FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by D.G.Dayaratne Yesterday at 7:28 am

» hSenid Business Solutions(HBS)
by K.R Fri May 17, 2024 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Thu May 16, 2024 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

සැබවින්ම කොටස් වෙළෙඳ පොළ තුළ මේ දිනවල පවතින්නේ කඩා වැටීමක්ද?

2 posters

Go down  Message [Page 1 of 1]

ravindu7silva


Stock Analytic
Stock Analytic

සැබවින්ම කොටස් වෙළෙඳ පොළ තුළ මේ දිනවල පවතින්නේ කඩා වැටීමක්ද? 


පසුගිය සතියේ පළවුණු ඇතැම් මාධ්‍ය වාර්තා මගින් සඳහන් කර තිබුණේ කොටස් වෙළෙඳ පොළ විශාල ලෙස පහළ වැටී ඇති බවකි. එම පුවත් තුළ පසුගිය වසරක පමණ කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළ වැටීම පමණක්ම සාකච්ඡා කර තිබීමද කැපී පෙනෙයි. ඒ අනුව, කොළඹ ‌කොටස් වෙළෙඳ පොළේ හැසිරීම පිළිබඳ විවිධ පුද්ගලයන් විවිධ මත පළ කරන ආකාරය අපි කාලයක සිට දැක ඇත්තෙමු. මේ සියලු කාරණා මූලික කරගනිමින්, මෙවර 'දැනුමෙන් ආයෝජනයට' ලිපියෙන් අපි ඔබට පහදා දීමට උත්සහ කරන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව ඔබ බුද්ධිමත්ව විමසා බැලිය යුතු විස්තරයකි.
5%ක පහළ වැටීම කඩා වැටීමක්ද?
කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වසරට මේ දක්වා 5%කින් පහළ වැටී ඇත. වසර ආරම්භයේදී ඒකක 6,894 ක්ව පැවති සමස්ත මිල දර්ශකය මේ වනවිට සටහන් වී ඇත්තේ ඒකක 6,547ක් ලෙසිනි. එසේ 5%ක පහළ වැටීම කඩා වැටීමක් ලෙස හඳුන්වා දිය නොහැක. කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වසරේ මාර්තු මාසය වනවිට ඒකක 5,862 දක්වා මේ වසරට 15%කින් පමණ පහළ වැටී තිබුණි. මේ පහත වැටීමට බලපෑ කාරණා බොහෝමයක් අප විසින් මෙම 'දැනුමෙන් ආයෝජනයට' ලිපි පෙළ මගින් බොහෝ විට දක්වා ඇත. ලෝක ආර්ථිකයේ ඇතිවී තිබෙන තත්ත්වය, චීනයේ ආර්ථික කඩා වැටීම, ඇමරිකාව විසින් තම පොලී අනුපාත ඉහළ දැමීම, ලෝක තෙල් මිල නොකඩවා පහළ වැටීම, යුරෝපයේ ඇති වී තිබෙන සංක්‍රමණික ගැටලු, IS ත්‍රස්ත තර්ජන යන කාරණා කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළ වැටීමට බලපෑ විදේශීය කාරණා වේ. මේ කාරණා සියල්ලම විදේශීය ආයෝජකයන්ගේ හැසිරීමට බලපානු ලබයි. එමෙන්ම දේශීය වශයෙන් පොලී අනුපාත ඉහළ නැගීම සහ රුපියල අවප්‍රමාණය වීම යන කාරණාද කොළඹ කාටස් වෙළෙඳ පොළ පහළ වැටීමට බලපා ඇත.

ලොව කොටස් වෙළෙඳ පොළවල් මෙන්ම ඉහළට
කෙසේ වෙතත්, මාර්තු මස සිට මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉහළ නැගීම 11%ක් පමණ වේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළ වැටීම පිළිබඳව කතා කරන බෙහෝ අය මෙම 11%ක ඉහළ නැගීම පිළිබඳව කතා කරනු නොලබයි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ කොළඹ කොටස් වෙළෙඳ පොළ කඩා වැටී ඇති බවට මතයක් ගෙන යාමට උත්සාහ කිරීම පමණක් බව එහිදී හැඟීයන කාරණයකි. එමෙන්ම ජූලි මස සිට මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ වාර්තා වී ඇති ශුද්ධ විදේශීය ගැනුම් ප්‍රමාණය රු.බිලියන 2.1 ඉක්මවා යයි. පසුගිය මාස කිහිපය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සැලකිය යුතු ඉහළ නැගීමක් වාර්තා වී ඇති බව මෙම සංඛ්‍යා දත්තවලින් පැහැදිලි වේ. මෙම ඉහළ නැගීම අපට පමණක් පොදු වූවක් නොවන අතර, ලොව බොහෝ කොටස් වෙළෙඳ පොළවල් පසුගිය මාස කිහිපය තුළ සැලකිය යුතු ඉහළ නැගීමක් වාර්තා කර තිබේ. වසරේ මුල් මාස කිහිපය තුළ ඉතා විශාල පහළ වැටීමක් පෙන්නුම් කළ ලොව කොටස් වෙළෙඳ පොළවල් මේ වනවිට ඉහළ නගිමින් පවතී. ඒ අනුව පෙන්නුම් කරන්නේ අපගේ කොටස් වෙළෙඳ පොළද ලොව අනෙකුත් කොටස් වෙළෙඳ පොළවල් හා සමාන හැසිරීමක් මේ වසරේදී පෙන්නුම් කර ඇති බවය.


