කොටි නායක ප‍්‍රභාකරන්ට බෝම්බ ගහලාවත් වට්ටන්න බැරි වුණු මෙරට ආර්ථිකය රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව බැඳුම්කර මගඩියෙන් වට්ටා ඇති බවත් ඊට වගකිවයුතු අගමැති රනිල් ජීවිතාන්තය තෙක් හිරේ දැමිය යුතු බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.
‘කලකට පෙර ප‍්‍රභාකරන් බෝම්බ ලොරියක් කොටුවට එව්වා. ඒක ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට හෝ තවත් වැදගත් පුද්ගලයෙක් ඝාතනයට නොයවා ප‍්‍රභාකරන් මේක යැව්වේ මහ බැංකුවට. මහ බැංකුව පිපිරෙව්වා. ඒත් බැංකුවේ දත්ත ගබඩාවට හානියක් නොවී බේරගන්න සමත් වුණා. එනිසාම පසුවදාම මහ බැංකුව රාජගිරියේ ගොඩනැගිල්ලක පටන් ගත්තා. ප‍්‍රභාකරන් බලාපොරොත්තු වුණ ආර්ථික බිදවැටීම මහ බැංකුව පුපුරුවලා ඒ විදිහටම සිදුකරන්න බැරි වුණා. ඒත් ප‍්‍රභාකරන්ගේ බෝම්බයෙන් කරන්න බැරි වුණ දේ බැදුම්කරයෙන් කළා. මේ වැරදට රනිල් වික‍්‍රමසිංහ ජීවිතාන්නතය තෙක් හිරේ දැමිය යුතුයි’ යයිද ඔහු කියා සිටියේය.
උපුටා ගැනීම :
1996 දී ප්‍රභාකරන් ගහපු මහ බැංකු බෝම්බයෙන් රජයට සිදුවූ මූල්‍යමය අලාභය:
රුපියල් මිලියන් 380.5 යි
ජීවිත හානි 91 යි. තුවාල කරුවන් 1400 යි.
2015 දී මහේන්ද්‍රන් (සමග සහායට රවීන්ද්‍රන් හා පොනීන්ද්‍රන් ) ගහපු බෝම්බයෙන් ඉදිරි වසර 30 දක්වා සිදුවන අලාභය:
මිලියන් 30000 -50,000 අතර !
මේ දැවැන්ත අලාභය බලපාන ජීවිත සංඛ්‍යාව කෝටි 2 යි.
මේ හානිය ගැන තාම ලංකාවේ බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ. බිලියන් 10 ක් (මිලියන් 10,000ක්) වැඩි පොලියට වසර 30 ක්ණය ගත්තම වසර 30ක් තිස්සේ මහජන මුදලින් perpetual සෙකියුරිටීස් වෙත ගෙවන පොලිය පමණක් මිලියන් 33,000 යි.
ගෙවන පොලිය පමණක් මහ බැංකු බෝම් බය මෙන් 86 ගුණයක් !
උපුටා ගැනීම අවසන්.
Note: I think Perpetual has already sold most of their bills and recorded huge profit.