වාහන මිල පිලිබද පසුගිය 26 වෙනිදා සිට සිදුවු සංශෝධන හේතුවෙන් ඇන්ජින් ධාරිතාව සි.සි. 1000ට වඩා අඩු මෙරටට ආනයනය කරන සියලුම පාවිච්චි කල ජපන් සහ ඉංග්‍රිසි වාහනවල මිල රුපියල් ලක්ෂ 2 1/2 – 3 පමණ අඩුවන බව එවැනි වාහන ආනයනකරුවෝ පවසති.
පාවිච්චි කල වාහන ආනයනය කරන ප්‍රකට සමාගමක් වන රත්මලාන ඔටෝමොබයිල් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ ආනයන කලමණාකරු හිරාන් කුරේ පවසන්නේ මෙයට හේතුව වන්නේ මෙම වාහන වලට මුලින් දී පසුව නවතා දැමු ක්ෂය වීමේ ක්‍රමය යලි බලාත්මය කිරීම බවයි. මේ අනුව වසර තුනක් පාවිච්චි කල වාහන යලි ආනයනය කරන විට එවායේ වටිනාකමෙන් 85%ක් ක්ෂය කිරිම පසුගිය 26 දා සිට ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව Wagon R C.C 660 වාහනය රුපියල් ලක්ෂ 15 සිට 12 1/2 දක්වාද Hustler C.C 660 වාහනය රුපියල් ලක්ෂ 17 සිට 14 දක්වාද ජපන් ඇල්ටෝ වාහනය රුපියල් ලක්ෂ 22 සිට 18 දක්වා ලක්ෂ 4කින්ද අඩුවී තිබේ.
පහත දැක්වෙන පසුගිය පුවත් සදහා ඔබ කැමති දැයි බලන්න