සිරිසේන මහතා ජනපති කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය ලබා දෙන මෙම දෙදෙනාගේ ඉතිහාසය පිළිබඳ විමසා බැලිය යුතුමය. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති ධූරයට පැමිණ වැඩි කලක් ගත වීමට පෙර තවක්කාල් ගනුදෙනුව සහ ප්‍රංශ දුම්රිය ධාවක ගනුදෙනුව පිළිබඳ දැවැන්ත චෝදනාවන්ට ලක් විය. එමෙන්ම එයාර් ලංකා, ටෙලිකොම් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ආයතන පෞද්ගලීකරණයේ දී දැවැන්ත දූෂණ සිදු වුණු බවට පොදු පිලිගැනීම විය. රක්ෂණ සංස්ථාව පිළිබඳ ගනුදෙනුව අහෝසි කර චන්ද්‍රිකා මැතිණිය දඩයකට යටත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කලේය. එමෙන්ම අද “වෝටර්ස් එජ්“ හෝටලය පවතින ඉඩම ද ඇයගේ පෞද්ගලික මිතුරෙකුට කුණු කොල්ලයට ලබා දී ශ්‍රේෂ්ඨාධිකරණය යළි රජයට ලබා දුන්නකි. ඇය සිය පාලන කාලය තුළ දී සිදු කළ දූෂණ පිළිබඳ කදිම විස්තරයක් වික්ටර් අයිවන් මහතාගේ “චෞර රැජින“ පොතේ අඩංගු වේ. මෙවැන්නියක නායකත්වයේ තබා ගෙන බිහි කළ හැකි යහ පාලනයක් තිබේ ද?
වික්‍රමසිංහ මහතාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි හැසිරීම අද ලෝක වාර්තාවක් බවට පත් වී තිබේ. බලය සමග විසි වසරකට වඩා රටවල් පාලනය කළ ඒකාධිපතිහු ලොව සිටිති. නමුත් බලය නොමැතිව අඛණ්ඩව මැතිවරණ පරාද වෙමින් ප්‍රධාන විපක්ෂයේ නායකත්වය විසි වසරක් රැක ගත් ලොව එකම නායකයා ඔහුයි. ඔහු ඒ සඳහා තමන්ට එරෙහිව එන බලවේග සියල්ල කුරිරු ලෙස මර්දනය කලේය. ඔහුව ප්‍රශ්න කරන පක්ෂයේ නායකයින්ගේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය අහිමි කරමින් ද ආසන සංවිධායක ධූර වලින් නෙරපමින් ද මැතිවරණ වලට තරග කිරීමේ අවස්ථා අහිමි කරමින් ද පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් ද ඔවුන් පක්ෂයෙන් ඉවත් වන බවට ඔහු වග බලා ගත්තේය. තමන්ට එරෙහිව සංවිධානය කළ පෙලපාලි කුරුඳු පොලු ප්‍රහාරයන් හරහා මර්දනය කිරීමට පවා ඔහු එඩිතර විය. එවැන්නෙකු සමග බිහි කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ ද?
මෙම දෙදෙනාම මව්බිම පාවා දීමේ කළු ඉතිහාසයක් ඇති අයයි. ලංකාව ෆෙඩරල් (සන්ධීය) කිරීමේ සැලසුම සමාජගත කලේ චන්ද්‍රිකා මැතිණියයි. කොටි සවිමත් කළ 1995 සටන් විරාම ගිවිසුම අත්සන් කලේ ද ඇයයි. වික්‍රමසිංහ මහතා විසින් චන්ද්‍රිකා මැතිණිය නැවැත්වූ තැනින් අරඹා ලංකාව සන්ධීය රාජ්‍යයක් කිරීමට කොටි සමග එකඟ වූවේය. එමෙන්ම රට පාවා දීමේ කූටප්‍රාප්තිය වූ 2002 ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් තැබුවේ ද ඔහුය. එබැවින් මෙම දෙදනා සිංහල ජාතික ව්‍යාපාරය විසින් හඳුන්වනු ලැබුවේ නූතන දෝන කැතරිනා සහ දොන් ජුවන් ලෙසයි.