කබරගොයාත් තලගොයා කිරීමේ න්‍යාය
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මෙම හැසිරීම බොහෝ අය විවිධ අකාරයෙන් විදහා දක්වනු ලබයි. කොළඹ කොටස් වෙළෙඳ‌ පොළ පහළ වැටී ඇතැයි යන මතය පමණක් ගෙනහැර දැක්වීමට උත්සාහ කරන අය සිදුකරනු ලබන්නේ පසුගිය වසරක පමණ කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සංඛ්‍යාලේඛන ගෙන, කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළ වැටී ඇතැයි සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කිරීමකි. එහිදී ඔවුන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි පසුගිය මාස කිහිපය තුළ ඇතිවී ඇති ඉහළ නැගීම පිළිබඳව කතා කරනු නොලබයි. කොටස් වෙළෙඳ පොළ කඩා වැටී ඇතැයි යනුවෙන් මතයක් ජනතාව අතරට ගෙන යෑම දේශපාලනික උවමනා එපාකම් මත සිදුවෙනවා නම් එය රටක ප්‍රාග්ධන වෙළෙඳ පොළක් වෙත හිතාමතා සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශයක් විය හැකිය. එහිදී, ලොව අනෙකුත් කොටස් වෙළෙඳ පොළ හැසිරීම පිළිබඳවද ඔවුන් කතා නොකරයි. කන්න වුවමනා වූ විට කබරගොයාද තලගොයා වන බවට අප ජන සමාජයේ පුරාණ කියමනක් ඇත. මේ හේතුවෙන් මහජනයා අතර මතයක් ගොඩ නැගෙන්නේ පහළ වැටී ඇත්තේ අපගේ කොටස් වෙළෙඳ පොළ තුළ පමණක් බවටය. ඒ නිසා, ඔවුන් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ කිසිදු ධනාත්මක බවක් නොදැක, දේශපාලනික හෝ වෙනයම් කරණා මත අපගේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටී ඇතැයි යන පදය පමණක් වැයීම ආයෝජක ඔබ විසින් බුද්ධිමත්ව විමසා බැලිය යුතු කරුණක් බව පෙන්වාදීම වටී.


මහජනතාව වෙත පැහැදිලි පින්තූරයක් ලබාදීම
කොළඹ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව වර්ණනාවක් සිදුකිරීමට අවශ්‍ය නම් එහිදී සිදු කළ යුතු වන්නේ පසුගිය මාස 6 ක පමණ කාලය ගෙන එහි ඇති වී තිබෙන 11% වර්ධනය ගැන පමණක් කතා කිරීමය. කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි පසුගිය වසර දෙක තුළ ඇතිවූ පහළ යාම නොපෙන්වා මෙම 11%ක ඉහළ යෑම පිළිබඳව පමණක් කතා කළහොත් එයද කොළඹ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ පැහැදිලි පින්තූරයක් මහජනතාව වෙත ලබා නොදීමකි.
අප ඉහතින් සඳහන් කළ ආකාරයට කොටස් වෙළෙඳ පොළෙහි මෙම හැසිරීම අපටම පමණක් පොදු වූවක් නොවේ. ලෝක ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ කොටස් වෙළෙඳ පොළවල් පහළ යන විට අපගේ කොටස් වෙළෙඳ පොළද පහළ වැටුණ අතර පසුගිය මාස කිහිපය තුළ ලොව අනෙකුත් කොටස් වෙළෙඳ පොළවල් ඉහළ නගින විට අපගේ කොටස් වෙළෙඳ පොළද ඉහළ නගිමින් පවතී.


