නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව මගින් මෙම තීරණයට එළැඹ ඇති බවයි.
කුකුල් මස් නිෂ්පාදන වියදම ඉහළ යෑම වැළැක්වීමේ පියවරක් ලෙස සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ආනනයනයට අවසර ලබාදෙන බව එම අමාත්‍යංශය පවසයි.
කිලෝග්රෑ මයක් රුපියල් 52යි ශත50 බැගින් සතොස හරහා මිල දී ගෙන රුපියල් 45ක සහන මිලක් යටතේ සත්ව ආහාර නිෂ්පාදකයින් හට බඩ ඉරිඟු තොග ලබාදීමටද පියවර ගන්නා බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.
පසුගිය දා කුකුලු මස් නිෂ්පාදන සඳහා රජය පාලන මිලක් නිකුත් කළද එම මිලට කුකුලු මස් නිෂ්පාදන අලෙවි කල නොහැකි බවට ව්‍යාපාරිකයින් ප්‍රකාශ ඉදිරිපත් කරන ලදී.
කෙසේවෙතත් පාලන මිල උල්ලංඝණය කරමින් භාණ්ඩ අළෙවි කරන වෙළදුන් සොයා තවදුරටත් වැටලීම් සිදුකිරීම පිළිබදව ද, අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවධානය යොමු වූ බව මුදල් අමාත්‍යංශය පවසයි.
http://sinhala.adaderana.lk/news/62707/%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80-%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB-%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B6%E0%B6%A9-%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%92