FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Yesterday at 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Yesterday at 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ඔබ ආයෝජනය කරන්නේ ඇයි?

+3
K.Haputantri
amilaela
sameeramlc
7 posters

Go down  Message [Page 1 of 1]

sameeramlc

sameeramlc
Equity Analytic
Equity Analytic

කවුරුහරි මේ ප්‍රශ්නෙ ඔබෙන් ඇහුවොත් ඔයාට දෙන්න උත්තරයක් තියෙනවද?
ඔබට මේ ප්‍රශ්නෙට විවිධ උත්තර තියෙන්න පුළුවන්, ඒකට කමක් නෑ, හැබැයි උත්තරයක් නැති උනොත් නම් ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි. ආයෝජනය කරනව කියන්නෙත් හරියට වාහනයක් එලවනවා වගේ වැඩක්. ඔබට යම් ඉලක්කයක් තියෙන්න ඕනෙ, ඒ අතරම ඇස් දෙක ඇරගෙන එලවන්න ඕනෙ.
ආයෝජනය සඳහා පැහැදිලි අරමුණක්, හේතුවක් තිබීම, සාර්ථක ආයෝජනයකට අත්‍යවශ්‍යයි. හරියට ඔබ ඇඟ බස්සගන්න/හදාගන්න gym එකට යනවා වගේ. ඔබ හරි ඉලක්කයක් කරා වැඩ කරන්නෙ නැත්තම්, ඔබ ඔබගේ ක්‍රියාකාරකම් හා දියුණුව ගැන පරික්ෂාවෙන් ඉන්නෙ නැත්තම්, ආයෝජනය කියන එක අමාරු වෙන්න ඉඩ තියෙනව, අනතුරුදායක වෙන්නත් ඉඩ තියෙනව.

මෙම ලිපියෙන් අපි බලමු, සාමාන්‍යයෙන් කෙනෙක් ආයෝජනයක් කරන්න හේතු මොනවද කියල. ඒ එක්කම ඒ ඒ හේතු වලට පොඩි පොඩි උපදෙස් ටිකකුත් තියෙනව.

විශ්‍රාම දිවියට අත්වැලක් සපයා ගැනීම

කවුරුවත් දන්නෙ නෑ මේ විශ්‍රාම වැටුප් කවද නවත්තයිද කියල. පෞද්ගලික සේවකයින්ට නම් එහෙම එකක් ඇත්තෙත් නෑ නෙ. ආර්ථික උද්ධමනය හා මේ වගේ දේවල් තමා හේතු වෙන්නෙ කෙනෙක් තමුන්ගෙ අනාගතය, තමුන්ගෙ විශ්‍රාම දිවිය ගතකරන්නෙ කොහොමද කියල සැලසුම් කරන්න. කාලෙන් කාලෙට එක එක බදු එකතු වෙනව, ඒව ගැනත් හිතන්න ඕනෙ. මෙහෙම දේවල් එක්ක බැලුවම, ආයෝජනයක් කිරීම කියන්නෙ ඔබගේ විශ්‍රාම දිවිය කරදරයක් නැතුව ගත කරන්න හොඳ විසඳුමක්. මේක ගැන කතා කරනකොට මෙන්න මේ දේවල් ගැන කතා කරන්න වෙනව.
අදයි ඔබ විශ්‍රාම යන දිනයයි අතර කාලය බැලුවම තියෙන කාලය වැඩි නම් ඔබගේ මුදල් වර්ධනය වෙන්න තියෙන කාලයත් වැඩියි. මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි ඔබට උද්ධමනය එක්ක තරඟ කරන්නත් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත්, ඔබට උද්ධමනය පරද්දල ඉස්සරහට යන්න බැරි උනොත් ඔබේ මුදල් එතරම් වටිනාකමක් දරන එකක් නෑ. ඔබ ආයෝජනය අරඹන එක පසු කරන්න පසු කරන්න ඔබ ලක් වෙන අවදානම වැඩි වෙනවා. එතකොට ඔබට යන්න වෙන්නෙ ඒකක භාර, සුරැකුම් පත්, ණයකර වගේ අවදානම අඩු ආයෝජන ක්‍රම වලට. හැබැයි ඒවයින් ලැබෙන ලාභයත් අඩුයි. අනිත් පැත්ත බැලුවම, ඔබ තරුණ කාලෙම ආයෝජනයන් ආරම්භ කළොත් ඔබට පුළුවන් ඉහළ අවදානම් වලට යන්න. ඒ කියන්නෙ ලැබෙන ලාභයත් වැඩියි කියන එකනෙ. ඔබ ආයෝජනය ගැන ඉගෙන ගන්න ඉක්මනින් පටන් ගත්තොත් ඔබට වඩා පහසු වෙනව ඒව හොඳින් හදාරල තේරුම් ගන්න. ආර්ථික විශේෂඥයින්ගෙ උදව් ගන්න එක නම් කරදර වගේම වියදම් අධික කටයුත්තක්. ඒක නිසා පහසුම හා හොඳම දේ තමයි තමුන්ගෙ වැඩ ටික තමුන්ම කරගන්න එක.
විශ්‍රාම දිවිය සඳහා ආයෝජනයත් හරියට දිගු කාලීන ආයෝජනයක් වගෙයි. ඔබ ආයෝජනය කරන මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න ඕනෙ වඩා හොඳ ගැළපෙන කොටස් ටිකක් මිලට අරගෙන තියාගෙන ඉන්නයි. ඔබගේ විශ්‍රාම ආයෝජන කළඹ, විවිධ කොටස් වල මිශ්‍රණයක්, ණයකර, හා අනෙකුත් ආකාර වල ආයෝජන වලත් එකතුවක් විය යුතුයි. මෙම මිශ්‍රණය ටික ටික වෙනස් වේවි, ඔබ ටික ටික ඔබ මහළු වන විට ඒ ආයෝජන වල අවදානමත් ටික ටික අඩු වෙනවා.

