වෙනත් ආසියාතික රටවලට ආයෝජන ගලා එද්දී මෙහෙ ආ කෙහෙල් මලක් නැත. ආයෝජකයන්ට ඒමට හිත හදා ගන්න තිබූ දේ දුර්වල වූවා මිස වර්ධනය නොවීය.
මේ තත්ත්වය හමුවේ අපට නොදැනී තවත් ව්‍යසනයක් සිදුවේ.
මෙතෙක් මේ රටේ පුද්ගලික අංශයේ ඉහල ආදායම් මට්ටම් වල සේවය කළ බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් මේ වන විට විවිධ රටවලට සංක්‍රමණය වීමේ යටි අදහසින් යුතුව විදෙස් රැකියා සොයමින් සිටිති.
දැනටමත් බෝහෝ දෙනෙකුට සංක්‍රමණ හෝ දිගු කාලීන වීසා මට්ටමින් රට හැර යාමට සූදානම් වෙති. ඒ විශේෂයෙන් තම දරුවන් ගේ අනාගතය සලකා බව ඒ අය ගේ පොදු මතයයි. උද්දච්ච මෝඩ පාලකයන්විසින් රටේ ප්‍රශ්න විහින් වැඩි කර ඉදිරි දේශපාලන ආර්ථික තත්ත්වය දරුණු වීම හමුවේ දෙමාපියන් තම දරුවන් ගේ අනාගතය ගැන කනස්සලු වීම පුදු මයක් නොවේ.
අන්තිමේ මේ රටේ ඉතුරු වෙන්නේ??.