මේ අනුව පෙනී යන්නේ විපක්ෂයේ අපේක්ෂක සිරිසේන මහතා මෙහෙයවනු ලබන්නේ යහ පාලනයෙන් පිරිහිණු බෙදුම්වාදයට කත් ඇද්ද රටට හතුරු බලවේග බවයි. නමුත් අද විපක්ෂයේ තර්කය වී ඇත්තේ චන්ද්‍රිකා - රනිල් ජෝඩුව මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දුන්නත් සිරිසේන මහතා ජය ගැනීමෙන් පසු ඔවුන් නොසලකා සිය කැමැත්ත අනුව රට පාලනය කරනු ඇති බවයි. ලංකාවේ ඇත්තේ ලොව බලවත්ම ජනපති ධූරය බැවින් එසේ හැසිරීමට ඔහුට හැකි වනු ඇතැයි ඔව්හු වැඩි දුරටත් පවසති. නමුත් එය මිත්‍යාවකි.
ලංකාවේ ඇත්තේ පූර්ණ ජනපති ක්‍රමය නොව ප්‍රංශ ක්‍රමය ලෙස ද හැඳින්වෙන අර්ධ ජනපති ක්‍රමයයි. එබැවින් රටේ සැබෑ පාලකයා වන්නේ ජනපතිවරණ ජයග්‍රාහකයා නොව පාර්ලිමේන්තු බහුතර බලය දිනා ගන්නා අයයි. එබැවින් ජනාධිපතිවරයාගේ පක්ෂයට පාර්ලිමේන්තු බලය තිබෙන තුරු ඔහු සැබැවින්ම බලයෙන් සපිරි ජනාධිපතිවරයෙකි. නමුත් ඔහුට පාර්ලිමේන්තු බලය අහිමි වූ විට නාමික ජනාධිපතිවරයෙකු බවට පත් වේ. 1978 ව්‍යවස්ථාව යටතේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ 1989 දීය. පසුගිය විසිපස් වසරට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බලය අහිමි වුණු අවස්ථා තුනක් උදා විය.
1994 අගෝස්තු මාසයේ දී එජාපයේ ඩී බී විජේතුංග මහතා ජනපති ධූරයේ සිටිය දී පාර්ලිමේන්තු බලය පොදු පෙරමුණේ චන්ද්‍රිකා මැතිණියට හිමි විය. ඉන්පසු ලොව බලගතුම ජනපති යැයි පැවසුණු විජේතුංග මහතා නාමමාත්‍ර ජනපතිවරයෙකු වී අගමැතිනි චන්ද්‍රිකා රට පාලනය කරන ආණ්ඩු ප්‍රධානි බවට පත් විය. 2001 සැප්තැම්බර් මස මුස්ලිම් කොංග්‍රසය විපක්ෂයට එකතු වීමෙන් චන්ද්‍රිකා ජනපතිනියට පාර්ලිමේන්තු බලය අහිමි විය. එහි දී පාර්ලිමේන්තු බහුතරය අත්කර ගැනීම සඳහා ඇයගේ සහයට පැමිණියේ මන්ත්‍රිවරු 10ක් සිටි ජවිපෙය. ජවිපෙ සමග එක් වී චන්ද්‍රිකා ජනපතිනිය රට පාලනය කළ යුගය හැඳින්වූයේ පරිවාස ආණ්ඩු සමය ළෙසයි. එම යුගයේ දී රූකඩයක් ලෙසින් ජවිපෙ නියම කරන අයුරින් රට පාලනය කිරීමට ඇයට සිදුවිය. මෙය තව දුරටත් ඉවසා ගැනීමට නොහැකි වුණු ඇය පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය.
2001 දෙසැම්බර් පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය හිමි වූයේ එජාපයට බැවින් එහි නායක වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් විය. ඒ සමගම චන්ද්‍රිකා ජනපතිනියගේ ධූරය නාමමාත්‍ර විය. එවකට ඇයගේ පරම හතුරා ලෙස සැලකූ එස් බී දිසානායක මහතාට ඇමති ධූරයක් ඇයගේ අතින් පිරිනැමීමට සිදුවිය. එමෙන්ම අගමැති විසින් 2002 දී කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹි අවස්ථාවේ ද 2003 දී ලංකාවේ අනාගතය තීරණය කිරීමට ජාත්‍යන්තර සමුළුවක් ජපානයේ පැවැත්වූ අවස්ථාවේ ද නිහඬව බලා සිටීමට ජනපතිනියට සිදුවිය.
ඉහත නිදසුන් තුන පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු බලය අහිමි විට ලංකාවේ ජනපති ධූරය පාර්ලිමේන්තු බලය හිමි පිරිසේ රූකඩයක් බවට පත් වන බවයි. සිරිසේන මහතා මෙවර ජනපතිවරණය ජයග්‍රහණය කළොත් ඔහුගේ පාලනයට අවශ්‍ය පාර්ලිමේන්තු බලය ලැබෙන ආකාරය මදක් විමසා බලමු. එදා බණ්ඩාරනායක මහතා එජාපය හැර යන විට 9 දෙනෙක් ඔහු පසු පසින් පැමිණියහ. මෑතක දී කරු ජයසූරිය මහතා මහතා එජාපය හැර යන විට ඔහු සමග පැමිණි පිරිස 17කි. නමුත් සිරිසේන මහතා සමග කිසිවෙක් ශ්‍රිලනිපයෙන් ඉවත් නොවිණි. අවම වශයෙන් ඔහුගේ නායකත්වය යටතේ පැවැති පොලොන්නරුව දිසාවෙන් වත් මන්ත්‍රිවරයෙක් දිනා ගැනීමට ඔහුට නොහැකි විය. ශ්‍රිලනිපයෙන් මන්ත්‍රිවරු දිනා ගත්තේ චන්ද්‍රිකා මැතිණියයි.
සිරිසේන යුගයේ ඔහුට අවශ්‍ය පාර්ලිමේන්තු බලය ලැබෙන්නේ රනිල්ගේ නායකත්වයෙන් යුත් එජාප මන්ත්‍රින් 47 දෙනාගේත් සම්බන්දන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ සංධානයේ මන්ත්‍රින් 16 දෙනාගේත් චන්ද්‍රිකාගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිප මන්ත්‍රින්ගෙනුත්ය. ඒ අනුව 2001 දී ජවිපෙ චන්ද්‍රිකා මැතිණිය රූකඩයක් සේ නැටවූ අයුරින්ම මෙවර චන්ද්‍රිකා-රනිල්-සම්බන්දන් හවුල විසින් සිරිසේන මහතා නටවනු ඇත. ඒ අනුව සිරිසේන මහතා ජයග්‍රහණය කළොත්
දෙමළ සංධානයේත් බටහිර තානාපති කාර්යාල වලත් ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙසයි. එමෙන්ම යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රණවිරුවන්ට දඬුවම් කරන ලෙසයි. රනිල් සහ චන්ද්‍රිකා උග්‍ර පෙඩරල්වාදින් වන අතර සම්බන්දන්ගේ දෙමළ සංධානය ක්‍රියා කලේ බෙදුම්වාදි ත්‍රස්තවාදින්ගේ දේශපාලන අංශය ලෙසයි. එබැවින් බෙදුම්වාදය සවිමත් කරන රට ෆෙඩරල් කිරීමේ ව්‍යපෘතියක් බොහෝ දුරට දියත් කරනු ඇත. එබැවින් සිරිසේන මහතාගේ ජයග්‍රහණය යනු බෙදුම්වාදින්ගේ ජයග්‍රහණයකි. මේ අනුව ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බෙදුම්වාදි, දූෂිත මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි නායකයින් පිරිසක් රටේ බලය අත්පත් කර ගැනීමට සිරිසේන වෙස් මුහුණ බැඳගෙන ඇති බව පෙනී යයි.