ආර්ථික ඉලක්ක සපුරා ගැනීම

ඔබට හැම වෙලේම දිගුකාලීනව හිතන්න ඕනෙ නෑ. ආයෝජනයක් කියන්නෙ ඔබගේ අනාගත ආර්ථික මට්ටම වගේම වර්තමාන ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමටත් ඉතාම සුදුසු ක්‍රමයක්. ඔබට ඕනෙද ලබන වසරේ වාහනයක් ගන්න? නැත්තම් හොඳ ගෙයක් මිලට ගන්න? මේ හරහා ඔබට පුළුවන් ඒ ඉලක්කයන්ට ලං වෙන්න.
ඔබගේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමට ආයෝජනයන් සහය කරගන්න පුළුවන්. ඔබගේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ඉහළ නංවා ගන්නත් මේක හොඳ මාර්ගයක්. ආයෝජකයාගේ ඉලක්කය අනුව ආයෝජනයන් වෙනස් වෙන නිසා මේක විශ්‍රාම දිවියක් ගත කරන්න කරන ආයෝජනයකට වඩා වෙනස් වෙනවා.
මෙම ඉලක්කයට ගමන් කරන ආයෝජකයා කෙටි කාලීන හා දිගු කලීන දෙවර්ගයේම ආයෝජන වලට යොමු වෙන්න ඕනෙ. මම අර කිව්ව වගේ ලොකු දෙයක් කරගන්න ඕනෙ නම් දිගුකාලීන ආයෝජනයන්ට යන්න ඕනෙ, පොඩි දෙයක් නම් කරගන්න ඕනෙ, (අපි හිතමු පරිගණකයක් ගන්නව වගේ දෙයක්) එතකොට කෙටිකාලීන ආයෝජන හරහා ඒ ඉලක්කයට යන්න පුළුවන්.
මෙතනදි දෙන්න ඕනෙ අවවාදය තමයි ඔබගේ ඉලක්කයන් හරි හැටි හඳුනා ගන්න එක. ඔබ ආයෝජනයකින් බලාපොරොත්තු වෙන්නෙ ලබන අවුරුද්දෙ නිවාඩුවට පිටරටකට යන්න නම්, මුලින්ම පොඩ්ඩක් පැත්තකට වෙල ඉඳගෙන ඔබට යන වියදම් ටික බලන්න, ඊලඟට බලන්න මොන ආකාරයක ආයෝජන උපාය මාර්ගයකින්ද ඒ වියදම් වලට අවශ්‍ය මුදල් ලබාගන්න පුළුවන් කියල. ඔබට ඉලක්කයක් නැති නම් එම ආයෝජනයට වියදම් කරන මුදල් වලින් වෙනත් ප්‍රයෝජනය ගන්න පුළුවන්නෙ ආයෝජනය නොකර. (අළුත් අවුරුද්දට තෑගි අරන් දෙන්න වගේ)
ආර්ථික ඉලක්ක වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතාම අභියෝගාත්මක හා ක්‍රියාශීලී දෙයක් වෙන්න පුළුවන්. ඔබට තියෙන්නෙ සීමා සහිත කාලයක්. ඔබට ඔබේ ඉලක්කය කරා හැකි ඉක්මනින් යන්න ඕනෙ. ඔබ හුඟක් ලොකු මුදලක් ආයෝජනය කරන්නෙ නෑ, නමුත් ඔබ ආයෝජනය කරන මුදල මත අවදානමකුත් තිබෙනව. නමුත් අන්තිමේදි ඔබට හොඳ ගාණකුත් අතට ලැබෙනව.

