පසුගිය දින දෙක තුල ඉතා විශාල ජනකායක් එහි පැමිණීමෙන් ජනතාව තුල මේ ගැන ඇති උනන් දුව පැහැදිලි වේ.
ඇතුලේ වාහන ගාල් පිරී යන තරමට වාහන එයි.
අද සතියේ දිනක් බැවින් ජනගහනය අඩු විය හැක.
වස විස නැති ආහාර නිශ්පාදනය සඳහා හොඳ අනාගතයක් ඇති බව පෙනේ. පැරණි වී වර්ග වවන අය බොහෝ සිටින බව එහි ගිය අපට පෙනුණි.
විස වල් නාශක, විස රසායන නොයොදා හදන වැඩි දියුණු නොකල පැරණි සහල් කිලෝව රු. 150 හෝ ඊටත් වැඩි මිලට මිල වී ඇත.
අද වී වගාවේ වල් පාලනය සඳහා වල් නාශක නොයොදා නම් තෙවරක් සී සෑම සඳහා අක්කරයකට රුපියක් 14,000 - 15,000 ක් වැයවේ. ඉතින් ගොවීන් කරන්නේ දැඩි විස සහිත වල් නාශක යෙදිම සමග එක් වරක් සී සෑමෙන් වැඩේ කර ගැනීමය. ඉන් රුපියල් 8000-10,000 ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවේ.
නමුත් මින් පරිසරයද ආහාරයද විස වන බව පැහැදිලිය. කන්නයක් පාසා මෙය සිදුවන විට විස සාන්ද්‍රන එන්න එන්නම අධික වී විස සහල් නිපද වේ.
මේ නිසා වස රසායන නොයොදා කරන ගොවිතැනට ඉතා ඉහල ඉල්ලුමක් ඇතිවෙමින් පවතී
---
එහිදී සිදුවු තවත් වැදගත් කාරණයක් නම් තාමත් අපේ ජනතාව ගේ සිත් වල සිටින ජාතියේ නායකයා කවුද යන්න චන්දයෙන් පත් වූ ජනාධිපති වරයා ඉදිරියේම නැවත වරක් හෙලි වීමයි.
මෙය පසුගිය කොළඹ නගර සභා සංවත්සරය ආදී බොහෝ අවස්ථා වල සිදුවූ දෙයම වූ බැවින් ජනපතිටද එතරම් අමුත්තක් නොවුනා යැයි සිතන අතර පිලිගනීමේ කථාව කළ ස්ථිර ලේකම් වරයාට තමන් ගේ නායකයා වෙන අයකු යැයි තේරුනේද අන් අය බාධාකිරීමෙන් පසුවය.