කොටස් වෙළෙඳ පොළ දෙස වපර ඇසින් නොබලමු
එසේම මේ වසරට දැනට වාර්තා වී ඇති ශුද්ධ විදේශ ආයෝජන ගලායාම් ප්‍රමාණය රු.බිලියන 3.9 කි. එනම් විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගත් වටිනාකමට වැඩියෙන් කොටස් විකුණා ඇත. එහෙත් පසුගිය මාස දෙකක කාලය තුළ රට තුළට ගලා ආ ශුද්ධ විදේශ ආයෝජන ප්‍රමාණය රු.බිලියන 2.1 කි. කොටස් වෙළෙඳ පොළ දෙස වපර ඇසින් බලන්නෙකුට වසර තුළ වාර්තා වී ඇති රු.බිලියන 3.9 ක ශුද්ධ විදේශ ගලායාම් ප්‍රමාණය ගැන පමණක් සඳහන් කර පසුගිය මාස දෙක තුළ වාර්තා වී ඇති රු.බිලියන 2.1 ක ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය ගැන කතා නොකර සිටිය හැකිය. එසේම එය වර්ණනා කරන්නෙකුට අවශ්‍ය නම් පසුගිය මාස දෙක තුළ වාර්තා වූ රු.බිලියන 2.1 ක ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය පිළිබඳව පමණක් කතා කළ හැකිය.
එමෙන්ම වසර මුල වාර්තා වූ රු.ට්‍රිලියන 2.93 ක් වූ කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකම මාර්තු මස මුල වනවිට රුපියල් ට්‍රිලියන 2.6 දක්වා පහළ වැටුණු අතර එය මේ වනවිට 2.78 දක්වා නැවත ඉහළ ගොස් ඇත.

රජයේ ආයතන කොටස් වෙළෙඳ පොළ වෙත පැමිණීම
කෙසේ වෙතත්, කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ඉදිරි පැවැත්මට බලපාන කාරණා කිහිපයක් ඇත. විශේෂයෙන්ම රජය ප්‍රකාශයට පත්කර ඇති ආකාරයට රජය විසින් රජයට ‌කොටස් අයිතිය ඇති සමහර ආයතන කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත කිරීම කොටස් වෙළෙඳ පොළට ඉතාමත් හිතකරව බලපානු ඇත. මෙම කොටස්, කොටස් වෙළෙඳ පොළ හරහා ගනුදෙනු වීම තුළින් කොටස් වෙළෙඳ පොළේ වටිනාකම ඉහළ නැගෙන අතරම කොටස් වෙළෙඳ පොළෙහි ද්‍රවශිලතාවද වැඩිවනු ඇත. රජය සතුව කොටස් ඇති සමහර සමාගම්වල කොටස් රජයට විකිණීමට අවශ්‍යනම් ඔවුන් ඒ සඳහා කළ යුත්තේ කොටස් වෙළෙඳ පොළ හරහා මෙම කොටස් විකිණීමය. එවිට එහි පාරදෘශ්‍යභාවයක් පවතී. එය රජයට මෙන්ම කොටස් වෙළෙඳ පොළටද හිතකරය. රජය විසින් එසේ සිදු කරන බවට දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.

මහ බැංකු පොලී අනුපාත වෙනස් නොකිරීමේ බලපෑම
එමෙන්ම මහ බැංකුව විසින් පසුගිය සතියේදී පොලී අනුපාත නොවෙනස් කිරීමට තීරණය කර ඇත. එයද කොටස් වෙළෙඳ පොළ පැවැත්මට හිතකරව බලපානු ඇත. පොලී අනුපාත සහ කොටස් වෙළෙඳ පොළ හැසිරීම අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවකි. එනම් පොලී අනුපාත ඉහළ නගින විට මහජනයා ඉහළ පොලී අනුපාත ඇති ඉතිරිකිරීම් හා ආයෝජන මාර්ගවලට යොමු වන අතර කොටස් වෙළෙඳ පොළින් ඉවත්වනු ලබයි. එමෙන්ම පොලී අනුපාත පහළ වැටෙන විට බොහෝ විට මහජනයා ඉහළ ප්‍රතිලාභයක් ඇති කොටස් වෙළෙඳ පොළ වෙත පැමිණෙනු ලබයි. මෙය ලෝකයේම පොදු ක්‍රියාවලියකි.
එමෙන්ම රජය බලාපොරොත්තු වන 5.5% ක ආර්ථික වර්ධන වේගය පවත්වාගත හැකිනම් එයද කොටස් වෙළෙඳ පොළ පැවැත්මට හිතකරව බලපානු ඇත.