ආයෝජනය නොකිරීමට හේතු

ආයෝජනය කරන්න අපි හේතු 2ක් කතා කළා. ඒ වගේම ආයෝජනය නොකරන්නත් හේතු 2ක් තිබෙනව. ණය තුරුස් හා දැනුම නොමැතිකම.
පලමු වැන්න ගැන හිතුවොත්, උදාහරණයක් ගමුකො. ඔබ රු.100,000ක ණයක් ගන්නව, 9%ක පොළියට. ඔබට ලැබෙනව තවත් රු.100,000ක්. ඔබ ඒක භාවිතා කරන්නෙ මොකටද? ආයෝජනය කරනවද, නැතිනම් ණය පොළිය ගෙවනවද? උත්තරය සරළයි, ඔබ අනිවාර්යයෙන්ම කරන්නෙ ණය ගෙවන එක. ඔබ ඒක ආයෝජනය කරනව නම් අනිවාර්යයෙන්ම 9%කට වඩා ලාභයක් ඔබේ ආයෝජනයෙන් ඔබ ලැබිය යුතුයි, ඒක ප්‍රයෝජනවත් වෙන්න.

දෙවන්න ගත්තොත්, දැනුම නැති එක. කතාවක් තියෙනවනෙ "දෙවියන් පය තියන්න බය තැන් වලට මෝඩයෝ පැනගෙන යනව" කියල. ඉතින් කිසිම දැනුමක් නැතුව ඔබ ආයෝජනය කරන්න පටන් ගත්තොත් ඒක විනාශයට මුල. ඔබගේ මුදල් ටික ඔක්කොම නැති වෙලා යාවි. ඔබ කවදාවත් gym එකට ගිහිල්ල, ඒකෙ තියෙන ලොකුම බර එකපාරම උස්සන්න යන්නෙ නෑ නෙ. එහෙම කළොත් වෙන්නෙ අතපය කඩා ගන්න තමයි. ටික ටික තමා උස්සන බර ප්‍රමාණය වැඩි කරන්න ඕනෙ. එහෙමම තමා ආයෝජනය කියන එකත්. ටික ටික ඉගෙන ගෙන ටික ටික ආයෝජනයන් වර්ධනය කරගන්න ඕනෙ.

අවසන් නිගමනය

මේ කිව්ව ටිකෙන් එන්න පුළුවන් අවසන් නිගමයන මෙන්න මේකයි.,
ඔබ ආයෝජනයක් අරඹනව නම් ඒකට හේතුව වෙන්නෙ ඔබගේ ජීවිතය සම්බන්ධ වෙනස්වීම්. ඒක ඉතාම වැදගත් දෙයක්. අනිත් පැත්ත තමයි කිසිම හේතුවක් නැතුව ආයෝජනය කිරීම, හැබැයි ඒකෙන් වෙන්නෙ ඔබගේ ක්‍රියාකාරකම් හරහා අවසානයේදී ඔබට පාඩු සිදුවෙලා දුක් වෙන්න වෙන එකයි. ඔබගේ ඉලක්කයන් කාලයෙන් කාලයට බලල ඒවට හේතු වෙනස් වෙද්දි ඒ ඉලක්කයනුත් ටික ටික වෙනස් කරගන්න ඕනෙ. කාලයෙන් කාලයට මේ ආයෝජනයට හේතුව මතක් කරල, ඔබ ඒ වෙනුවෙන් කොතරම් ප්‍රගතියක් ලබාගෙන තියෙනවද කියලත් බලන්න.
ආයෝජනය කරන්න කරන්න, ආයෝජනය කරන එක ලේසි වෙනව.

එහෙනම් වාසනාවන්ත ආයෝජනයකට සුභ පැතුම්!!!

http://www.guidetocse.com/2010/06/blog-post_19.html#axzz1ROlotLLD

amilaela

amilaela
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

good post

https://www.facebook.com/profile.php?id=100001851586843

K.Haputantri

K.Haputantri
Co-Admin

This is a very good article for new commers. Thank you.

Mal Baba

Mal Baba
Stock Analytic
Stock Analytic

සුපිරි කොල්ල පැහැදිලි වෙන්න ඕන ටික ලස්සනට පැහැදිලි කරල තියෙනවා

මෙහෙම ලිපි පළ කරන එක ගැන සතුටුයි.

https://www.37innovate.com

urajdrlk


Stock Trader

Good Post Smile

manula


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Thanks ...nice post...

bakapandithaya

bakapandithaya
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Thnkx mate, mama ayogane karanne tyana wedi pura salli katahari deela padu labanna, akath pinak neda Sad

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum