අන්තර්ජාතික වශයෙන් තම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වෙනස්‌කම් සිදුකිරීමට නෙස්‌ලේ සමූහය කටයුතු කර තිබේ. එම වැඩපිළිවෙළ යටතේ නෙස්‌ලේ ලංකා PLC හි වත්මන් කළමනාකාර අධ්‍යක්‌ෂක අලොයිස් හොෆ්බවර් මහතා මැලේසියා සහ සිංගප්පූරු කලාපයේ නෙස්‌ලේ මෙහෙයුම් ප්‍රධානී වශයෙන් පත්කරනු ලැබ තිබේ. හොෆ්බවර් මහතා 2013 පෙබරවාරි 01 වැනිදා නව තනතුරෙහි රාජකාරි භාරගැනීමට නියමිතය.
වර්තමානයේ නෙස්‌ලේ සමූහයේ දකුණු ආසියානු කලාපීය අලෙවි ප්‍රධානී ලෙස කටයුතු කරන ගනේෂන් අම්පලවානර් මහතා විසින් අලොයිස් හොෆ්බවර් මහතාගෙන් හිස්‌වන නෙස්‌ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂක තනතුර භාරගනු ඇත. නෙස්‌ලේ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අතිදක්‌ෂයෙකු වන අම්පලවානර් මහතා මැලේසියානු ජාතිකයෙකි. 1991 වර්ෂයේදී නෙස්‌ලේ මැලේසියා සමාගම සමග සම්බන්ධවූ අම්පලවානර් මහතා සමාගමේ වෙළෙඳනාම කළමනාකරණයෙහි සුවිශේෂ තනතුරු ගණනාවක් සාර්ථකව හොබවමින් රසවත් ආහාර අංශයේ වාණිජ කළමනාකරු තනතුර දක්‌වා සුවිශේෂ ගමනක් පැමිණි වෘත්තිකයෙකි. 2003 වර්ෂයේදී නෙස්‌ලේ මැලේසියා සමාගමේ අලෙවි අධ්‍යක්‌ෂක ලෙස පත්වූ අම්පලවානර් මහතා 2008 දී වර්තමානයේදී ඔහු දරණ තනතුර භාරගනිමින් ජාත්‍යන්තර වශයෙන් නෙස්‌ලේ සමාගමේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලදී.
http://www.divaina.com/2012/12/13/velanda02.html