කොටස් වෙළෙඳ පොළේ වර්ධනය පොදුවේ රටටයි
ශ්‍රී ලංකාවේ දැනට ආයෝජකයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටී. එමෙන්ම කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කළ හැකි ආයෝජකයන් විශාල ප්‍රමාණයක්ද සිටී. ඔවුන්ට අවශ්‍ය වන්නේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව නිවැරදි පින්තූරයෙකි. එසේ නොමැතිව තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා කොටස් වෙළෙඳ පොළේ හැසිරීම පිළිබඳව ඒකපාර්ශ්වීය තොරතුරු ලබාදීමක් නොවේ. කොටස් වෙළෙඳ පොළ ඉහළ යන්නේ නම් එය පොදුවේ රටටත්, ආයෝජකයන්ටත්, පාට පක්ෂ භේදයකින් තොරව ඉතා හිතකරව බලපාන බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි බව අවසාන වශයෙන් පැවසිය යුතුය.

සැබවින්ම කොටස් වෙළෙඳ පොළ තුළ මේ දිනවල පවතින්නේ කඩා වැටීමක්ද? Stock%20Market

http://www.ada.lk/article/181733/

sharemarket

sharemarket
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ravindu7silva wrote:
සැබවින්ම කොටස් වෙළෙඳ පොළ තුළ මේ දිනවල පවතින්නේ කඩා වැටීමක්ද? 


පසුගිය සතියේ පළවුණු ඇතැම් මාධ්‍ය වාර්තා මගින් සඳහන් කර තිබුණේ කොටස් වෙළෙඳ පොළ විශාල ලෙස පහළ වැටී ඇති බවකි. එම පුවත් තුළ පසුගිය වසරක පමණ කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ පහළ වැටීම පමණක්ම සාකච්ඡා කර තිබීමද කැපී පෙනෙයි. 

කොටස් වෙළෙඳ පොළේ වර්ධනය පොදුවේ රටටයි
ශ්‍රී ලංකාවේ දැනට ආයෝජකයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටී. එමෙන්ම කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කළ හැකි ආයෝජකයන් විශාල ප්‍රමාණයක්ද සිටී. ඔවුන්ට අවශ්‍ය වන්නේ කොටස් වෙළෙඳ පොළ පිළිබඳව නිවැරදි පින්තූරයෙකි. එසේ නොමැතිව තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා කොටස් වෙළෙඳ පොළේ හැසිරීම පිළිබඳව ඒකපාර්ශ්වීය තොරතුරු ලබාදීමක් නොවේ. කොටස් වෙළෙඳ පොළ ඉහළ යන්නේ නම් එය පොදුවේ රටටත්, ආයෝජකයන්ටත්, පාට පක්ෂ භේදයකින් තොරව ඉතා හිතකරව බලපාන බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි බව අවසාන වශයෙන් පැවසිය යුතුය.

සැබවින්ම කොටස් වෙළෙඳ පොළ තුළ මේ දිනවල පවතින්නේ කඩා වැටීමක්ද? Stock%20Market

http://www.ada.lk/article/181733/
පාලක පක්‍ෂය වෙනස් වූ පමනින් කොටස් වෙළඳපොල තනතුරු මාරු කිරීම ගැන කතා කිරීමට අමතක වී ඇති බවක් පෙනේ.

Back to top  Message [Page 1 of 1]

Similar topics

-

» උච්චාවචනවලින් ඉහළ ප්‍රතිලාභ මෙම වසරේ මුල් මාස දෙකෙහි පහළ වැටුණු කොටස් වෙළෙඳ පොළ තුළ මේ වනවිට නැවතත් යම්කිසි ආකාරයක වර්ධනයක් දක්නට ලැබෙයි. කොටස් වෙළෙඳ පොළ තුළ පසුගිය සති දෙකෙහිදී සැලකිය යුතු උච්චාවචන වාර්තා වුවත්, සැලකිය යුතු ඉහළ යාමක්ද සමහර දිනවල දක්නට ල
» මේ දවස්වල කොටස් වෙළෙඳ පොළ බැංකු කොටස් රැල්ලට හේතු ජාත්‍යන්තර Moody's වාර්තාවකින් හෙළි වේ!මෙන්න කියවන්න
» කොළඹ යුනියන් බැංකුවේ සම්පත් බැංකුව සතු ව තිබු කොටස් මිලියන 21.7 ක් අද ගිවිසගත් ගණු-දෙනුවක් මගින් ප්‍රකට ආයෝජක ට්.සෙන්තිල්වෙල් විසින් මිලදි ගත් බව කොටස් වෙළෙඳ පොළ වාර්තා කියයි.
» ඊයෙ කොටස් වෙළෙඳ පොල වැටුනද වැට්ටෙව්වද අහන
» සතියේ කොටස් වෙළෙඳ පොළ විවරණය:

Permissions in this forum:
You cannot reply to topics in this forum