වඩා ඉහළ මට්ටමක තිබෙනු ඇතත් එය ඉහළ ණය ශ්‍රේණියක් සහිත අනෙකුත් වාණිජ බැංකු වලට වඩා පහළ මට්ටමක තිබෙනු ඇති බවයි. බැංකුවේ ඉහළ ණයදීම් සමගින් 2012 පළමු අර්ධය අවසානයේදී හිමිකම්/වත්කම් (Equity/assets) අනුපාතය සියයට 8.1 ක් දක්වා අඩුවී තිබෙන අතර 2011 අවසාන වනවිට එය සියයට 8.4 ක් ලෙසත් 2010 අවසන් වනවිට සියයට 9.0 ක් ලෙසත් පැවතුණි. 2012 පළමු අර්ධය අවසානයේදී බැංකුවේ මූලික ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය (core capital adequacy ratio) සියයට 10.96 ක්වූ අතර එය 2011 අවසානය වනවිට සියයට 10.47 ක් ලෙසින් පැවතුණි. බැංකුවේ හිමිකම් ප්‍රාග්ධනය වර්ධනය කිරීමේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස, බැංකුවේ අභ්‍යන්තර ඉපැයුම් රඳවා ගැනීම තව දුරටත් පැවතිය හැකි බව කළමනාකාරීත්වය විසින් අඟවා තිබේ.

අනිකුත් සමාන වාණිජ බැංකු බොහෝමයකට සාපේක්ෂව සම්පත් බැංකුව සිය ශක්තිමත් වූ වත්කම් වල ගුණාත්මක භාවය තවදුරටත් තිරසාරව පවත්වා ගැනීමට සමත්ව තිබේ. (2012 පළමු අර්ධය අවසානයේදී දළ අක්‍රීය ණය අනුපාතය සියයට 2.5 කි.). මේ සඳහා බැංකුවේ දැඩි ණය පාලනය මෙන්ම උකස් ණය අත්තිකාරම්වල (රත්‍රන් ඇපයට තැබූ) අක්‍රීය ණය අනුපාතය අවම වීම හේතුවී තිබේ. (2011 අවසන් වනවිට උකස් ණය ප්‍රමාණය සමස්ත ණය වලින් සියයට 22 කි.) දේශීය වශයෙන් සලකන විට, 2012 පළමු අර්ධය අවසානයේදී බැංකුවේ අක්‍රීය ණය මත විශේෂිත වෙන් කිරීම් අනුපාතය ඉහල අගයක් ගත අතර එය අක්‍රීය ණය ප්‍රමාණයෙන් සියයට 73 ක් ලෙස පැවතිනි.කෙසේවෙතත්, ෆිච් ආයතනය විශ්වාසය කරන්නේ වත්කම් වල ගුණාත්මකභාවයට අවදානමක්, පොලී අනුපාතයන්ට වඩාත් සංවේදී පාරිභෝගික/සිල්ලර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගනුදෙනුකරුවන් යන කාණ්ඩ වලින් සහ විදේශීය අංශයේ පීඩනයන්ට යටත් ආනයන හා අපනයන අංශ වලින් පැමිණිය හැකි බවයි.

මහ බැංකුව විසින් බැංකුවල වාර්ෂික ණය වර්ධනය සඳහා පනවා තිබෙන සීමාව නිසා සම්පත් බැංකුවේ ණය වර්ධනය 2012 වසරේදී සීමාවනු ඇති නමුත් එය සියයට 23 ක් වන ඉහළ සීමාවට සමීපව පවතිනු ඇතැයි ෆිච් ආයතනය බලාපොරොත්තු වේ. 2009 වසරේ සිට සිදු වූ බැංකුවේ ශාඛා ජාලය වර්ධනය වීම තුලින්, බැංකු අංශයේ ණය වර්ධනය ඉක්මවා යමින් සම්පත් බැංකුවේ සිදුවූ ඉහළ ණය වර්ධනය හා සැසඳීමේදී (2011 ණය වර්ධනය සියයට 36 කි. 2010 ණය වර්ධනය සියයට 30 කි.) මෙය වෙනස් තත්ත්වයකි. බැංකුවේ ණය ගොනුව ප්‍රධාන වශයෙන් පාරිභෝගික/සිල්ලර කාණ්ඩයට තවදුරටත් අනාවරණය තිබෙනු ඇති බව පෙනෙන්නට තිබේ. (2011 අවසන් වනවිට මෙය සියයට 52 කි.)

සම්පත් බැංකුව 1986 දී පිහිටවූ අතර මෙය මෙරට පස්වන විශාලතම දේශීය බැංකුවයි. 2011 අවසන් වනවිට මෙරට බැංකු අංශයේ වත්කම් වලින් සියයට 5.9 ක් සම්පත් බැංකුව සතු වූ අතර දිවයින පුරා එහි ශාඛා 206 ක් පැවතුණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=1539291742

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum